බල නහර ලැජ්ජා නහර සහ තනි ධමනි.
“පොහොසත් රටක් සතුටුදායක ජීවිතයක්” උදාකරන බවට වේදිකාවල බෙරිහන්දුන් බලවේගයක් දැන් තුනෙන් දෙකක බලයක් සහිතව පාලනයට පැමිණ ඇත. එහෙත් බලයට පැමිණ වසරක් ඉකුත්වූ තැන සිටම එසේ ජනතාවට පොරොන්දුවු කිසිවක් ලබාදීමට පමණක් නොව අවුලක් නොමැතිව ආන්ඩුකරණය කිරීම පවා මේ ජාතික ජනබල වේගය අසමත් වෙමින්ද ඒ අසමත්කම නොඅඩුව ප්‍රදර්ශණය කරමින්ද සිටී. ජාතික ජනබලවේගයේ මැක්කන් කිණිතුල්ලන් සහ නිල මැස්සන් කුමන මාදිලියේ වර්ණනා පිරුණු පුවත් සමාජ මාධ්‍යවල වැපිරීමට උත්සාහ කලද දැන් ජාතික ජනබලවේගයේ අදහාගත නොහැකි “අසමත්කම” ඉතාම පැහැදිලි අයුරිනුත් ඉතාම ජුගුප්සාගත ආකාරයකිනුත් ලාංකීය දේශපාලණ භූමිය තුල මනාසේ විද්‍යාමාන වෙමින් ඇත.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අතිභයානක අසමත්කම.
ඒ අසමත්කම හොරකම් කිරීම් අත් වැරදි වලින්, හොරකම් වැසීමට තැත්කිරීම් වලින් පටන්ගෙන දැන් දැන් හැකර් වරුන් හරහා ගෙල වැලලාගැනීම් සහ බලනහර කපාගැනීම් දක්වා ඉදිරියට ගොස් ඩොලරය රුපියල් 355 ක් දක්වා රුපියල කඩාවැටී මේ වනවිට “අනේ අපිට පලපුරුද්ද ඇති අය නෑ, කවුරු හරි විපක්ෂයේ අය ඉන්නවනම් ඇවිත් ඇමතිකම් ඇරගන්න” කියන තැනටම අති භයානක ලෙස ඇදවැටී ඇත. නමුත් ඔවුන් මුලදී පොරටෝක් දුන්නේ තමන්ගේ 159 දෙනාම ලක්ශ්මන් කදිරගාමර්ලා බවයි. මේ කදිරගාමර් 159 දෙනා විපක්ෂයේ චාමර සම්පත්ලාගෙන් පාර්ලිමේන්තුව තුල බයිට් වෙන විදියට මොවුන් ලක්ෂ්මන් කදිරගාමර්ලා තබා කැළණියේ නිශාන්ත රණවීරලාගේ හැකියාවක් වත් ඇතිඅය නොවන බව දැන් දැන් ඉතා පැහැදිලිය. කොටින්ම ලංකාවේ ගොබ්බ ජනතාව වගාවට හානිකිරීමට එන සතුන් බියකිරීමට හිටවන පඹයින් රොත්තකට රට බාරදී ඔවුන් රට ගොඩදාන තුරු බකං නිලාගෙන සිටී. ඒ මදිවාට අතොරක් නොමැතිව මොවුන් කරන මරි මෝඩකම් හෝදමින් සිටී. එනයින් බලන කල පොදුවේ පාලකයින් මෙන්ම පොදු ජනතාවගේ ලජ්ජා නහරද කපාගෙන අවසන් බව පෙනේ.
ඇත්තෙන්ම මේ බලනහර කපාගැනීම්, ගෙල වැලලා ගැනීම් සහ ඔළුකටුව පලාගෙන යාමට පිස්තෝල කටේ ඔබාගෙන වෙඩිතබාගැනීම් ඉතා බහුලව සිදු උනේ එදා හිට්ලර්ගේ සහ ස්ටාලින්ගේ පාලන කාලයන් තුලදීය. එයට හේතුව නම් ඔවුන් එදා ගෙනගිය ආඥ්ඥාදායක පාලන ස්වරූපයයි. ඒ ආග්ඥාදායක පාලනයන් තුල සාමාන්‍ය ජනතාවට තබා රාජ්‍ය නිලධාරීන්ට හෝ පක්ෂ සාමාජිකයින්ටවත් කිසි නිදහසක් භුක්ති විඳීමට නොහැකි විය.
හිට්ලර් සහ ස්ටාලින්ගේ ආග්ඥාදායකත්වය.
එදා ජර්මනියේ තරුණියක් විවාහ වීමට තමන් විවාහ වීමට යන පුද්ගලයා පිළිබඳව විස්තර ඇතුලත් කොට අවසර ඉල්ලා ෆෙයර හෙවත් චාන්ස්ලර් හිට්ලර්ට ලිපියක් යැවීම සිරිතක් විය. හිට්ලර් එවැනි ලියුම් නොබැලුවද ඔහුගේ කාර්‍යාලය මගින් අනුමැතිය ලබාදෙන ලිපියක් පෙරලා මෙකී විවාහවන කාන්තාවන් වෙත ලැබිනි. එවිට මහා සතුටකින් ඒ කාන්තාවන් තම හිතවත් අයට කියාසිටියේ තම විවාහයට හිට්ලර් කැමැත්ත දී ඇති බවයි.
එසේම ස්ටාලින්ගේ බෝල්ෂෙවික රෙජීමය තුලදී රාජ්‍ය නිලධාරීන් සහ පක්ෂ සාමාජිකයින් පසුවුනේ අධික ජීවිත බියකින් යුක්තවය. ස්ටාලින් සහභාගි නොවූ රැස්වීමකදී දේශකයා ස්ටාලින්ගේ නම කියන සෑම වාරයක්ම පාසා විනාඩි ගණනාවක් නැඟිට අත්පොලොසන් දියයුතු විය. වරක් මෙසේ ශාලාවක පැවැත්වූ සාමාජිකයින්ගේ රැස්වීමකදී ස්ටාලින්ගේ නම කියවුනු සැනින් රැස්වීමට පැමිනි සාමාජිකයින් නොනවත්වා නැඟිට අත් පොලොසන් දීම කරගෙන ගිය අතර ඒ අත් පොලොසන් දීම විනාඩි 8 ත් ඉක්මවාගිය තැන වේදිකාවේ අසුන්ගෙන සිටි ඒ පළාතේ වෛද්‍යවරයා මේ කන් කරච්චලය ඉවසාසිටීමට බැරිම තැන අසුනින් නැගිට අත්පොලොසන් දෙන බෝල්ෂෙවික් සාමාජිකයින් හට සන්සුන්ව වාඩිවන ලෙස දැනුම්දී සභාවේ ඉතිරි වැඩ කරගෙනයනලදී.
එහෙත් එදින සවස එම වෛද්‍යවරයා සොයා පැමිණි ස්ටාලින්ගේ ආකීර්තිමත් NKVD ඔත්තු සේවය ඔහුට තර්ජනය කොට පැවසුවේ ස්ටාලින් සහෝදරයාට අත් පොලොසන් දෙන ඕනෑම සභාවක එය නැවැත්වීම ද්‍රෝහි කමක් බවයි.
මේ ආකාරයේ පක්ෂ ක්‍රියාධරයින් සහ රාජ්‍ය නිලධාරීන් යන දෙවර්ගයේම අයගේ ගෙල සිරවූයේ එදා හිට්ලර් සහ ස්ටාලින් වැනි බිහිසුනු ආග්ඥාදායකයින් බලට හොබවන විටදීය.
ලැජ්ජා නහර කපාගැනීමේ සිට බල නහර කපා ගනීම දක්වා.

එහෙත් අද වනවිට ජනතා විමුක්ති පෙරමුන මූලිකවී බලය හොබවන ජාතික ජනබල වේග රජය දැන් තුනෙන් දෙකක බලයක් තබාගෙන රට පාලනය කරන ආකාරය සහ ඔවුන් රට ගෙනයමින් සිටින්නේ කුමන දිශාවටද යන්න දැන් ඉතා පැහැදිලි වෙමින් තිබේ. ලජ්ජා නහර කපාගෙන නැති ඕනෑම කෙනෙකුට මේවනවිට එය මනාසේ පැහදිලි වියයුතුය.
ජවිපෙ ශිෂ්‍ය අංශය හරහා පැමිණි සහ පරිපාලන ක්ෂේත්‍රයේ ඉහලට පැමිණි රාජ්‍ය සේවකයෙකු බල නහර පාද දෙකේත් අත් වලත් තමන් විසින්ම නිවසේ මේස පිහියක් වැනි දෙයකින් කපාගෙන පැය කීපයකින් නිවසේදීම සියදිවි නසාගෙන ඇතිබව වාර්ථා විය. මේ සිද්ධිය සිදුවූ වෙලේ සිටම බොහෝ ජාතික ජනබල වේගයෙ හිතවතුන් සහ සාමාජිකයින් සමාජ මධ්‍යවල උත්සාහ ගනු ලබන්නේ මෙම නිලධාරියා සියදිවි හානිකරගෙන මිස කවුරුන්හෝ ඝාතනය කොට නොමැති බව පෙන්වීමටය.
මට තේරෙන අයුරින්නම් මෙය සියදිවි නසාගැනීමක් වෙන්නේනම් ජාතික ජනබල ආන්ඩුවට අත්වන අපකීර්තිය අත්වන්නේ ඔහු සියදිවි නසාගැනීම තුල මිස ඝාතනය කිරීම තුල නොවේය යන්නයි.
මක්නිසාද යත්, මේ ජවිපෙ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගය මැතිවරණ වලදී බෙරිහන් දුන්නේ “ඉන්න හිතෙන රටක්” හදන බවටය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සටන් පාඨය වූයේ, “පොහොසත් රටක්, සතුටුදායක ජීවිතයක්” යන්නය. නමුත් ඉන්න හිතෙන රටක් වෙනුවට බල නහර කපාගෙන මැරෙන්න හිතෙන රටක් දැන් නිර්මානය වී තිබීම ජවිපෙ මූලිකවී ගොඩනැගූ ජාතික ජනබලවේග ආන්ඩුවේ කෙරුවාව පෙන්වන එක්තරා කැඩපතක් වැනිය.
NPP බෙරිහන් දුන් සැමට සමාන නීතියේ තරම.
ඇත්තටම මේ NPP ආන්ඩුව බලයට ඒමට බෙරිහන් දුන් තවත් පොරොන්දුවක් වූයේ නීතිය සැමටම සමානව ක්‍රියාත්මක කරන නීතිගරුක රටක් බිහිකරන බවය. නමුත් මෑතකදී වයස 14 ක් වන දැරියකට අටමස්ථානාධිපති පදවිය ඔසවන චීවර ධාරියා සිදුකොට ඇති ළමා ස්ත්‍රී දූෂන චෝදනාවේදී රජය එම චීවර ධාරියා නීතිය හමුවට කැඳවූ ආකාරය අතිශය ජුගුප්සා ජනකය. සියළු චෝදනා පැහැදිලිව නිරාවරණය වී තිබූ වටපිටාවක මෙම චීවර ධාරියා නවලෝක පෞද්ගලික රෝහලේ නවත්වාගෙන සිදුකල නාටකය අතිශය විහිලු සහගත මෙන්ම අතිශය පිලිකුල් සහගතය.
මෙවන් චෝදනා එංගලන්තයේ විසූ ලාංකික චීවර ධාරියෙකුට එල්ලවී ඒවා ඔප්පුවීමෙන් පසු එම චීවර ධාරියාට පෞද්ගලික රෝහල් වල සරණ යාමට හැකිවුනේ නැත. පංසලේ බුදුකුටියේ ලාබාල දැරියක් අපයෝජනය කල ඔහු අත් අඩංගුවට පත්වී නියමිත දඩුවමට යටත්වීමෙන් අනතුරුව පවා ඔහුට බාල වයස්කාර ළමුන් අසල ගැවසීමේ තහනමක්ද නිකුත්විය. පසුව ලංකාවට පැනගත් මේ චීවරධාරියා මේ මහා ජනතාවාදී රජය යටතේදීත් කිසිදු අපහසුවකින් තොරව ළමා නිවාසයක් පවත්වාගෙන යන බවට ආරංචි තිබේ. එසේම මෙම අටමස්ථානාධිපති වරයාට කිසිදු හිරිකිතයක් නොමැතිව යහතින් ඇප ලබාදී තිබුනේ නීතිපති දෙපාර්ථමේන්තුවෙන් කිසිවකු ඇපදීමට විරුද්ධ නොවූ පසුබිමකදීය.
ඒ මදිවාට මේ දුරාචාර අටමස්ථානාධිපති වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ්ඥයින් පොරකන පසුබිමකදීය. ඔවුන්ගෙන් සම- හරක් මාධ්‍යවලට පෙනීසිටිමින් කීවේ ඈත පෙදෙස්වල ලාබාල තරුණියන් බොහොමයක් මෙවන් අපයෝජන වලට ලක්වන බවත් ඒවා සාමාන්‍ය දේවල් බවත්, මේ අටමස්ථානාධිපති වරයාට ඇති චෝදනාවත් සාමාන්‍ය එකක් බවයි. මේ මුදල් පොදියට පොරකන නීතිඥ්ඥයින් අතර දියණියන් සිටින පියවරුන්ද නැගනියන් සිටින අයියලාද සිටීම විශේෂත්වයකි. ඕනෑම නඩුවකට චූදතයින් වෙනුවෙන් පෙනීසිටීමට නීතිමය අයිතියක් නීතීඥ්ඥවරුන්ට ඇතිබව සත්‍යයක් මුත් මෙය නීතිය පිළිබඳ පමනක් නොව සදාචාරමය ප්‍රශ්නයක්ද වනබව මේ උගත් නීතීඥ්ඥ තුමන්ලා නොදන්නවා නොවේ.
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩේ කල පැහැරීම.
කෙසේ වෙතත් මෙවැනි ධනයෙන් සහ වලයෙන් බලගතු අතිශය දුශ්සීල චීවරධාරියෙකු මෙවන් නඩුවකින් බේරාගැනීමට අසීමිතව මුදල් වැයකරන බව ඔවුන් හොඳාකාරවම දනී. එයින් කුට්ටියක් කඩාගැනීමට ඔවුන් කිසිසේත් පසුබට නොවේ. මේ විපතට පත් දැරිය වෙනුවෙන් නොව ඇය විපතට හෙලූ චීවරධාරියා මෙයින් බේරාගැනීමෙන් ලබන ධනයන් ඔවුන් ඔවුන්ගේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවනු ඇත. ඒ අතින් බැලූවිට තම දරුවන් ජීවත් කරවීමට පාරවල් අයිනේ සිට තම ඇඟ විකුණා මුදල් සොයන කාන්තාවන් මීට වඩා බෙහෙවින් බම්බුකාර බවද කිව යුතුය.
තවද මේ අටමස්ථානාධිපති නාටකයෙන් ආන්ඩුවේ පමණක් නොව රෙදි ගැලවුනු තවත් බොහෝ පාර්ශ්වයන් සිටින බව කිවයුතුය. කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් වේදිකාවල බෙරිහන් දුන් ජවිපෙ කාන්තා නායිකාවන් වන සමන්මලීලා ප්‍රමුඛ ජවිපෙ කාන්තා විමුක්ති ව්‍යාපාරය එකකි. ළමා සහ කාන්තා කටයුතු භාරව කාන්තාවක් ඇමති තනතුර දරන මේ NPP රජයේ කාන්තා විමුක්ති ව්‍යාපාරයේ කෙරුවාව කොළඹ හතේ කාන්තාවන්ගේ කාන්තා විමුක්ති ව්‍යාපාර වලට දෙවෙනි නොවන බව මේ සිද්ධියෙන් මොනවට පැහැදිලි විය. මේ පාපතර භික්ෂුව අත් අඩංගුවට නොගෙන නවලෝක රෝහලේ නවාතැන් ගෙන රඟපෑ රඟපෑමට මේ ජවිපෙ කාන්තා සංවිධානය කටක් හෙලවූයේ නැත.
අගමැතිනියද කාන්තාවක් වන නමුත් ඇය සුපුරුදු විලසින්ම පැලවත්තට බියෙන් සටකපට ලෙස මේ සිද්ධිය නොදුටුවාක් මෙන් ලිස්සා ගියාය. නමුත් ජවිපෙ වත්මන් කාන්තා නායිකාවන් වන සමන්මලීලා එදා සරසවි වල රඟපෑවේ රෝසා ලක්සම්බර්ග්ලා, විනී මැන්ඩේලා වගේ චරිත මෙනි. නමුත් තුනෙන් දෙකේ රාජ්‍ය බලය ලැබූ පසුව ඔවුන් අද හුළං බැහැපු බෝනික්කන්ගේ තත්වයට පත්ව ඇත. අද NPP ආන්ඩුවේ කොට්ටහච්චිලා, පෝල් රාජ්ලා සැලකුවද තත්වය එසේමය. ඔවුන් එදා මැතිවරණ වලදී කාන්තාවන් එකමිටට කොට රටානුරට ලබාදුන්නද මේ යන ආකාරයට රටම මේ බොරු කාරියන්හට එරෙහිව කොසුමිට ගන්නා දිනය ලඟ ලඟ එමින් තිබෙන බවද කිවයුතුය.
ප්‍රශංසාව හිමිවිය යුතු පිරිස්.

https://i.ytimg.com/vi/vyl36SVvFRo/maxresdefault.jpg
රූපවාහිනී ඇතුලු මාධ්‍ය වල භුමිකාවද විපක්ෂයේ භූමිකාවද ඊට නොදෙවෙනි නොවේ. ඔවුන්ගේ විරෝධයද ඉතා ඇල් මැරුනු අසංවිධානාත්මක එකක් විය. නමුත් මේ සිද්ධියේදී මුලසිටම මෙම අපයෝජනයට පත්වූ දැරිය වෙනුවෙන් පෙනී සිටිමින් සමාජය අවදි කිරීමේ විශාල කාර්‍ය භාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන “අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරය” විසින් කරගෙන ගිය බව ප්‍රශංසාත්මකව මෙහිදී සඳහන් කල යුතුය. ඊට අමතරව ළමා කාන්තා කාර්‍යංශයේ නීතීඥ්ඥවරිය වන සංජීවනී අබේකෝන් මහත්මිය සහ එම කාර්‍යංශයේ සභාපතිනියගේ මෙහෙවර ඉතා වටිනා බවද ඔවුන් මේ සිද්ධියේදී හොරා-පොලිස් සෙල්ලමේ යෙදෙමින් සිටින ලංකා පොලිසියට මහත් අභියෝගයක් එළ්ල කලාය.
ඒ හැරුනුවිට මේ පාපතර දුශ්ශීල අටමස්ථානාධිපති වරයාට එරෙහිව හඬනැගූ සියලු සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන්ට එහි ගෞරවය පිරිනැමිය යුතුය. මයුරි ලියනගේ, තනූජා ලුම්බුණී, හේමමාලි අබේරත්න වැනි සමාජ හා දේශපාලන ක්‍රියාකාරිනියන්ද ඒ අතර වේ. එසේම අටමස්ථානාධිපති වෙත ආරක්ෂාව සලසන පොලිස් ඒකකයක් උඩමළුවේද රුවන්වැලි මහසෑය අසලද පිහිටා ඇත. ඔවුන්ගෙන් අවසර නොගෙන අටමස්ථානාධිපති හමුවීමට නොහැකිය. ඇරත් අටමස්ථානාධිපතිගේ කුටියට දින තුනෙන් තුනට ලාබාළ දැරිවියක් පැමිණීම අනෙකුත් චීවරධාරීන් නොදැක සිටීම කොහෙත්ම විය නොහැක. මේ නොදුටුවාසේ සිටි සියළුම දෙනා මේ අපරාදයේ අපරාධකරුවන්වේ. එබැවින් මේ සියලුම දෙනා මේ අපරාධයට අනුබල දුන් අයලෙස නීතිය හමුවට ගෙන ආ යුතුය.
ඒ කෙසේ වෙතත් මෙවැනි බලගතු දේශපාලණ හයිය සහ මුදල් බලය ඇති පීතෘ මූලික පසුගාමී ආගමික සමාජයක මෙවැනි සිද්ධියකදී අත්පොලොසන් ගැසීමට බලාන සිටින්න යැයි මට කීමට ඇත්තේ මෙම පාපතර දුශ්ශීල හිමිනමගේ පැත්තේ අයටමය. මක්නිසාද යත් මෙවැනි නඩුවලින් වැරදිකරුවකු වූවද අත්වීමට නියමිත දඬුවම් ඉතා සීමිතය. සියලු අගතීන් අසරන දැරියගේ පිටින් යාමට බොහෝසේ ඉඩ ඇත. දැරියගේ කල් කිරියාව හොඳනැති බවත්, ඇයට සහකරුවන් බොහෝ සිට ඇති බවත් මේ අසරණ අහිංසක පින්වත් හිමිනම නොදැනුවත් කමින් මැය විසින් වරදට පොළඹවාගෙන ඇති බවටත් මේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ්ඥයින් විසින් පෙන්වාදෙනු ලබනු ඇත. ඊට පරිබාහිරව සිංහල බෞද්ධාගම විනාශ කිරීමේ .
NPP ආන්ඩුවේ සොහොන් ලකුණූ මතුවීම.
අද කවරදාවත් නොවන තරමේ නීතිය වල් වැදීමක් සිදුවී රටේ රාජ්‍ය සේවය ඇතුලු සියළුම ආන්ඩුකරණයන් ආරාජික තත්වයට පත්වෙමින් පවතී. ළමා රක්ෂන සහ වනිතා කටයුතු භාරව කාන්තාවක් ඇමති ධූරය කරන සමයක අද කාන්තාව පත්වී ඇති තත්වය ඉතා ඛේදජනකය. ඔවුන් වෙනුවෙන් කිසිදු දියුනු වැඩපිලිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත.
මේ වනාහී NPP රජයේ සොහොන් ලකුණු මතුවීමකි. ඒ බවක් හාන්කවිසියක අවබෝධයක් මේ ආන්ඩුවේ නායකයින්ට හෝ පහල සාමාජිකයින්ට ඇත්තේද නැත. සුපුරුදු කයිවාරුවෙන්ම ඔවුන් එදිනෙදා දවස ගෙනයන බවක් පෙනේ. කොටින්ම කියතොත් අද ආන්ඩුව ” සාජන් එදාවේල” හුන්ඩු ආන්ඩුවක් බවට පත්ව ඇත.
මේ රජය පත්වීමට මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු පිඹිමින් යනවිටත් මම ඇතුලු ඉතා සුළු පිරිසක් කියා සිටියේ මේ ජනතා විමුක්ති පෙරමුන තුල රට පත්වී ඇති ආර්ථික අර්බුධය ගොඩගතහැකි විභවයක් කිසිසේත් නොමැති බව සහ මේ අර්බුධයට මුහුණ දියහැකි රටේ සිටි ඉහලම සුදුස්සා තනි ධමනියම බවයි. මේ බව මට ස්තිරවම කීමට හැකිවුනේ ජවිපෙ වත්මන් නායකත්වයේ කැපෑසිටිය මම ඉතා හොඳින් දැනසිටි බැවිනි. කොහොමත් ධමනි යනු බල නහර වලට වඩා බලවත් බව ජීව විද්‍යාව තුල විද්‍යාමානවන සත්‍යයකි. ධමනි යනු කෙනෙකුට සිය කැමැත්තෙන් කපාගෙන මිය යාහැකි අවයවයක්ද නොවේ. ඇරත් ධමනිවල පිහිටීම බල නහර වල පිහිටීමට වඩා බොහෝ ආරක්ෂාකාරීවේ. තවද බල නහර යනුම ධමනි මත depend වෙන අවයව වන අතර ඕනෑම වෙලාවක ධමනි වලට වඩා බල නහර අස්ථාවර භාවය සඳහා විවෘත වේ.
මේ බව පසක් කරමින්දෝ දැන් දැන් ජවිපෙ ප්‍රමුඛ NPP නායකයින් මේ වනවිට තනි ධමනියේ බලවත් බව වටහාගෙන තිබේ. ඉදිරියේදී මේ රජයේ සියලු ක්‍රියාමාර්ග තනි ධමනියේ ආධිපත්‍යයට යටවීමට නියමිතය.
තනි ධමනියේ බලපෑම.
මේ උද්දච්ච ජවිපෙ නායකයින් සිය බලවේගය හැදුවේම 1987 සිට සිය ජීවිත පවා නොතකා එය පෝශනය කල අගනා ක්‍රියාධරයින් පසෙක තබාය. එම පැරනි ක්‍රියාධරයින් දෙස නව ජවිපෙ නායකයින් බැලුවේ ඔවුනට එල්ලවෙන තර්ජනයක් ලෙසිනි. එබවින් ජවිපෙ සහ ජාතික බලවේගය ගොඩනැගුවේ පුයර බබ්බු රොත්තක් පුරවමින් මිස දේශපාලනය ගැන යම් ගඹූරු කියවීමක් තිබූ අයගෙන් නොවේ. එහි විපාක දැන් ජවිපෙ නායකයින්ට ඇස් පනාපිටම ලැබී තිබේ.
මැතිවරණවලට බොහෝ කල් සිටම මා ඇතුලු සුලු පිරිසක් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ යනු පවතින ආර්ථික අර්බුධය කළමණාකරණය කිරීමට හැකි එකම සුදුස්සා බවයි. ඒ අදහසට බොහෝදෙනා බොහෝසේ උරණ විය. මගේ කිට්ටු මිතුරන් පවා මාවෙත බොහෝ විවේචන ගෙනාආ නමුත් මම ඉතාම පැහැදිලිව පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ තව දුරටත් ලාංකීය දේශපාලණය තුල අතිශය වලංගු චරිතයක් බවයි. නමුත් දේශපාලණය ගැන මෙලෝ හසරක් නොදන්නා NPP බලඇණිය ඒවා තුට්ටුවකට මායිම් නොකර අපවෙත අවලාද නැගූ අතර NPP බලයට පැමිණ වසර දෙකක් යාමට පෙර තනි ධමනිය නොමැතිව ඉදිරියට යාමට නොහැකි තත්වයක් උදාවී ඇත.
තනි ධමනියේ පිහිටෙන් ලැජ්ජා නහර කපාගෙන බල නහර බේරාගනීමේ අවස්ථාව.

අලි සබ්‍රි, කාංචන විජේසේකර, සේමසිංහ, රාජිත සේනාරත්න, වැනි දක්ෂයින් යොදවාගෙන එදා අර්බුධයේ පතුලටම වැටී තිබූ රට ස්ථාවර මට්ටමකට ගෙන ආ නමුදු NPP සහ ජවිපෙ මැතිවරණ වේදිකාවල වැපිරූ අමුම අමු බොරු සහ කයිවාරු හමුවේ ලාංකීය ගොබ්බ චන්දදායකයා මුළු රටම එක මිටට සෙට්වී තම දේපලම කොළඹ රාජකීය විදුඉහලට ලියාදුන් කොළඹ හතේ ප්‍රභූ වරයා ගෙදර යවා, ඈත තඹුත්තේගම ගොවියා පුතුට විධායක බලය පමණක් නොව තුනෙන් දෙකක ආන්ඩු බලයක්ද ලබාදුන්නේය. අනුර දිසානායක ඇතුලු ජවිපෙ-NPP නඩය නිර්ප්‍රභූ කියමින් මහඉහලින් වර්ණනා කරමින් ඔවුන් බලයට ගෙනඒමට දරදිය ඇද්දේ මහාචාර්‍ය නිර්මාල් දේවසිරි ඇතුලු ඊනියා උගත් නඩයයි.
නමුත් අදවනවිට ඔවුන් බලයට ගෙනා නිර්ප්‍රභූ සෙට් එක රට අවුලෙන් අවුලට පත්කරද්දී මේ ඊනියා උගතුන් සෙට් එකට වැලේ වැල් නැතිවී ඇතිබවනම් පැහැදිලිය. අපි පුන පුනා කීවේ මේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය බටහිරින් සාදන ලද ප්‍රභූ පංතියේ මෙවලමක් ලෙස ස්ථාපිත කරන ලද ආයතනයක් මිස අතිශය ග්‍රාම්‍ය පසුගාමී ආන්තික ප්‍රජාවට පාලනය කලහැකි හෝ ඒවා කළමණාකරණය කලහැකි ආයතන නොවේ.
එබැවින් නැවතත් තිත්ත යථාර්තය නැවත අපවෙත නැවත වටයකින් අභිමුඛ වී ඇත. නැවතත් තනි ධමනියම රටේ සංවර්ධනයට අවශ්‍යම සාධකයක් බව පසක් වී ඇත. කජුසීයා ලෙස හංවඩු ගසූ තනි ධමනියම නැවත අවශ්‍ය වී ඇත.
දැන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට කිරීමට ඉතිරිව ඇත්තේ තනි ධමනියේ පිහිටෙන් බලනහර බේරාගැනීමට කටයුතු කරනවාද නැතහොත් බේරේ නෑම කෙසේ වෙතත් ඊලඟට ඒමට නියමිත මහා ජනතා කෝපය හමුවේ ඇඳිවත වත් බේරාගන්නවාදැයි තීරණය කිරීමය.
මම නැවතත් කියමි. මේ පවතින ධනේශ්වර පර්‍යාය තුල තනි ධමනිය ඉතාම ප්‍රභලය. අති සූක්ෂමය. එය භාවිතයෙන් ජාම බේරාගැනීමට හෝ තවමත් සුලු හෝ කාලයක් ඉතිරිව ඇත. එයින් ප්‍රයෝජන ගන්නවාද නැතිනම් දිගටම පොර ටෝක් වලින් රට පාලනය කොට ආගාදය වෙත හැමෝම රැගෙන යනවාදැයි උද්දච්ච පැලවත්ත ඇවිදින ඊනියා පුස්තකාල ප්‍රමුඛ ලක්ශ්මන් කදිරගාමර්ලා 159 තීරණය කල යුතුය.
