චන්ද්‍රිකා හිර කිරීමේ කුමන්ත්‍රණය..!
සෝමවංශ වංශකථාව-අංක2
71 දි අගමැතිනි සිරිමාවෝ අත් අඩංගුවට ගන්න කුරුමානං අල්ලපු සෝමවංශ ඒක බැරි උන එකේ වාදුව ගන්න හැදුවෙ සිරිමගෙ දුව චන්ද්‍රිකාව හිර කරල. කුමන්ත්‍රණය මාකස් අබෙත් එක්ක සෝමවංශ වංශකථාව දෙවෙනි කොටසින්. අද කතාව ඒ ගැන.

1971 අප්‍රේල් 5 ද රෑ 10.30 ට බොරැල්ල රිට්ස් – Ritze – ෆිල්ම් හෝල් එක ඉස්සරහ තව ගැටව් දෙන්නෙක් එක්ක වයස 28 යි මාස 3 යි දවස් 4 ක හීංදෑරි පියකරු කොලු ගැටයෙක්, තනි නොතනියට කිරි ටිං බෝම්බ බෑග් එකකුත් එල්ලගෙන බලං ඉන්නව අනෙක් කිරි කෝඩු දෙතුන් දෙනා එනකං.
රොස්මිඩ් අමරෙ.
ඒ මක්කටෙයි?
රොස්මිඩ් එකට පැනල සිරිමව උස්සන්න.
වල් කමට වෙන්න ඇති ?
ටිල්වින්ල වගේ කියල හිතුවද? වල්කමට නෙවි මනුස්සයො, නිර්ධනපංති ආඥ්ඥාදායක රාජ්‍ය ස්ථාපිත කරන්න
අප්පට සිරි! යන්තං දැලි රැවුල් ආව විතරයි. කොහෙන් ආපු හයියක්ද?
මේක නේ. කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්ල පැල කරල , මාවෝ ල, කැස්ත්‍රෝල තෙල් පෝර වතුර දාල වැඩි දියුනු කරපු ” කොමියුනිස්ට්” ගහේ පස් පංගුව කලං 3 යි මංචාඩි 5 බැගින් ගෙන අට පත එකට සිඳුවා අනුපාන ලෙස දේශප්‍රේමය හා මානව දයාව බිංදු 3 බැගින් මිශ්‍ර කර පෙරා ගන්නා “සර්ව රෝග නිවාරණ” කසාය වඩි පහ බොනකොට හික් මීයෙක් උනත් කඟ වේනෙක් ගානට ජව සම්පන්න වෙනව.
අම්මප ! කාගෙද ඔය දේශීය වට්ටෝරුව?
දේශ බන්ධු , වාදීභසිංහ, සර්වරෝග විශාරද, වෛද්‍යාචාර්‍ය, ( න්‍යායාචාර්‍ය ) රෝහණ විජේවීරගෙ.
දැන් තේරුනා. ඒක නෙවි කවුද ඔය කොලු ගැටය?
කවුරු කියලද හිතන්නෙ?
දෙකක් නෑ.. ටිල්වින් .
ටිල්වින් ? මගෙන් කුණු හබ්බ අහගන්න එපා. සෝමවංශ හලෝ , සෝමවංශ අමරසිංහ.
අර මොකෝ හෝල් එක ඉස්සරහ මදුරුවො තල තල, දේශපාලන පිපාසෙ යන්නත් එක්ක “දැවෙන පිපාසෙ” ෆිල්ම් එක බලන්න තිබුන නේ. ගියේ නං නැකත එනකං ෆිල්ම් එක බල බල ඉන්න . කොහෙද කර්ෆිව් දැම්ම නේ හැන්දෑ වෙ. ෆිල්ම් එක නෑ.
අනේද කියන්නෙ.
මාර බඩු ටිකක් නේ. කර්ෆිව් දාපු බව දන්නෙ නෑ , ඒ උනාට රැජිණ ගෙ ආණ්ඩුව එක රැයෙන් උස්සල ඒරොප්පෙට විසික්ක කරල, නිර්ධන පංති ආඥ්ඥාදායක රාජ්‍ය ස්ථාපිත කරනව. පහුවදා , 6 ද , උදේ සූර්‍ය දිව්‍ය පුත්‍රය ඉර සේවය කරන්නෙ නිර්ධන පංතියට. අනේද කියන්නෙ!
හොඳයි ඒකත් එහෙමයි කියමුකො, ඔන්න රොස්මිඩ් ප්ලේස් එකට පනිනව. මැතිනිව දෝතට ගන්නව. දාගන්නෙ කරෙකකට ද , ලොරියකටද ? ඔහේල නුවර පොලිසියට ගහන්න යන්න ලොරි එනකං මදුරුවො තල තල උන්න කියපු හින්දයි අහන්නෙ.
වාහනේ දක්කගෙන යන්න නියම උනේ සෝමවංශට. ඒත් ඒක කාරෙකක්ද, ටිපර් එකක් ද, බර බාගයක් ද, අඩු තරමෙ වීල් බැරෝ එකක් ද කියලවත් දැනං උන්නෙ නෑ.
එතකොට සිරිමව කර තියාගෙනද යන්නෙ?
විප්ලවවාදී ජීව ගුනය.
ඔහේ දන්න ඉටි ගෙඩියක් නෑ. අපි විප්ලව වාදීන් කියල අමතක උනාද? ජාත්‍යන්තර විප්ලව වාදීන් අපට උගන්නල තියෙන්නෙ ඕනැම අභියෝගයක් ජය ගන්න අවශ්‍ය උපාය උපක්‍රම තෝරන්න කියල. වාහන නැත්තං කර තියාගෙන හරි යන්න ඕන. අසම සම විප්ලව වාදී ජීව ගුණය කියන්නෙ ඒකට.
” ගමනේ යා.. වම් .. දක් වම්…වම්,, වම්.. වම්..”
” ඕවත් වැඩද මල්ලි..
ඕවත් වැඩද……”
විමුක්ති ගී වලද ඕක එන්නෙ ?
නෑ බයිල කෑල්ලක්.
ඔහේලට ගැලපෙන්නෙම ඉතිං බයිල නේන්නං. දැන් ඔය යන්නෙ නංස්ටොප්.
කට කට.. බල නහර කපා ගන්න ඕන වෙලා වගේ.
හරි. ඕං මං සිරිමව කරට ගන්නව.
ඊලඟට..?
” කුමටද මැතිනියෙ කඳුළු හලන්නේ.. හේතුව මම නොදනිම්..
ගිරි හෙල් අරණේ ඇති අපෙ නිවසට .. මම ඔබ ගෙන යන්නම්…
එහි ඇති හැම සැප මම දෙන්නම්…හැම සැප මම දෙන්නම්…”
ඕක විමුක්ති ගීයක් නෙවි මිත්‍රය, නරි බෑනා නාට්‍යෙ එකක්.
මොකේ උනාම මොකෝ ගැලපෙනවනං.
සමා වෙන්න උත්තර නොවන උත්තර හම්බවෙන ප්‍රශ්ණ අහනවට. විහිලු නෙවි කොහාටද සිරිමව අරන් යන්නෙ ?
කවුද දන්නෙ, සෝමවංශවත් දැනං උන්නෙ නැති එකේ.
අම්මගෙ විප්ලවයක් නේ.
අම්මගෙ විප්ලවයක් නේ යකෝ..! කර්ෆිව් දාපු බව දන්නෙ නෑ, වාහනයක් නෑ, යන තැනක් දන්නෙ නෑ. 10,000 ක් වලපල්ලට යවල නැවතුනා ඇති ඔය තරමින්.
හොඳයි වැඩේ හබක් කියමුකො , ඊට පස්සෙ?
අනිත් දෙන්නත් එක්ක වීරසිංහ ආරච්චිගේ නිමල්(දැන් ප්‍රංශයේ ජීවත්වෙන) හා සරත් රාමනායක බෝඩිමට ගියා. ටික වෙලාවයි ගියේ. මරදානෙ ඕ අයි සී පෙරේර කඩන් පැන්න. තුන් දෙනාම කුදලගෙන ගියා. ඊලඟට වෙන දේ දන්නව නේ. පහුවදා අරන් ගියා “මේං අර පොර” කියල සිරිමාවොට පෙන්නන්න.
ඇඟ පුරාම මිදිච්ච ලේ. සිරිමට බලන්න බෑ. අහක බැලුන.
” උණු කෝපි එකක් මේ ලමයට ගෙනත් දෙන්න” සේවකයෙකුට කිව්ව.
කෝපි එක නොබී අතේ තියන් ඉන්නකොට
“ඔය කෝපි. අධිරාජ්‍යවාදී තේ නෙවි. බොන්න”
අවුරුදු 29 කට පස්සෙ සෝමවංශ ට සිරිමාවො මූනට මූන හමු වෙනව. ඒ, 1988 ජනාධිපතිවරනෙට පොදු අපේක්ෂකයෙක් දාන්න තිබිච්ච සාකච්ඡාවෙදි.
“මාව අඳුරන්න පුලුවන්ද” මැතිනිගෙන් අහනව.
“නිච්චියක් නෑ”
“මතකද 71 දි ලේ පෙරා ගත්තු කොල්ලෙක් ගෙනාව. ඒ මං තමයි”
“රොස්මිඩ් අමරෙ” සහ සිරිමාවෝ පරිච්චේදය හමාර වෙන්නෙ ඕං ඔහොම.
ඒකත් එහෙමයි කියමුකො , 71 දි සිරිමව උස්සන්න බැරි වෙච්ච එකේ වාදුව ගන්නද සිරිමගෙ දුව චන්ද්‍රිකා හිර කරන්න කුමන්ත්‍රණ කෙරුවෙ?
ඒක පස්සෙ කියන්නද , ඊට කලින් නරකද සෝමවංශ කියන්නෙ කවුද කියල පැටලුම් ඇර ගත්තොත්?
අමරසිංහට පිස්සු
මොනව පැටලුං අරින්නද , පිස්සෙක් නේ.
කවුද කියන්නෙ?
ටිල්වින් ලනේ. මොකෝ අපි කිව්වයි?
මැරෙන්න කලින් සෝමවංශ ම ඕකට උත්තර දීල තියෙනව ” ජනතා විමුක්ති පෙරමුණ වන්දනීය යි- හතර දෙනා ගේ කල්ලිය නින්දනීය යි ” කියන පොතේ 23 වන පිටුවෙ.

(පිටුව-23, ජනතා විමුක්ති පෙරමුන වන්දනීයයි, හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි පොත)
සෝමවංශට පිස්සුනේන්නම්.
” මම අසනීප කාරයෙක් කියල නායක මණ්ඩලේ අය ප්‍රචාරය කරනව. ඔන්න දේශපාලණ බංකොලොත්භාවයේ දිග පලල, ගැඹුර. නිකම්ම නිකං ලෙඩෙක් නෙවි, පිස්සුලු. ඔය ගුබ්බෑයමේ තව කලක් උන්න නං පිස්සු හැදෙන්න තිබුණ.
මට පිස්සු කියල ටිල්වින් සිල්ව පක්ෂෙ අයගෙ ඔලුවට දාන්නෙ හරිම සූක්ෂම විදියට.
” අයිය හැමදාම ගන්න පෙත්ත ගත්තද දන්නෙ නැහැ”
සෝමවංශ සිරඅඩස්සියේ
අනුර මේකම තක්කඩි විදියට බබා හුකුං දාල කියනව ප්‍රංශෙ යූ ටියුබ් එකකට.
” අපි රට වටේ පක්ෂෙ වැඩ වලට රට වටේ යනව. සෝමවංශ සහෝදරය මූලස්ථානෙ ඉඳගෙන උපාය උපක්‍රම සලසුම් කරනව. ඒ නිසා මානසික ප්‍රශ්ණයක් තිබුණ.”
හැබැයි මේව කියන්නෙ සෝමවංශ මැරුණට පස්සෙ.
සෝමවංශ සිය කැමැත්තෙන් මූලස්ථානෙ සිර අඩස්සියෙ උන්න වගේ නේ කතාව.
සෝමවංශ පැන්නීමේ අනුරල ගෙ කුමන්ත්‍රණයත්, ඒ කොයි කාලෙක ඉඳලද කියලත් සෝමවංශගෙ මේ වාක්‍ය දෙක තුනෙන් කියවෙනව.
” මම ලංකාවට ඇවිත් පදිංචි වුනදා ඉඳල මේ දක්වා ( 2004 – 2015 අප්‍රේල් 15 ) මාව රටේ කොතනකවත් පක්ෂයේ ක්‍රියාකාරී සාකච්ඡා වලට සහභාගී කර ගත්තෙ නැහැ.” පිටුව 33-(ජනතා විමුක්ති පෙරමුන වන්දනීයයි, හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි ග්‍රන්ථය)
” 2015 අප්‍රේල් 16 දා සවස ජ.වි.පෙ. ප්‍රධාන කාර්‍යාලයෙන් – සිර කුටියෙ න්- පිට උනේ මා හැර කිසිවෙකුගේ දැනුවත් භාවයකින් තොරවයි” පිටුව 2
සෝමවංශ පැන්නීමේ කුමන්ත්‍රණේ අනුරල පටන් ගත්තෙ 2000 ටත් කලින්. ඒ මොකටද කොහමද කියල පස්සෙ කියන්නං.
කිසිම ලජ්ජවක් බයක්, හිරි කිතයක් නැතුව ඔය තරමටම තුච්ච වැඩ කරන්න පුලුවන්ද මිනිහෙකුට. ඔහෙත් අවුරුදු 30 ක් 40 ක් ඕකෙ ලැගපු කෙනෙක් හින්දයි අහන්නෙ.
ඕනම අලුකුත්තේරු වැඩක් හරි කතාවක් හරි වහ ගන්න බැරි උනාම විජේවීර කෙරුවෙ රාත්තල් 14 ක න්‍යායක් අත අරින එක.
” සහෝදරය, ඕව මෙන්ෂෙවික් පෙකනිවැලෙන් ආපුව.”
රෙද්දෙ රෙවුනම “මෙන්ෂෙවික්” නැත්තං “බොල්ෂෙවික්”
ඔයා කියන්නෙ බොරුව ජෙප්පන් ගෙ උපන් ගෙයි ජාන ලක්ෂණයක් කියලද?
මගුලක් අහනව ඒ සැරේ. අනුරල ගෙ වීඩියෝවක් දෙකක් බලපංකො.
” න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයක් වටිනව” කියල කාගෙදෝ කතාවක් විජේවීර එයාගෙ වගේ කිව්වෙ!
මොලේ පහුරු ගානව වගේ අප්ප. සිංදුවක් වත් කියමුද!
” ඕ.. ඕ…..ඕ“
බොරුවෙන් උපන්නේ – බොරුවෙන් මැරෙන්නේ
මේ ඩිංග කාලේ , කයියෙන් ගෙවන්නේ..
කයියෙන් ගෙවන්නේ…. කයියෙන් ගෙවන්නේ …
ඕ…..ඕ……ඕ…….”
අනේ.. මොහිදින් බෙග් හිටියනම්…

ලපයි සිපයි සිංදුව පස්සෙ කියමු. මොකද්ද අර චන්ද්‍රිකා හිර කරන කතාව?
මෙහෙමයි, 71 දි කාපු පරිප්පුව මතක් වෙලාද කොහෙද කෙලින්ම නම කියන්නෙ නෑ.
හරි , මොකද්ද ?
ඔන්න සෝමවංශ ගෙම වචන වලින්
“එජාප ය පැරදවීමත් පොඑපෙ හිර කිරීමත් ” සඳහා ඔබ යෝජනා කරන උපක්‍රම මොනවාද ?”
මාර බඩු දෙකක් නේ !
සෝමවංශ යී චන්ද්‍රික යි ද ?
නෑ, ඔයයි එයයි.
හිර කරනව කිව්වෙ කායිකව නෙවි. රටට, ජනතාවට හානිදායක දේවල් වලක්වන එක. ඒක හරියට චන්ද්‍රිකා ගෙ ඇඟ බඳිනව වගේ. බලයෙ ඉන්න කෙනාගෙන් රටට යමක් කර ගන්න එක තමයි මූලික උනේ. නැතුව රට අගාදෙට ඇදල දාල බලය ගැනීමේ කෑදර කමක් ඒ මනුස්සයට තිබුනෙ නෑ. නැත්තන් ඉතින් ඔටුන්න තව කාටවත් දෙයියැ.
ඔටුන්න දුන්නම බෙල්ලත් කපා ගත්ත නේද?
ඕව පස්සෙ කතා කරමු. අර සිංදුව කියල අදට ඉවර කරමු
” ඕ.. ඕ…..ඕ………….
බොරුවෙන් උපන්නේ – බොරුවෙන් මැරෙන්නේ
මේ ඩිංග කාලේ , කයියෙන් ගෙවන්නේ..
කයියෙන් ගෙවන්නේ…. කයියෙන් ගෙවන්නේ …
ඕ…..ඕ……ඕ…….”
