අප්‍රේල් විරුවෙකුගේ කතාව 8..!
(8 වෙනි කොටස)
මොකද මේ තකහනියෙම? ඔහේල නේ තකහනියෙ මොකද්ද කොරන්න ගිහින් “දඩි බිඩි විප්ලවකාරයො” කියල අහගත්තෙ. ඔහෙත් අප්‍රේල් විරුවන් අතර හිටපු අප්‍රේල් විරුවෙක් නේ. අප්‍රේල් 6 වෙනිද කට්ටියම ගිහිං කඩුගන්නාව පොලිසිය යටත් කරගත්තට පස්සෙ වෙච්ච හරිය කිව්වෙ නෑ නේ. ඔව් නේ. මාත් අප්‍රේල් විරුවන් අතර අප්‍රේල් විරුවෙක්, බක්මහ විරුවෙක් කියල කාලයක් ස්වයං වින්දනයක් ලැබුව. දැනමුතු උනාට පස්සෙ තමයි තේරුනේ ඒක ස්වයං මෝහනයක් කියල.

” විමුක්ති රතු හමුදාවේ පේරාදෙනි සරසවි අනු ඛංඩයේ අණදෙන නිලධාරී මාක්ස් අබේ”
1971 අප්‍රේල් 06 වෙනිදා මාකස් අබේට එහෙම හිතෙන්න ඇති, පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්…!
එතකොටදැන් ඔහේ කවුද?
බූරුවෙක්!
මොකක්?
සකලදේශවාසී නිර්ධනීන්ගෙ මේ ජාත්‍යන්තර ගීය අහපන්කො.
උත්තරේ ඒකෙ තියෙනව.
බොල බූරු පුතේ.
(පිංතූරය බූරුවෙකුගේ)
බොල බූරු පුතේ” අපි යන්ට යමූ – අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්…
බොල බූරු පුතේ – බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්…
නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා…
රස කෑමෙන්සහ බීමෙන් සිතු අටියෙන් සැනසීමෙන්
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා…
තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා…
යන්ට යමූ – අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්…
බොල බූරු පුතේ බොල – බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන් “…
සමාජවාදී දිව්‍ය ලෝකෙ උඹ සිතන උඹ පතන හැම සැපක්ම තියෙනව. රස නහර පිනන කෑම බීම හිතේ හැටියට. නඳුන්උයන සිපගෙන එන මදනල හමන දිව්‍ය විමානෙක මං උඹව සතපවනව. තව යොදුනයි. චූටි දුරක්. දුකදොම්නසදරාගෙන කම්මැලි නොවී ඉක්මන් කරල යමං මගෙ බූරු පුතේ. මොකෝ බර කල්පනාවක, අනුර වත් මතක් උනාද?
එයත් මැවිල පෙනුන. ඒ අතර මං ලොකු මහත්තයගෙ කතාවක් හිතින් ප්ලේ
කරල බැලුව ඔහේගෙ කතාව ඇත්තද බලන්න.
මොන කතාවද?
ඔක්කොම කතා එකයි. ඒත් 82 දිද කොහෙද සුගතදාස ස්ටේඩියම් එකේ කරපු
“රට හදන අපේ ප්‍රථිපත්ති විශේෂයි”. මාත් සිමෙන්‍ති පොලොවේ තට්ටම ඇනගෙන, අල්ල ලේපාට වෙනකම් අප්පුඩි ගැහුවා.
මොකෝ හිතුනෙ?
ඔහේගෙ කතාව 100 ට දාහක් හරි.
ඒක නෙවි. මොකද්ද උඹ මුලින්ම අහපු ප්‍රශ්ණෙ?
ඔහේ අප්‍රේල් විරුවන් අතර අප්‍රේල් විරුවෙක් නෙවිනං කවුද කියල .
ඉතිං උඹට අර ජාත්‍යන්තර ගීයෙන් උත්තරේ හම්බ උනේ නැද්ද?
හම්බ උනා.
මොකද්ද?
බක් මහ උපන් බූරුවෙක්.

බක්මහ බූරුවෙක්.
ඕක මට කිව්වට කමක් නෑ , වෙන උන්ට හෙම කියනව නෙවි. අර මොකද්ද වැලක්වීමේ පනත යටතෙ සලේ වගේ මීයොත් එක්ක ලගින්න ඕනනං
කියපං.
මොන පනතද?
ත්‍රස්තවාදය වැලක්වීමේ පනත.
හිහ් හිහ් හිහීඊඊඊඊඊඊඊ
මොකද උඹ බඩ අල්ලන් හිනාවෙන්නෙ?
බඩ අල්ල ගත්තෙ අනෙක් කොනෙනුත් හිනා යන එක වලක්වන්න. හිනා යන්නෙ
නැතුව තියෙයිද හලෝ ත්‍රස්තවාදියො ත්‍රස්තවාදෙ වලක්වන්න කතා කරන කොට.
අනෙක බල්ලොත් එක්ක ලගින ගමන් අනෙක් උන් දානව මීයොත් එක්ක ලගින්න.
ඒකත් හරියට කවුද ගෑනියෙක් පතිවත ගැන කතා කරනව වගේ
උඹටත් දැන් ටික ටික තේරෙනව වගේ.

ඒක නෙවි, අප්‍රේල් 6 ද ඔහේ කඩුගන්නාව පොලිසියට ගහල යටත් කරගත්ත
නේ. ඉතින් ඊට පස්සෙ
ඔවි නේ. කඩුගන්නාව පොලිසියට අප්‍රේල් විරුවන් අතින් එල්ලවූ දැවන්ත ප්‍රහාරකින් පසු සමස්ථ
පොලිස් බල ප්‍රදේශයම ත්‍රස්තවාදීන් යටතට පත් උනා කියල උදේ නිව්ස් වලටත්
කිව්ව නේ. ආස කරන විදියට හිතුවමත් මාර ජොලියක් දැනෙනව අප්ප. ඒකෙන්
කාරි නෑ. මේකයි පහුවදා උනේ.
අප්‍රේල් 7 දා.
කලින්ද හිටපු රතු හමුදාවෙ භටයො වැඩි දෙනෙක් වාෂ්ප වෙලා. ඉතුරු වෙච්ච
ටික එකතු කරල කිව්ව පුලුවන් විදියකට පුලුවන් තැනකට පලයල්ල කියල
පහුබහින්න උනොත් ඒකට වැඩ පිලිවෙලක් තිබුනෙ නැද්ද? නොදන්න කමට
අහන්නෙ .
බම්බුවක් කතා කරනව. විප්ලවවාදීන් එහෙම පහු බහිනවද? එහෙම එකක් ගැන
හීනෙකින් වත් කතා කරල තිබුනෙ නෑ. අනෙක , ඕව කතා කෙරුවනං
විප්ලවවාදී ජීව ගුණයට මොකද වෙන්නෙ . විප්ලවය කෙරේ තියෙන අචල
විශ්වාසය හෙල්ලුම් කනව. එහෙම නොකරත් සමහර රතු භටයන්ට බඩ ගිය
එකේ උඹ මගුල් පහු බැහීමක් ගැන අහනව. අපි පසු නොබසින කඟවේනා
බ්‍රෑන්ඩ් එකේ රතු භටයො හලෝ.
හරි හරි ඉතින්..
පලයල්ල කිවිවට සමහර උන් ගාව අතේ සතේ නෑ.
ඒ ඉතිං හිඟන නිර්ධන පංතියෙ නිසා නේ.
හිඟන්නො හින්ද තමයි මනුස්සයෝ ධනපති ආණ්ඩුවෙන් බැංකු ණයක් දුන්නෙ,
හෝල් පීස් ගෙවන්න. අපි මක්කයි කෙරුවෙ. හොඳයි උඹ ඔස්තාර් නං කියපන්
බලන්න.
දෙකක් නෑ එක්කො සොමියට ගල් බෝතලයක් ගහන්න ඇති නැත්තං කෙල්ලට
බුල්ටො අරන් දෙන්න ඇති.
අනේ මගේ කට. විප්ලවවාදියො ඒ වගේ අවලං වැඩ කරනව කියල හිතුවද
ධනපති පක්ෂවල උන් වගේ. ලොකු මහත්තයගෙ අණින් ඒව “සපුරා තහනම්”
ඒ උනාට අප්‍රසිද්ධියෙ තහනම් නෑ නේ . දැන් ඔය එහෙන් මෙහෙන් ඇහෙන්නෙ.
කට .. කට…….
හරි , ඉතින් මක්කයි ලෝන් එක අරං කෙරුවෙ.
මොනව කරන්නද, විප්ලවේට ලෑස්ති උනා මිසක්. යකඩ ඇණ ගත්ත, යකඩ
බෝල ගත්ත, සේව නූල්, ඩයිනමයිට්, කැප්ස් පතරොන් විතරක් නෙවි හොරෙන්
ගන්න බැරි හැම ලබ්බම ගත්ත.
එතකොට කෑවෙ?
හෝල් එකකින් ගජේ ගහනව. මගේ සෙකන්ඩියර් එක හින්ද මං උන්නෙ
රජවත්තෙ. බෝඩිමෙන් කන්නෙ රෑට විතරයි.
ඩයට් කරන්න වෙන්න ඕන.
නෑ වාහෙ. සව් සිරි සපිරි පිරි අප්පටසිරි සමාජවාදී සිරි ලංකාවක් වෙනුවෙන්.
නොදැනුවත් කමට අහන ඒවට තරහ අවසර! එතකොට ඔය බංකු ණය
ගෙවන්නෙ ඇපකාරයොද?
අපේ රජයක් යටතෙ සියලුම ණය හෝස් ගාල අහෝසි කරනව.
මාරයින් නේ. බොස් එහෙම කියල තියෙනවද?
ඔවි නේ. දහ අතේ දිව්රල කිව්වෙ. බලන්න එපායැ ලොකු මහත්තය ස්ටේජ් එකේ
කතා කරන ලස්සන. හරියට මා වව්ලෙක් අත්තටු ගහනව වගේ. බලපංකො
ටිල්වින් සර් උනත් කතා කරනකොට දෑ ත් විදා රඟන විලාසේ…

චන්ඩි මහත්තයා.
විශ්ව විද්‍යාල ණය විතරක් නෙවි, ලෝක බැංකුව , මූල්‍ය අරමුදල වගේ පිරටින්
ගත්තු ණයත් තඹ සතයක් ගෙවන්නෙ නෑ. ඒ විතරක්නං මැදෑ. විදේශීය
කොම්පැනි, වතු සේරම පවර ගන්නව. ඔවි. පිච්චියක් දෙන්නෙ නෑ
මාර චණ්ඩියෙක් නේ. ලාල් කාන්තත් එයාගෙ පුතෙක් වෙන්නැති මයෙ හිතේ, ඒක
නෙවි, අපි ඕව කරනකං පිට රටවල් තක්බීරි වෙලා වෙව්ල වෙව්ල ඉඳීවි නේ.
නැතුව. මොකෝ අපිට බම්බු ගහන්නද. හැබැයි ණය අහෝසි කරන්නෙ සාධාරණ
විදියට. 1505, පරංගි ආපු දවසෙ ඉඳල අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් අරන්
ගිහිපු රන් රිදී, මුතු මැනික්, ඇත් දල, කුරුඳු ගම් මිරිස්, හැම එකකම වටිනාකම
ගනන් බලල, වැඩිපුර රුපියලක් හරි තිබුනොත් දෙනව.
අපේ ලොකු මහත්තය
අධිරාජ්‍යවාදීන්ට උනත් සාධාරණව සලකනව. ඒ ජීව ගුණය උකහා ගෙන නේ
දැන් ඔය ධම්මික පෙරේරට, ඩඩ්ලි සිරිසේනට උනත් අපූරුවට සලකන්නෙ.
හැබෑට. බලන්න ඒකෙත් හැටීඊඊඊඊඊඊඊඊඊ. ඒක නෙවි, ඔය පාරවල්. වරායවල්,
කෝච්චි, යුනිවර්සිටි, පාසැල්, පුරා විද්‍යා ප්‍රතිසංස්කරන වගේ ඒ උන්නැහෙල කරපු
ඒවයෙ වටිනාකමත් අඩු කරනවද?
මොලේ නිකං කඩි කනව වගේ. එදා සුගතදාස ස්ටේඩියම් එකේ මං හිටියනං
කියල හිතෙනව.
ඒ මොකෝ?
හිස් පෝර බෑග් එකක්.
විජේවීරගෙන් මට ඕව අහන්න තිබුණ.
තිබුන තමයි, උඹගෙ ඇටකටු එකතු කරන්න හිස් පෝර බෑග් එකකුත් අරං
ගියානං
ඔය මනෝ විකාර වලින් කාරි නෑ. සතේ අතේ නැති උන් කොහොමෙයි ගියේ?
මට කියල කරන්න දෙයක් තිබුනෙ නෑ. ලේඩිස් අත් ඔරලෝසු 13ක් තිබුන. ඒ ටික
එක එකාට දීල කිව්ව අවශ්‍ය උනොත් විකුන ගනිල්ල කියල.
කෙල්ලන්ගෙන් හොරකං කරපුව වෙන්න ඇති, දෙකක් නෑ.
පේරාදෙණියෙ අපිනං ඒ පජාති වැඩේ කෙරුවෙ නෑ. හැබැයි ඉතින් විද්‍යෝදෙ
විප්ලවවාදීන් නං අපි වගේ නෙවි. කෙල්ලෙක් බැම්මක වාඩි වෙලා කුඩේ වම්
පැත්තෙ තියල දකුණ බලල ආපහු වම බලද්දි කුඩේ මිසිං.
අපි හෝල් එකේ බාත්රූම්ස් වල, කොරිඩෝ වල බල්බ් ගැලෙව්ව. අපි ගලවනව
, සබ් වෝඩ්න් දානව .ගලවනව දානව. ගලවනව දානව. විදුලි අංශෙ විමලසේන
රුපියල ගානෙ විකුනල දෙනව.
උදේට හැම හෝල් එකකම කොමන් රූම් එකට පත්තර දානව. දානව විතරයි,
උස්සනව. ඒව පරන පත්තර වලට විකුනනව.
පත්තර දාන්නෙ ශිෂ්‍යයින්ගෙ බුද්ධි වර්ධනයට අවශ්‍ය හින්ද නේ.
ඔහේගෙ ඔලුවෙ තියෙන්නෙ අටුවම් බැහ ගත්තු ධනේශ්වර චින්තනයක්. ධනපති
පත්තර සේවය කරන්නෙ සූරා කන ධනපති පංතියට. ඕව අපේ “ජනතා විමුක්ති”
, “රතු ලංකා”, “රතු බලය”, “රතු කැකුලු” වගේ නිර්ධන පංති මතවාදෙ ගෙනියන
ඒව නෙවි.
උඹත් හරියට අනුරයිය වගේ. අනං මනං දොඩෝනව. අහන ප්‍රශ්ණෙට නෙවි
උත්තර දෙන්නෙ. තක්කඩියෙක් වෙන්න එපා බං. මං ඇහුවෙ අර ඔරලෝසු,
හොරකං කරපුවද කියල .
අපි කරන්නෙ බුද්ධිය කරාඹල හදවත කෙලින් කරන එක. එතකොට හොරෙන්
ගන්න ඕන නෑ. පරිත්‍යාග කරනව. අපි දක්ෂ උනොත් ජීවිතේ උනත් පරිත්‍යාග
කරව ගන්න පුලුවන්.
මොකද්ද බං ඒ අපභ්‍රංසෙ.
ඇත්තම කතාවක් කියන්නං උඹට තේරේවි මං කියන මහාප්‍රාණ භාෂාව
රත්තරන් කරාඹු කූට්ටම.
මේක, විජේවීරට අහු වෙච්ච මුල්ම ෆුල් ටයිම් දැරිවියෝ දෙන්නගෙ කතාවක්.
කමනි දේශප්‍රිය එක් කෙනෙක් . ලඟදි ජීවිතෙන් සමුගත්ත නොසිතූ මොහොතක.
මගේ හිතවතෙක් වෙන මැකෝ කිව්වම මැක්කෙක් උනත් දන්න මහින්ද දේශප්‍රිය
ගෙත් සුනන්දගෙත් අක්ක. පවුලෙ එකම කෙල්ල. කොච්චරක්නං ලඳ බොලඳ
වයසෙද කිව්වොත් කොල්ලො කෙල්ලන්ට සෙවල දානව කියන එකවත් දන්නෙ
නෑ.
උඹ කොහොමද දන්නෙ?
නිර්ධනපංති දශමූලාරිෂ්ඨය.
මේං අහගනින් එහෙනං. විජේවීරයි, ලයියයි ( බෝපගේ ) මේ දෙන්නයි
අම්බලන්ගොඩින් රුහුණු කුමාරි කෝච්චියට නගින්නෙ තංගල්ලෙ විජේවීරලයි
ගෙදර දවස් දෙකක් ඉඳල අධ්‍යාපන කඳවුරකට යන්න. මේ දෙන්න වෙනම සීට්
එකක. ලයියල පසු පෙලේ. ඒත් දෙගොල්ලට දෙගොල්ල පේනව. ටික වෙලාවකින්
කොල්ලො දෙන්නෙක් ඉස්සරහ සීට් එකට ආව. මුං ආවෙ සෙවල පෙරන්න.
මේ දැරිවියෝ හිතුවේ මේ ආවේ C.I.D කාරයො දෙන්නෙක් කියල. උස්මුරුත්තෙට එනකකං පෙවිල
තියෙන්නෙ නිර්ධනපංති දශමූලාරිෂ්ඨය නේ. අඳුරන්නෙ නැති එකෙක් කතාවට
ආවොත් ඌ C.I.D කාරය. කතාවට හරස් ප්‍රශ්ණ දැම්මොත් ඌ ද්‍රෝහිය.

ලයිය ඇවිත් මේ ගැටිස්සියෝ දෙන්න එක්ක ගිහින් එයාලගේ ඉස්සරහ සීට් එකේ වාඩි කෙරෙව්ව.
ඔය කතාව කිව්වෙ මගේ වගේම එයාලගෙත් මොලේ තරම තේරුං ගන්න.
කියන්න ඕන උනේ ඕක නෙවි.
උඩම ඇවරියෙ පොරක් වෙච්ච ලක්ෂ්මන් මහදූවගේ දවසක්ද කියනව,
” කුණු බක්කි ඇහිඳගෙන කාල තමයි සමහර අපේ අය වැඩ කරන්නෙ”
පපු කැනතු උනු නොවී තියේවිද. දෙන්නම කරාඹු ගලවල දුන්න. කමනී අහු උනා
අම්මට. එකම දුව හින්ද අවදානෙ වැඩියි. බැනුම් ගමකට
( මහදූවගෙ කතාව ඇත්තෙයි? ඔහේලට එහෙම හිතෙනවයි? ) පවි ! අහිංසක
කෙල්ලො දෙන්න.
අප්‍රේල් 7 ද දවසම ගෙවුනෙ පේරාදෙනි විමුක්ති හමුදා අණු ඛණ්ඩයේ රතු භටයින්
මුදා හැරීමේ බැරෑරුම් කර්තව්‍ය වෙනුවෙන්.
එහෙමනං…. නිර්ධනපංති ජත්‍යන්තර ගීතය අහලම තවත් දවසක හමුවීමේ
බලාපොරොත්තුවෙන් සමු ගමු නේද …
යන්ට යමූ – අපි යන්ට යමූ
දෙව්ලෝකෙ දිහා විගසින්…
බොල බූරු පුතේ බොල – බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන් “…

කැම්පස් වල හෙවත් එලිමහන් රඟහල(Open Air Theatre)
අදට ඔච්චරයි.
(1970 දි බිනර මහේ දවසක විජේවීරත් එක්ක මාකස් අබේ “වල” බැහැපු කථාව ඊලඟ දවසට).
S. Abesinghe.
