|

jvp එකට අප්පුඩි ගැසීම..!

ගම්පහ දිස්ත්‍රික්කයේ 90 දශකයෙහි ඉපදුන 5 ශ්‍රේණියේ ගැහැනු ළමයෙකුට 80 දශකයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමුපාකාර සමිතියක තලත්තෑනි පිරිමි සභාපති කෙනෙකුගේ චරිතයක් වේදිකාව මත රග දැක්වීම තරමක් අසීරු කටයුත්තක් වන්නේ ගැහැනු ළමයාට මෙම වැඩිමහලු පිරිමි චරිතයට enter වීමේදි enter barrier එකක් හමුවන නිසාය. වෙස්සන්තර ජාතකයේ සාලිය ක්‍රිෂ්ණජිනා චරිත දෙකම ගැහැණූ ළමුන් විසින් ඉතා අපුරුවට රඟ දක්වා පෙන්වන අතර වරක් ජූජක බමුණා චරිතයද ගැහැණූ ළමයෙකු විසින් චරිතාංග නිලියක් රඟ දක්වන ආකාරයෙන් මාගේ මතකයේ රැදෙන පරිදි කදිමට රඟ දක්වා පෙන්වුවාය. enter barriers හමු වන්නේ තාත්වික රංගනයක යෙදීමට ළමුන් හට සිදු වු විටදීය. නමුත් ළමයි ඉගෙන ගන්නා නිසාත් ,  ළමයි වේගයෙන් imitate කරන නිසාත්,  ළමයි මෙම enter barrier එක පැන මෙවන් දුරස්ථ චරිත අගේට රඟ දක්වා පෙන්වති. 

වේදිකාව මත.

ගම්පහ දිස්ත්‍රික්කයේ 5 ශ්‍රේණියේ ගැහැනු ළමයා හට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලත්තෑනි පිරිමියෙකුගේ nuanced shades තම මුහුන මත subtle අභිනයෙන් රඟ දැක්වීමට වේදිකාව මතදී සිදුවේ. මෙම barrier එක පනින්නේ නොමැතිව stage nuanced performance එකක් ඉදිරිපත් කල නොහැක.

වරක් ගම්පහ දිසුත්‍රික්කයේම පල්ලියක මංගල්‍යයක් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරිමට මට සිදු විය. 1944 වසරේදි දෙවන ලෝක යුද්ධ සමයේදි SS Nazi හමුදාවේ සිටි ඡෙනරාල් වරයෙකුගේ පුද්ගලික දින පොතක් ඇසුරින් මා දුටු එම චරිතය සිරිලංකා දුපතේ 7ශ්‍රේණියේ ගැහැනු ළමයෙකු ලවා රඟ දැක්වීමට මා තුල සිතක් විය. Hitler ගේ චරිතය ගැහැණූ ළමයෙකු යොදා රඟ දැක්වීම පිළිබදව පල්ලියේ පිය තුමා මා සමග අවසානයේදී  එකඟ වුවත් ඉතාමත් දෘඩ කර්කෂක පිරිමියෙකු වු මෙම ජෙනරාල්ගේ චරිතය ගැහැනු ළමයෙකු යොදා රඟ දැක්වීම පිළිබදව සැකයට වඩා නාට්‍යයේ අසාර්ථකත්වය ගැන භීතියකින් පිය තුමා පෙලුනේය. 

සමුපාකාර සභාපතිගේ චරිතය රඟපාන ළමයා stage එකට enter වීමට පෙර Nazi ජෙනරාල් වරයාගේ චරිතය රගපාන ළමයා stage එකට enter වීමට පෙරත් මම tric එකක් භාවිතා කලෙමි. මෙම ළමුන්ට අත් පොලොසන් නාදයක් දෙන්න කියා මම නරඹන්නන්ගෙන් ඉල්ලා සිටියෙමි. 

ප්‍රථම වතාවට ප්‍රෙක්ෂකයින්  ඉදිරියේ තරමක් අසීරු රංගනයක් ඉදිරිපත් කිරීමට වේදිකාව මතට ගොඩවන ළමයාට හොඳ අත්පොලොසන් නාදයක් දෙන්නයි කියා මම පිය තුමාට මෙන්ම අනික් ළමුන්ටද කල් තියා දැනුම් දෙමි.

මෙලෙස අත්පොලොසන් නාදයක් දීමෙන් පසු ප්‍රථම වතාවට stage එකක් උඩට නගින ළමයා සභාවට උචිත පිරිදි හැසිරෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අත්පුඩි ගැසීමේ රහස මෙයයි – ස්ථානීය ගෞරවය රැකෙන පරිදි යමෙකුගෙන් යම් කාර්යයක් ඉටු කරවා ගැනීමක් අත්පොලොසන් දීමෙන් අපේක්ෂා කෙරේ. 

මගේ ආතල්.

මට මෙය historical moment එකක් වු බව දුටු එතැන සිටි එම ගමේ තරුණියක් මට මෙසේ කීවාය – මාර ආතල් ඔයා ගන්නේ. ඔයාම නාට්‍යය හදල ඔයාම අත්පුඩි ගහගන්නවා. ( මෙතන සිටි කිසිවෙකුගේ නමක් ගමක් ස්ථානයක් Fakebook පිස්සන් කොටුවේ කිසිම තැනක සදහන් නොකරන ලෙස මෙම post එක කියවන ඔබගෙන් මම ඉල්ලා සිටිමි. Fakebook පිස්සන් කොටුව දිග කලිසම අදින පාදඩ බල්ලන්ගෙන් පිරි ඇත ) 

නමුත් මාගේ trick එක වෙන එකක්ය. මෙම අත්පොලොසන් නාදය නිසා ළමයා හට තමා සිටින ස්ථානය සහ තමාට පැවරී තිබෙන ස්ථානීය රාජකාරිය පිළිබදව සිහි කැදවීමක් ඇති වේ. එනිසා සිහිබුද්ධියෙන් යුතුව barrier එක පැන තමන් හට හිමි කාර්යය ඉටු කිරිමේ phase එකකට ළමයා enter වේ. 

පාර්ලිමේන්තුව නාකි මඩමක මෙන්.

මීට දෙවසරකට පෙර සිරිලංකා දුපතේ පාර්ලිමෙන්තුව නාකි මඩමක් මෙන් වයසක පල් කම්බ හොරුන් සිටි තිත්පොලක්ව පැවතුණී. මට හැකිනම් මා Sweden රටෙන් දේශපාලකයින් ගෙන්වා සිරිලංකා දුපතේ පාර්ලිමෙන්තුව පුරවමි. එය කල නොහැක. අපට අගහරු ලෝකයෙන් හෝ හදෙන් මිනිසුන් ගෙන්වා දුපතේ පාර්ලිමෙන්තුව පිරිවිය නොහැක. එනිසා ඉතාම කණගාටුවෙන් වුනත් සිරිලංකා දුපතේ සිටින අප අවට සිටින මිනිසුන්ගෙන් සිරිලංකා පාර්ලිමෙන්තුව පුරවා ගැනීමට අපට සිදුවේ. වෙනත් විකල්පයක් නැත. 

මේ අයුරින් පාර්ලිමෙන්තුව පිරවීමට එන JVP එකට මමද අත්පුඩි ගැසුවෙමි. මා මෙන්ම සමාජයේ බොහෝ ජනකායක් අත්පුඩි ගසුවේ යම් බලාපොරොත්තුවක් සහිතව මිස JVP එකේ ඇති නෛසර්ගික ජීවගුණයක් නිසා කිසිවෙකු අත්පුඩි ගැසුවේ නැත. historical කාර්යයක් කිරීමට stage එක මතට ගොඩවන ළමයා අත්පුඩිය නිසා සිය කාර්යය උවමනාවෙන් ඉටු කරන බව මම අත්දැකීමෙන් දනිමි. සිර්ලංකා දුපතේ regime change එකට පෙර JVP එකට අත්පුඩි ගැසීමෙන් මා බලාපොරොත්තු වුයේ එයමය –  ස්ථානීය ගෞරවය සහ ස්ථානීය කාර්යය. 

ඇටමස්ථානේ හේමරතන එප්ස්ටීන්  ඉදිරියෙහි සිරිලංකා පොලීසිය නිවටයන් ලෙස හැසිරුනු බව අපි කව්රුත් හොදින් දනිමු. ඒ පිළිබදව යලි සොයා බලා විමසිමට දෙයක් ඉතිරිව නැත. සමස්ථ NPP රාජ්‍යය යාන්ත්‍රණයම හේමරතන එප්ස්ටීන් ඉදිරියේ පිම්පිකරණය විය.

ලක්මාලි පෙරලූ බාල්දිය. 

ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමෙන්තු සමිතියකදි ළමා රක්ෂණ අධිකාරියට බාල්දියක් පෙරලා ඇති බව ඉයේ දිනයේදි මිතුරියක මා සමග පැවසුවාය. මා ඇසු විස්තරයට අනුව ලක්මාලි පෙරලු බාල්දියේ කොකු 2 ඇති බව නුගත්  මා හට පෙනී යයි. 

 ඇය අපයෝජනයට ලක් වු ළමයා හට priority එක දිය යුතු බව පවසයි. 

සිරිලංකා දුපත් පොලිසිය නෝන්ඩි කිරිම ගැන ලක්මාලි ළමා රක්ෂණ අධිකාරියට බැණ වදී.

ලක්මාලිගේ පළමු කොක්කට මම ලක්මාලිට salute එකක් ගසමි. මේ ළමා අපචාර සිද්ධියෙන් සිරිලංකා දුපතේ දිග කලිසම අදින පාදඩ පිරිමියාට ආතල් ලබා ගැනීමේ ඉඩ ලක්මාලි විසින් අවහිර කිරිමක් ලක්මාලිගේ මෙම යෝජනාව අනුව සිදුවේ. ( පොඩි තව් විදීමේ විනෝදය තිබෙන්නේ  කොතනද දීප්ති ? මතු පිටද කොල බොක්කේද – යනුවෙන් මා post එකක් ලියා ඇත. එය යලි කියවීමෙන් ළමා අපචාර සහ දුපතේ දිග කලිසම අදින පාදඩ පිරිමියා අතෙ ඇති true politics ඔබට අවබෝධ කර ගත හැක .) 

මෙම ළමා අපචාර සිද්ධියේ කුණු කෑල්ල ඩැහැගන්නට ගිජු ලිහිණියන් මෙන් දෙඩුම් ශිල්පි පාදඩ බල්ලොත් YouTube සිපයි රැලත් බලා හිදිති. මෙම නරුමයන් ජීවත් වන්නේ තව කෙනෙකුගේ  අභ්‍යන්තරයෙහි ඇති ආත්මීය සංඝටක මදුරුවන් මෙන් උරා බී ඒවා online විකිණීමෙන්ය. උදාහරණයක් ලෙස ළමා කාර්යංශයට  ලක්මාලි මෙම බාල්දිය පෙරලීමට හේතුව ලක්මාලිගේ ego ප්‍රශ්ණයක් නිසා බව දෙඩුම් ශිල්පී පාදඩ බල්ලෝ පවසති. දෙඩුම් ශිල්පින් කියන්නේ මොක්කුද ? basic literature වක් නැති පාදඩ ගස් බල්ලන්ය. 

ලක්මාලි tv එකේ කතා කරනවා එකම එක වතාවක් විනාඩි 4 මම බලා සිටියෙමි. ලක්මාලිට එවන් ego ප්‍රශ්ණ නැති බව හරියට වල බැහැපු හොදට රමණය කරපු පිරිමියෙකු ඒක් ක්ෂණයෙන් දැන ගනී. දේශපාලනයේදී ගැහැණූ ගැහැණූ අතර ego ප්‍රශ්ණ දමා ගැනීමට තරම් ලක්මාලි පිස්සු හෝන්තුවක් නොවන බව tv එකේ විනාඩි 4 කදි දකින ලක්මාලි තුලින් මම දනිමි. 

මගේ සැලියුට් එක.

මට ආරංචි වු විදියට මෙම නඩුව open court අසනවාට ලක්මාලි විරුද්ධ වී ඇත. media outlets වලට මේක විකුණගෙන කෑමේ ඉඩ ප්‍රස්ථාව ලක්මාලි අහිමි කර ඇත. ඒ අතරම ලක්මාලිගේ මෙම යෝජනාව නිසා දිග කලිසම අදින පිරිමි පාදඩ සමාජයක් ඉදිරියෙහි අපයෝජනයට ලක්වු ගැහැනු ළමයාගේ security එක සැලැස්වීමට ලක්මාලි උත්සාහ ගනී. විවෘත නොවු අධිකරණයක judge කෙනෙකු හමුවේ මෙම නඩුව ඇසීමට ලක්මාලි ගත් තීරණයට මම salute එකක් ගසමි. 

ප්‍රශ්ණය වන්නේ ලක්මාලි පෙරලු බාල්දියේ ඇති දෙවැනි කොක්කය. එම කොක්ක එන්නේ කොහෙන්දැයි දැන ගැනීමට ඊයේ දිනයයේදි මම මිතුරන් කිහිප දෙනෙකුට call කලෙමි. නිසි පිලිතුරක් නොලැබුන නිසා මේ පිළිබදව නුගත් මාගේ පුද්ගලික මතය මෙහි සදහන් කරමි. 

විජේවීර මෙන්ම මෙම post එක ලියන මමද ඇගේ බරට පංසලේ බත්දංකුඩ කා ඇත්තෙමි. නමුත් මා තුල භික්ෂුන් කෙරෙහි සාමාන්‍යය මිත්‍රත්වයක් මිස අනවශ්‍යය කිචියක් නැත. විජේවීර සිය පක්ෂය පිහිටුවන්නේම පංසලේ දංගෙය මුලික කරගෙනය. එය එසේ කරනවා හැර සිරිලංකාව වැනි තුන්වන ලෝකයේ දුපතක වාමාංශික පක්ෂයක් ආරම්භ කිරිමට විජේවීරට වෙනත් විකල්පයක්ද නැත. ලතින් ආමෙරිකානු රටවල වාමංශික ව්‍යාපාර පල්ලි සහ පියතුමන්ලා ඇසුරකොට බිහිවු බව basic literature ටිකක් තිබෙනා ඕනැම පිරිමියෙකු දන්නා කාරණාවක් වේ. දැවැන්ත වාමංශික පක්ෂ බිහි වු ඉතාලිය සහ වෙනත් යුරෝපිය රටවල පවතින scale of economy නිසා යුරෝපිය රටවල් තුල වාමාංශික පක්ෂ බිහිකිරිමට පල්ලි පන්සල් වල ආධාරය අවශ්‍යය වුයේ නැත. Lenin රුසියාවේ කල දේ විජේවීරට සිරිලංකාවේ කල නොහැක. විජේවීරට සිංහල බෞද්ධ සමාජය පදනම් කරගෙන සිය වාමංශික පක්ෂය ගෙන යාමට සිදුවේ.

විජේවීර ආකෘතිය.

නමුත් පසුගිය දශක 7 කාලය තුල JVP එක තවමත් විජේවීර අකෘතිය කරේ කබාගෙන යා යුතුද යන ප්‍රශ්ණය JVP විසින් තමන්ගෙන්ම විමසා ගත යුතුව තිබේ. 

ළමාරක්ෂණ අධිකාරිය නොමැතිනම් අද හේමරතන එප්ස්ටීන්ට එරෙහිව මෙම අපචාර නඩුවක්ද පවතින්නේද නැත. පොලිසිය සහ JVP ආණ්ඩුව මෙහිදී කටයුතු කල පිම්පි ආකාරය ලක්මාලිද හොදින්ම දනී. පොලිස් ලොක්කලා කල යුත්තේ කුමක්දැයි කියා ආණ්ඩුවෙන් නොවිමසා මහ නායක හිමිවරු හමවී අත්අඩංගුවට ගැනීමට අවසර පතන්නේ නැත. 

ලක්මාලි දෙපැත්ත balance කරන ගේමක් මෙම බාල්දිය පෙරලීම තුලින් බලාපොරොත්තු වන බව මට බව පෙනී යයි. පලමුවෙන් මෙම නඩුව ළමයාට කිසිදු හානියක් නොවී ශිෂ්ඨ සමාජයක අසිය යුතු අන්දමින් ඇසිය යුතු බව ලක්මාලි පවසයි. දෙවනුව විජේවීර ආකෘතිය බේරා ගැනීමට ලක්මාලි වෙහෙසේ. 

සිරිලංකා දුපතේ සංඝ සමාජය function වන්නේ non secretariat institution එකක් ලෙස නොව ඊට හාත්පසින්ම වෙනස් state apparatus එකක් ලෙස බව 1965 දී විජේවීර දනී. එනිසා සංඝ සමාජය සහ සිංහල බෞද්ධ ජාතිවාදය සමග smooth balance එකක් handle කරගෙන දේශපාලනය කල යුතු බව විජේවීර දනී. 

මට ඇති ප්‍රශ්ණය – මෙම ආකෘතිය JVP විසින් ලක්මාලි තුලට ඔබ්බවා ඇයව handle කරනවාද එසෙත් නැතිනම් ලක්මාලි තුල ස්වභාවිකව ඔයාලා පොලිසිය ආණ්ඩුව නෝන්ඩි කලා යන සංකල්පය පහල වුවාද යන්නය. භික්ෂ්න් state apparatus එකක් ලෙස JVP එකද තවමත් භාවිතා කරයි.

තලේබාන් පන්නයේ නඩුවක් ලෙස.

ළමා රක්ෂණ අධිකාරියේ ක්‍රියා පිලිවෙත නිසා පොලිසියේ විමර්ශන කටයුතු වලට බාධා වුවායයි යනුවෙන් ගොං අදහසක් ලක්මාලි වැනි ගැහැනියක් තුල ස්වභාවිකව පහල විය හැකිද ? නැතිනම් විජේවීර අකෘතිය කර කබා ගෙන යාමට ඇයට බල කලාද? මෙය  මෙම ගැටුම දෙස  X කණ්ඩායම සහ JVP අතර ego ගැටලුවක්ය යන රදාවානේ සුමනෙලාගේ කෝණයෙන් මට බැලිය නොහැක.

සිරිලංකා දුපතේ නීතිපතිලා හමුදා ලොක්කලා පොලිස් ලොක්කලා දේශපාලන ලොක්කලා ව්‍යාපාරික ලොක්කලා අතේ පිරිත් නුල් 15 ක් විතර ගැට ගසාගෙන කරඬු කරේ තියාගෙන යන පිරිමින් බව අපි දනිමු. මෙවන් පිරිමි සමාජයක සමාජයේ ආර්ථිකමය පහල ස්ථරයක ගැහැණූ ළමයෙකු බිස්නස්කාර භික්ෂුවක් අතින් අපයෝජනයට ලක්වු විට එය තලෙයිබාන් නඩුවක් ලෙස විසදී යාමේ ලොකු සම්භාවිතාවක් පවතින බව අපි දනිමු. හේමරතන එපස්ටීන් සිදුකල ළමා අපයෝජනයේදි JVP ගැහැණූන් කිසිම හඩක් නොනැගුවෝය. පසුගිය මාස එකහමාරක කාලය පුරාවට මම සිරිලංකා දුපතේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරමින් මුට්ටිය දමා බැලුවෙමි. JVP ගැහැණූන් පමණක් නොව සාමාන්‍යය සිවිල් ජන සමාජයේ ගැහැණූන්ගේ කිසිම හඩක් නැගුවේ නැත. පිලිගන්න මෙය තමයි ඔබ ජීවත්වන ලංකාව ! 

තේ වත්තෙන් පාර්ලිමේන්තුවට.

තලැත්තෑනි සමුපාකාර සභාපති කෙනෙකුගේ චරිතය රගපාන 5 ශ්‍රේණියේ ගැහැනු ළමයෙකු stage එකට නගිනවා මෙන් historical දෙයක් සිදු විය. අතීතය පුරාවට පැවති කදුරට තොණ්ඩලාගේ පිරිමි ආධිපත්‍යට පයින් පහරක් ගසමින්  JVP එක ගැහැණීයක් තේ වත්තෙන් පාර්ලිමෙන්තුවට ගෙනාවේය. දියතලාව හපුතලේ පැත්තේ රවුම් ගසන විට මම අම්බිගා සැමුවෙල්ස් ගැන ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් විමසා බැලුවෙමි. පවුල දෙමව්පියන් මිතුරු මිතුරියන් මැද මම නිකං නෝන්ඩි වුයෙමි. 

අම්බිගා කියල කෙනෙක් පවතිනවාද නැද්ද කියා කදුරට සමාජ ස්ථරයේ ඉහල සිට පහලට කිසිවෙකුට දැනී නැත. තේ වතු වල ප්‍රශ්ණ බොහොමක් කෙටුම්පත් සම්පාදනය වනවා මිස මහ පොළොවේ විසදී නැත. රොටී අතින් ගත්ත ළමයි තවමත් ජීප් රථ පිටුපස දිවගෙන එති. මෙය Colombo lost city එකේ සිදුවේනම් ලක්මාලි හෝ සරෝජා පෝල් රාජ් පොලු ඔසවනු ඇත. කෝ බං අම්බිගා ? 

මා එදා අම්බිගාට ගැසු අත්පුඩිය පමණය. ඉන් එහාට act එකක් සිදුවී නොමැත. 

ලක්මාලි සහ අම්බිගා යන ගැහැනු දෙදෙනාගේ චරිත act කෙරෙන්නේ ගෝත්‍රික පුරුෂවාදී විජේවීර ආකෘතියටද යන ප්‍රශ්ණය මා තුල මතු වී තිබේ. 

නොහැකියාව කියා දෙයක් නොමැත. ළමයාට අදාල චරිතයෙහි facial expressions කර පෙන්වු විට ළමයා එම මොහොතේම මටත් වඩා හොදින් එය imitate කර පෙන්වයි. 

regime change එක historical moment එනක් නිසා අපි අත්පුඩි ගැසුවෙමු. අපි අත්පුඩි ගැසුවේ යම් බලාපොරෙත්තුවක් සහිතවය. දැන් act කරන ලක්මාලිලා අම්බිගාලා ඇතුලු JVP සැමටම එම අත්පුඩියේ ගෞරත්වය රැකෙන අයුරින් act කිරිමේ සධාචාරාත්මක වගකීමක් පැවරී තිබේ. 

විශාඛාවට කිසිවෙකු අත්පුඩි ගැසුවේ නැත. බෞද්ධ සාහිත්‍යය තුල විශාකාව සුවිෂේශි චරිතයක් වුයේ ඇය සතුව තිබු personality එක නිසාය. ඇය teenage කෙල්ලකව සිටියදී  ගෞතම බුදුන්ගෙන් ඉල්ලීම් 8 ක් demand කලාය. පිරිමි සංඝ සමාජයක් මැද බුදුන්ගෙන් ඉල්ලීම් 8 ක් demand කිරිම කෙල්ලකට නිකම් ඉබාගාතේ සිදුකල නොහැක. විජේවීර පිරිමියාගෙන් ඉල්ලීම් කිරීමට ලක්මාලිලාට අම්බිගාලට නොහැක්කේ මන්ද ? 

විශාඛාවට කිසිවෙකු අත්පුඩි ගැසුවේ නැත. මහ වැස්සේ ඇය සංසුන්ව ගමන් කලාය. අද විශාඛාලා නැති බව අපි දනිමු. විශාඛලා අපට ඕනෑද නැත. නමුත් තබන පියවරේ හැඩයෙන් කොහේ යන්නේදැයි කියා අපි දනිමු. එනිසා ලක්මාලි අම්බිගා ඔබ නිවැරිදි පියවර තබමින් සංසුන්ව ගමන් කරන්න.

ජනා චාමින්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *