|

හොර්මුස් වැසීම කෙලවර ඉරාන පුජක පාලනය අවසානයද?

ලෝකයට අවශ්‍ය ඉන්ධන වලින් 20%-25% ප්‍රමාණයක් ලැබෙන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහාය. ඉරාකය  සෞදි අරාබිය කුවේටය බහරේනය කටාරය අරාබි එමීර් රාජ්‍යය යන රටවල් නිපදවන පෙට්‍රල් ඩීසල් ගෑස් ඉල්ලුම්කරුවන් වෙත ගෙන යන මාර්ගය වැටී ඇත්තේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහාය. 

 හොර්මුස්  සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු මාර්ගයකි. මුහුද පාලනය වන්නේThe United Nations Convention on the Law of the Sea (UNCLOS) යටතේය .

මෙම සමුද්‍ර සන්ධිය දෙපස රටවල්  තුනක් තිබේ  ඒ ඉරානය අරාබි එමීර් රාජ්‍යය සහ ඔමානයයි එබැවින්  හොර්මුස් සමුද්‍ර සන්ධියේ අයිතිය ඉරණයට පමණක් අයිති කරගත නොහැකිය. යුද්ධය ඇරඹීමෙන් පසු ඉරානය මේ සමුද්‍ර සන්ධිය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීම අරඹ තිබේ එය වස දැමු බව ඉරාන අන්තවාදී ආගමික පාලනය ප්‍රකාශයට  පත් කර තිබේ. නමුත් ඉතිහාසයේ කිසිදිනක හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා නැත. 

ආසියානු රටවලට ඇති බලපෑම.

එහි පාලනය ඉරානය බලහත්කාරයෙන් අල්ලාගෙන   තිබෙන තුරු ඉන්ධන විශේෂයෙන්ම  ආසියානු  රටවලට ලැබෙන්නේ නැත. තෙල් නිපදවන ගල්ෆ් රටවල් තමන්ගේ සතුරන් ලෙස සලකන බැවින් ඔවුන්ගේ තෙල් අපනයනය කිරීම වැලැක්වීම ඉරානයේ එක අරමුණක් බව පැහැදිලිය.

දකුණු කොරියාව, ජපානය, චීනය, ඉන්දියාව, සිංගප්පුරුව, තායිලන්තය, වියට්නාමය, පකිස්ථානය, පිලිපිනය  විශාල වශයෙන් ඉන්ධන ලබාගන්නේ ගල්ෆ් රටවලින් සහ ඉරාකයෙනි. ලංකාව ද තෙල් මිලදී ගන්නේ ගල්ෆ් රටවලින් තෙල් ආනයනය කරන සමාගම් වලින් බැවින් දැනටමත් ආණ්ඩුව තෙල් අලෙවිය සීමා කර තිබේ. චීනය ඉරානයේ ආගමික ඒකාධිපති පාලනයට දෙකට නැවී සහය දෙන බැවින් ඉරානය අඩු මුදලට චීනයට ඉන්ධන කලක් තිස්සේ ලබා දෙමින් සිටි. මේ පසුබිම යටතේ  ලොව පුරා  තෙල්  සහ ගෑස් මිල ඉහල යමින් තිබේ. 

හොර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානයට අයත් කරගැනීම වැළැක්වීම සඳහා ඇමරිකාව මැරීන් භටයන් 2500ක් සහ යුධ භටයන් 2500ක් සහිත යුධ නැවක් ගල්ෆ් කලාපය වෙත මේ වන විට ගෙන්වමින් තිබේ.  තවත් සති දෙකක් ගතවන විට හොර්මුස් සමුද්‍ර සන්ධියේ බලය ඉරානයෙන් ගලවා  ගැනීම සඳහා සටනක් ඇරඹීම  ස්ථිරය.

ආහාර හිඟයකටද හේතුවියහැකි බව.

ඉරානය මැරයෙකු ලෙස කටයුතු කිරීම නිසා  තෙල් ගෑස් පමණක් නොව  පොහොර හිඟයකටද අපට  මුහුණ දීමට සිදුවෙනු ඇත. මන්ද පොහොර නිෂ්පාදනය කිරීම සඳහා තෙල් පිරිපහැදු කිරීමේදී ලැබෙන අතුරු  නිෂ්පාදන අවශ්‍ය නිසාය. පොහොර හිඟයක් හෝ පොහොර නොමැතිවීම ආහාර නිෂ්පාදනය සම්පුර්නයෙන්ම පාහේ අඩපන කිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. ආහාර  නිෂ්පාදනය අඩපන වීම යනු හබරල අල කන යුගයක් උදාවීමය. 

ඉන්ධන හිඟය ක් ඇතිවීම යනු රටේ  සියලු නිෂ්පාදන අදාල වීමයි   විදුලිය නිපදවීමට ඉන්ධන අවශ්‍යවේ. ගල් අඟුරු පවා ආනයනය කිරීමය නොහැකි බව පෙනේ. විදුලිය නැති විට සියල්ලම පාහේ නැතිවේ. කොටින්ම අන්තර් ජාලයද අතුරු දහන්වේ.  ඉරාණය අතීතයට ගෙනයමින් සිටි ඉරාන  පුජක ඒකාධිපති රෙජීමය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන්  මේ පාර කපන්නේ ඉරානය පමණක් නොව ආසියානු රටවල් ද  15 වෙනි සියවසට ගෙනයමටය.

Bertie Ranaweerage.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *