සිංහල සාහිත්‍යය තුල සිටි බහුතරයක් පිරිමි දුබලයෝ. අරවින්ද තම අනන්‍යතාවය සඟවාගෙන සිටින සමලිංගිකයෙක් -closet homosexual. අරවින්ද ඉවාන් ගන්චරොව් විසින් හඳුන්වා දෙන Oblomov චරිතයට සමානයි. අරවින්ද ඔබ්ලෝමොව් මෙන් කිසිවක් ඉටුකර ගැනීමේ අභිලාෂය සොයා ගැනීමට නොහැකි සහ වැදගත් තීරණ ගැනීමට නොහැකි පුද්ගලයෙක්.

කරුනාසේන ජයලත් ගේ “ගොළු හදවත” තුලින් ඉදිරිපත් කෙරෙන “සුගත්” දුර්වළ පිරිමියෙක්. මාතෘ සහ පීතෘ වියෝගයට කුඩා කාලයේ ලක්වූ සුගත් ප්‍රථම ප්‍රේමයේ බලාපොරොත්තු කඩා වැටීම නිසා මධු ලෝලියෙක් වෙනවා. ඔහු තුල Empty Space හෙවත් මෝඝ අවකාශයක් තියනවා හැටේ දශකයේ සිංහල පිරිමින් ගේ පරමාදර්ශය උනේ සුගත්. බොහෝ දෙනෙක් මේ දුර්වළ පෞරුෂය වැළඳ ගත්තා. ඔහු අනුව යමින් සිගරට් පවා බිව්වා. මේ ස්වපීඩාකාමය කෙරෙහි ආකර්ශනයට සිංහල සාමූහික අවිඥාණයේ තියන අත්තකිල මතානුයෝගය හේතු කාරකයක් වන්නට ඇති.
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත “ගම්පෙරලිය” කෘතියේ “පියල්” උන්නතිකාමියෙක්. එහෙත් කුල පීඩිත මානසිකත්වයෙන් ජීවත් වන්නෙක්. ඔහුගේ සඟවා ගත් කුල පීඩිත හීනමානය පුපුරා යන්නේ ජිනදාසව තමන් ගේ වියදමින් භූමිදානය කල බව ඇසීමෙන්. ඔහු තුල insecure හැඟීම් තියනවා. ධනවත් උනත් ඔහුගේ පෞරුෂය fragile පහසුවෙන් බිඳෙන සුළුයි.
කරුනාසේන ජයලත්ගේ “ගැහැණූ ළමයි” හි “නිමල් හතුරුසිංහ” ඉතා දුර්වල පිරිමියෙක්. කුඩා කාලයේ අඟ හිඟ ජීවිතය ජය ගන්න ධනවත් පද්මිනී බැඳලා විනාශ වෙනවා. ඔහුට පෞරුෂයක් තිබුනේ නෑ. අවසානයේදී පරාජිත දිසාපති එන්නේ තමන් මනසින් ප්‍රතික්ශේප කල ඩ්‍රයිවර් පියා ලඟට. එහෙත් සමහර විශ්ව විද්‍යාල සිසුන් මනසින් නිමල් හතුරුසිංහලා වෙන්න හැදුවා.
කේ ජයතිලක ඉදිරිපත් කරන කමල්සිරි හීනමානය කුල පීඩිත අනාරක්ෂිත බව හිස උඩ තියාගෙන ඉන්න පරිපාලන නිලධාරියෙක්. ඔහුගේ පරිපාලන තීරණ වලටත් මේ හීනමානය බලපානවා.

“යශෝරාවය” කථාවේ ඉදිරිපත්වන “බලදේව” ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන්නෙක්. ක්සෙනෆෝබියාව (Xenophobia) සහ නවතාවයට බියක් ඔහු තුල තියනවා. අසූව දශකයේ සමහර නාගරික සිංහල පිරිමි බලදේව වගේ නැෂනල් සූට් එකට බැස්සා. සෝම භික්ෂුවගේ ප්‍රොජෙක්ට් එකේ බලදේවලා ගොඩක් දකින්න පුලුවන් උනා. සමහරු නලීන් ද සිල්වා ගේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන මතයට අනුගත වුනා.
ගුණදාස අමරසේකර අපට ඉදිරිපත් කරන පිරිමි චරිත බොහොමයක් අපගාමී (Deviant) ලක්ෂණ වලින් යුක්තයි. ඔවුන් දුර්වළ සහ කාමයට අපගාමී ලෙස නැඹුරු වූ ග්‍රාමීය පිරිමි. සමහරු ව්යාභිචාරිකයන්.
සිංහල සාහිත්‍යය අරා සිටි දුර්වළ පිරිමි මිනිසුන් ගේ පරමාදර්ශ සහ ආකර්ශනය දිනා ගන්න එක හේතුවක් වෙන්න ඇත්තේ සිංහලයන් තුල ජීවිතය පිලිබඳ තිබෙන ආකල්පය ; ජීවිතය දුකයි ; මේ ජීවිතයේ ගත යුතු දෙයක් නෑ; මේ ජීවිතයෙන් පමණක් නෙවෙයි සංසාරය කියන චක්‍රයෙන් පවා මිදෙන්න ඕන කියන ආකල්පය.

මගේ අදහස අනුව සිංහල සාහිත්‍යයේ සිටි ශක්තිමත්ම පිරිමියා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “යුගාන්තය” තියේ “සවිමන් කබලානය”. ඔහු උන්නතිකාමියෙක්. දියුණු වීම සංවර්ධනය ඔහුගේ ආදර්ශ වාක්‍යය. නිර්දය විය යුතු තැන් වලදී ඔහු නිර්දය වෙනවා. ෆෙඩ්රිච් නීට්ශේ ගේ අදහස් අනුව බැලූ විට Übermensch, ගති ලක්ෂණ බොහොමයක් සවිමන් කබලාන තුල තියනවා. ඔහු ඉදිරිගාමියෙක්. සවිමන් සාම්ප්‍රදායික සිංහල සමාජයේ සිංහල සංස්කෘතියේ සමාජයේ පොදු මතයන්ට ගැති වීම (herd morality) ප්‍රතික්ශේප කරනවා. ඔහු ශුන්‍යතාවාදය (nihilism) සාර්ථකව ජයගත් පුද්ගලයෙක්. ඔහුට තමන් ගේ ස්වාධීන සාරධර්ම තියනවා. ඔහු ද්වී භාෂා හැකියාව ඈති ප්‍රබල පෞරුෂයකින් මෙන්ම ශාරීරිකව ශක්තිමත් වූ ඇග්රෙසිව් ඇල්ෆා මේල් කෙනෙක්.
ඔහුට බටහිර සාහිත්‍ය කලාව පිලිබඳ උසස් දැණුමක් තියනවා. ඔහු දේශන පවා කරනවා. බටහිර ටයි කෝට් අඳින සමාජය ඉදිරිපිට ඔහු ඇඹරෙන්නේ නෑ. මහජන මතයට ගැති වීමේ මානසිකත්වය” ප්‍රතික්ෂේප කිරීම සවිමන් ගේ ලක්ෂණයක්. ඔහු මෙලොව ජීවිතය සහ ප්‍රායෝගිකත්වය කෙරෙහි අවධානය යොමු කරන්නෙක්. එහෙත් සිංහල සමාජය සර්පයෙකු බැහැර කරනවා සේ බියෙන් සහ පිලිකුලෙන් සවිමන් කබලාන බැහැර කරනවා. මීට හේතුව දොස්තර වික්‍රමසිංහ / එන් එම් පෙරේරා / විජේවීර ආකල්ප පරම්පරා විසින් වැළඳ ගැනීම නිසා මෙන්ම ධනයට තියන බය සහ පිලිකුල ; සේරි වාණිජ ජාතකයේ පරම්පරාගත බලපෑම නිසා විය හැකියි.
සිංහල පාඨකයා සවිමන් කබලානව ප්‍රතික්ශේප කරනවා එහෙත් සමහරක් මාක්ස්වාදය කෙරෙහි ආකර්ශනය නිසා කබලාන ගේ පුතා වන මාලන්ව වැළඳ ගන්නවා. මාලන් අපරිණත කොග්ගල ආච්චිගේ සල්ලි වලින් යැපෙන දුර්වළ පිරිමියෙක්. සිංහල සමාජය දුර්වළ පිරිමියා සොයා ගෙන යාම ඔවුන්ව උත්කර්ශයට පත් කිරීම සහ ඔවුන්ව පරමාදර්ශ කර ගැනීම මනෝ විද්‍යාත්මකව ඇනලයිස් කල යුතුයි.
