|

රනිල්​ වික්‍රමසිංහ හෙට​ට​ත්​ වලංගු​ද..?

https://economynext.com/wp-content/uploads/2019/11/Ranil_01_lg.jpg

රනිල් වික්‍රමසිංහ(Ranil Wickremesinghe) හෙටටත් වලංගු​ද.? මේ වනවිට නව රජය පත්වී නව වන විධායක ජනාධිපති තුමා සහ එතුමා යටතේ නව රජය තුනෙන් දෙකකටත් වඩා ජනතා බලයක් ලබා ඇති මොහොත​ක, නව කැබිනට් මණ්ඩලය සහ නව අග්‍රාමාත්‍ය තුමියද පත්වී මාස දෙකක් පමන ගතවී ඇ​ති මොහොතක, ඔවුන්​ගේ​ ජයග්‍රහනය​න් වෙත සුබ පතමින්ම මෙම ජනපතිවරණය තුලින් පරාජයට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත් සම​ග ​ඉදිරි දේශපාලනය තු​ල ඔහු​ගේ වලං​ගු භාව​ය පිලිබඳ​ව සටහනක් තැබීම මේ ලිපියෙහි අරමුණ වේ. එසේම අළුතෙන් රජයක් පත්වූ විට එයට ස්ත්‍රෝත ගයන්නන්ද, ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ගිනිකණ වැටී ඇති අයද, අළුත පත්වූ රජයේ කුමන හෝ සුළු අඩුපාඩුවක් හෝ හොයාගන්නා තුරු ඉස්පාසුවක් නැතිව පසුවෙන්නන්ද, නව රජය පවත්වාගෙන යෑමට නොහැකිව අර්බුදයට යෑම දැකීමට පුල පුලා බලාසිටින්නන් ගෙන්ද අඩුවක් නොමැති මේ කාලපරිච්චේදය තුල මේ ලිපිය බොහෝවිට ඉහත දැක්වූ කංඩායම් වලට නොව ඊට වඩා එහාට ගිය දේශපාලන කියවීමක් සහිත අයට මේ ලිපිය ගැලපේ යැයි සිතමි.

ජේ.ආර් ජයවර්ධන භූමිකාව.

ඇත්ත වශයෙන්ම ජාතික ජනබල වේගය බලය තහවුරු කරගන්නා තුරුම ලාංකීය දේශපාලන භූමියට ජේ.ආර්.ජයවර්​​ද​නගෙන් ගැලවී ග​ත නොහැ​කි විය. JR ගේ ව්‍යවස්තා උගුලෙන් ගැලවීමට හැකියාවක් හෝ උවමනාවක් මෙතෙක් බලයට පත්වූ කිසිම පක්ෂයකට හෝ සන්දානයක​ට නොවීය. එපමනක් නොව මෙතෙක් බලයට පත්වූ සියලුම බලවේග සිදුකලේද බලය පවත්වාගෙන යාමට ජේආර් ගේ ව්‍යවස්තාවේ අටවාතිබූ උගුල්වල පිහිට පැතීමය.

​ආර්ති​ක ප්‍රතිසංස්කරන ලෙසද ජේආර් විසින් 1977 සි​ට හදුන්වාදු​න් නවලිබරල් ප්‍රතිපත්ති ඔහුට බැන බැන ක්‍රියාත්මක කිරීමයි. ජේආර් ගෙන ආ විධායක ජනාධිපති ධූරයද මේ දක්වා පත්වූ සියලුම රජයවල් ජේ ආර්ට බැනවදිමින්ම භුක්ති විදි තනතුරක්ම විය. පත්වූ ආන්ඩුද, ජනතාවද සිදුකලේ විවෘත ආර්තිකයට තොරතෝංචියක් නොමැතිව බැන වදිමින් එම විවෘත ආර්තිකයේ ඵලයන් එක්තරා ආකාරයකින් අඩුවැඩි ලෙ​ස භුක්ති විඳ​ගැනීම​යි.

70-77 කාලය තුලදී රටතුල තිබූ භාන්ඩ හිඟය, පෝලිම් යුගය,හාල් පොලු,මිරිස් පොලු අවසන් කොට රටපුරා භාන්ඩ සුලභ කරමින්ද,දේශීය ශ්‍රමිකයාට විදේශීය ශ්‍රම වෙළදපොල විවෘත කරමින්​ද රට තුල විවි​ද අඩුපා​ඩු​ ඇතිව ධනේශ්ව​ර ආර්තික ප්‍රතිපත්ති යම්තාක් දුරකට ඇතිකිරීමට ජේආර් ජයවර්දන සමත්විය. එබවින් ලාංකීය දේශපාලනය තුල ජේආර් භූමිකාවෙන් ගැලවීමට අද දක්වාම නොහැකිවිය.ජේ ආර්ගේ හෙවනැල්ල මේ අයුරින් අද දක්වාම ලාංකීය දේශපාලන භූමිය මත පතිත වී ඇති බව මින් පැහැදිලි වේ.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_d23e2cec90.jpg

රනිල් සාධකය ස්ථානගතවී ඇති ආකාරය.

නව රජය පත්වීමත් සමගම තම ධූරයෙන් සමුගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් වලින්ද ඉවත්වී ගොස් ඇත. සමහර ඔහුගේ විරුද්ධවාදීන්ට අනුව ඔහුගේ පසුගිය දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහුගේ පුරවැසිභාවය අහෝසි කලයුතු බවට නඩු තීන්දුද ලබාදී තිබේ. තවත් අයට අනුව ඔහු පසුගිය වසර දෙක තුලදී කරන ලද මර්දනයන් විමසා බලා ඒවා නීති විරෝධී බැවින් ඔහුව සිරගෙට යැවිය යුතු බවට තීන්දුද ලබාදී තිබේ. එහෙත් දේශපාලන ලෝකය තුල මේ දක්වා රනිල් සාධකය ස්ථානගතව තිබූ ආකාරය අනුව සහ ඒ පිලිබඳව විශ්ලේශණාත්මකව බලන අයෙකුටනම් ඔහුගේ භූමිකාව එසේ සරලව ලඝුකොට ඒ කියන තරම් සරල ලෙස දඬුවම් වලට යටත්කිරීම් දක්වා ඌණනය කිරීමට වඩා, සොයා බැලිය යුත්තේ රනිල්ගෙන්(Ranil Wickremesinghe) ලාංකික දේශපාලන භූමියට තවදුරටත් උපයාගත යුතු දෙයක් ඇද්දැයි යන්නය. එයට හේතුව නම් රටට වඩා රනිල් සාධකය රටින් පිට විදේශ බලවතුනට පවා අවශ්‍ය වී ඇතිබව ඔහුට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට කල ඇරයුමෙන්ම පෙනෙන හෙයිනි.

ධනපති කඳවුර ශක්තිමත් වීමේ අවශ්‍යතාවය.

රනිල්ගේ(Ranil Wickremesinghe) භූමිකාව අපට තවමත් වැඳගත් වන්නේ එම සොයාබැලීම් තුලදී බව මාගේ හැඟීමයි. එක් අතකින් ලිබරල් දේශපාලනය තුල අපට දැකගත හැකි එක්තරා අවසන් කොළඹ ප්‍රභූවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. මංගල සමරවීර නැමැති සුවිසල් ලිබරල් චරිතය රටට අහිමිවීමෙන් පසු අපට ඉතිරිව ඇත්තේද මේ ලිබරල් නායකයා පමණි. අනෙකුත් ලිබරල් බුද්ධිමතුන් මෙන්ම වාමවාදී බුද්ධිමතුන් ඇත්තේද මේ කියන දේශපාලන බලවේග වලට පිටතිනි. එබැවින් අප හමුවේ පැවරී ඇති එක් වැඳගත්ම කර්‍යභාරයක් වන්නේ රනිල් ලවා ලිබරල් කඳවුර ශක්තිමත් කරගැනීමයි.

මාගේ යෝජනාව නම් ඔහු හරහා නැවත “එක්සත් ජාතික පක්ෂය” ශක්තිමත් කරගැනීමයි. මේ එක්සත් ජාතික පක්ෂයේ ඛංඩනය නිසාම රටේ දේශපාලනය ඉතාම නරක අන්තයක් කරා ගියබව මාගේ හැගීමයි. එයින් බෙදීගිය ” සමගි බලවේගය” නැමැති දේශපාලන අත දරුවා බිහිවූයේ මේ එජාප ඛංඩණය වීමෙනි. අතීතයේදී ඩී. එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි නායකයින් බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි. රටේ එක තැන පල්වුනු ජාතික ආර්ථිකයට විවෘත ආර්ථික රටාව අඩුපාඩු මැද්දේ උනද හඳුන්වා දුන්නේද, ඒ හරහා රටේ සුළුවෙන් හෝ වැඩකරන පංතියක් බිහිවුනේද එක්සත් ජාතික පක්ෂය නිසාය. එසේම රටේ ප්‍රභල දක්ෂිණාංශික කංඩායම බිහිකලේද එක්සත් ජාතික පක්ෂයයි. එබැවින් යලි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් නොවී හරියාකාරව රටේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ සහ ඒවා සාර්ථක කරගැනීමේ මෙන්ම පවත්වාගෙන යාමේ දැඩි අවධානමක් පවතී.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_5eb29e8364.jpg,https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTlUXYEtm0B-MdzYJqqnjCSYXfQGik3hBdGIqXruhj54745MzzxQ66tE4N15IqOOUuMthk&usqp=CAU
අනිත් අතට මංග​ල සහ රනි​ල් ය​නු ලාංකීය දේශපාලන​ය තුල තව දශක ගණනාවක් ඉදිරියේදී හමුවිය යුතු චරිත විය යුතුව තිබුනා මිස මෙවන් ඉ​තා පසුගාමී සමාජ තලයන් තු​ල මුල් ඇදෙන චරිතයන්​ද නොවේ. මංග​ල,රනිල් වැ​නි සුවිශේෂ ලිබර​ල් චරිත ලංකාව තුල පහල වීමම අත්‍යවශ්‍ය කාලයට පෙර සිදුවූ ඒවා බවද මතක් කරදීමට කැමැත්තෙමි.

අවසන් කොළඹ ලිබරල් ප්‍රභූවරයා ලෙස.

මා අදහස් කරන ආකාරයට රනිල්ගේ කාර්‍යභාරය ලෙස දැන් එළබී ඇත්තේ රටේ අකර්මණ්‍ය වුණු දියුණු දක්ෂිණාංශික ලිබරල් පක්ෂයට පණ පෙවීමයි. දැන් ජයලබා උදම් අණන ජාතික ජනබල වේගයේ දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයද දැන් කලයුතු වන්නේ තම තමන්ද දියුණු දේශපාලන සාක්ෂරතාවන් ලබාගෙන සමාජය තුලම ඒ දේශපාලන සාක්ෂරතාව ඇතිකිරීමට වගබලාගැනීමයි. එසේ නොමැතිව රටේ ඉදිරිගාමී වැඩපිලිවෙලවල් රජය පමණක් ගෙනගිය පමණින් ඒවා භූමිය තුල දේශපාලන කල්චර් බවට පත්වන්නේ නැත. එසේ නොවනතාක් කල් ගනුලබන බොහෝ ප්‍රගතිශීලි පියවරයන් ගේ ආයුකාලය ඊලඟට පැමිණෙන සජිත් හෝ අනෙකුත් ජාතිකවා​දී බලවේග තුලින් නැවත අහෝසිවීමට ඇති ඉඩකඩද බැහැරකල නොහැකිය.

ඒ අයුරින් බලනකල, ජාතික ජනබල වේගයේ හිතවතුනට දැන් කිසිසේත් අවබෝධ නොවුනද පැවැත්වූ ජනපතිවරණය තුලට ස්වාධීන අපේක්ශකයා ලෙස පැමිණ හෝ රනිල් වික්‍රමසිංහ(Ranil Wicremesinghe) මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැලැක්වීමට ක්‍රියාකරමින් අනුර දිසානායක මහතාට ජනාධිපති වීමට අනියමින් සහයෝගය දැක්වීමද එක්තරා අන්දමකට ඓතිහාසික කාරණයකි. එබැවින් අප අවසන් කොළඹ ලිබරල් නායකයාට සමුදිය නොහැක්කේද ඔහුට අයත් තවත් විශේෂ කාර්‍යභාරයක් තවම ඉතිරිව ඇති බැවිනි.

Ranjana Senanayake.

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *