පල්ලේගමලාගේ කෙරුවාව..!
සාමාන්‍යය දේවල්නම් නිතරම අසන්නට තිබෙන්නේය. එයට හේතුව වන්නේ ඒවා බහුලවීම නිසාය. නමුත් කලාතුරකින් අසාමාන්‍යය වූ දේවල්ද අසන්නට ලැබෙන්නේය. ඒවා අසාමාන්‍යය දේවල් වීම නිසාම විශේෂිත වූ දේවල් ගණයටායත් වේ. ඊටත් එහා ගිය විට තිබෙන්නේ අතිවිශේෂ දේවල්ය. මේ අතිවිශේෂ දේවල් අතිශය පිලිකුල් සහගත සහ ජුගුප්සා ජනක වූ විට ඒවා ගැන නම් කථාකළ යුතුමය. මක්නිසාද යත් ඒවා සමාජයේ නැවත නැවතත් සිදුවීමට ඉඩදියයුතු නැති බැවිනි. “පල්ලේගම” නාටකයද එබඳු අතිශය ජුගුප්සා ජනක අතිශය පිලිකුල් ජවනිකාවකි.

අති විශේෂ වූ දේවල්.
මෙහිදී සලකන්නේ මහා පරිමාණයෙන් අවධානය යොමුකිරීම කළයුතු දේවල්ය. මක්නිසාදයත් රටේ ජනතාවට ඒවා එතරම්ම බලපාන නිසාමය. අති පූජනීය වූ බෞද්ධ අටමස්ථානය තවදුරටත් විස්තර කළොත්, ශ්‍රී මහා බෝධිය, ලෝවා මහාපාය, රුවන්වැලි මහාසෑය, ථූපාරාමය, ජේතවනාරාමය, අභයගිරිය, ලංකාරාමය, මිරිසවැටිය යන සිද්ධස්ථාන වල එකතුවයි. මෙම සිද්ධස්ථානයන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ පමණක්ම නොව ලෝකයේ අතිමහත්වූ ජනතාවකගේ භක්ති ප්‍රණාමයට පාත්‍ර වූ ප්‍රධානතම ආගමික ස්ථානයකි. මේ අති පූජනීය ස්ථානයේ භාරකත්වය ගෙන කටයුතු කරන්නේ අටමස්ථානාධිපති හිමියෝය. එය පවුලේ බූදලයක් ලෙසින් එන තනතුරක් ලෙස එකම පවුලක ජීවිත භුක්තියට සවිවූ තනතුරකි.
එම අටමස්තානාධිපති තනතුරේ වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ පල්ලේගම හේමරතන හිමිය. ඔහුට ඉන්දියාවේ සාරානාත් ටිබෙට් උසස් අධ්‍යාපන ආයතනය මගින් ගෞරව ආචාර්‍ය පදවියක්ද පිරිනමා තිබිණී. එසේ බලන කල මෙම ගරුකටයුතු තනතුර වනාහී එසේ මෙසේ තනතුරක් නම් නොවේමය . එය අපේ ගමක පන්සලේ හෝ පිරිවනක නායක තනතුරක් හෝ ධර්ම ආයතනයක නායක තනතුරක් හෝ ලෙස සැලකිය හැකි තනතුරක් නම් නොවේ . ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ ඉතාම ඉහළින් පිහිටන මහා තනතුරක් වන්නේය. විධායක බලයෙන් මෙන්ම පූජනීයත්වයෙන් ඉහළින්ම තිබෙන තනතුරක් වන්නේය . එයනම් සාමාන්‍යය තනතුරක් නොවේ . විශේෂ නොව අතිවිශේෂ වූ තනතුරක්මවේ. එබැවින්ම එම තනතුර හා එම තනතුරේ වැඩ හිටින හිමියෝ උත්තරීතරම වේ. මේ උත්තරීතර හිමිගේ ක්‍රියාකලාපය ජනතාවගේ හිත සුවපිනිසම විය යුතුමය. රටේ ජනතාවට හෝ රටට යහපතක්ම මිස අයහපත් ක්‍රියාවක් මේ උත්තරීතර හිමිගෙන් ජනතාව කිසිවිටකත් කිසිම මොහොතක බලාපොරොත්තු විය නොහැක. සත්‍ය ලෙසම මෙවන් තනතුරක වැඩවසන හිමියෙකුගෙන් ජනතාවට හිංසාවක් හෝ අවැඩක් හීනෙකින් හෝ බලාපොරොත්තු වන්නේ නැත. මේ පූජනීය උත්තමයගේ අතිවිශේෂත්වය එයම වන්නේය .
පැති දෙකක සටනක්.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සහ අනාථ දැරිවිය පිළිබඳව කතාව සමාජ මධ්‍යයේ අද දවසේ ප්‍රධාන පුවත බවට පත්වී ඇත . මෙහි සදහන් කරුණු පිළිබඳව දැනටමත් නීතිය අනුව කටයුතු කරමින් සිටියි . එසේ වුවත් දිනපතා විවිධ වූ පුද්ගලයින් හා විවිධවූ පාර්ශයන් විසින් විවිධ වූ මතවාදයන් මේ පිළිබඳව පළකරමින් සිටියි. මෙතරම් ප්‍රසිද්ධියක් වූ මෙතරම් මතවාදයන් වලට මේ කාලය තුළ ලක් වූ වෙනත් දෙයක් ගැන නම් කිව නොහැක. ඒ තරමටම මෙය මේ දිනවල සමාජ මාද්‍යය තුල ජනප්‍රිය වී ඇත. ඒ නිසා මෙහි විශේෂත්වයක් ඇතිබව නම් ඉතාමත් පැහැදිලි කරුණක් වෙයි. ඒ නිසාම මේ පිළිබඳව කථා කළ යුතුමය.
අනුරාධපුරයේ මීට බොහෝ කලකට පෙර ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය කරන සමයේ සිටම මාගේ අවධානය යොමුවූ දෙයක්නම් මේ අටමස්ථාන පාලක හිමිවරුන්ගේ සහ ඉහල හිමිවරුන්ගේ අතිශය දූශිත හැසිරීම් සහ ක්‍රියාකලාපයන් ය. මේවා කිසිවකු විශ්වාස නොකරන මට්ටමේ ක්‍රියාකලාපයන් වේ. මෙහි එක් චීවර ධාරියෙක් බීමත්කම වැඩිවී සිරෝසිස්(Cirrhosis) හැදී මියගිය අතර ථූපාරාමය භාරව එකල සිටි චීවර ධාරියා එකල මාකට් පෙදෙසේ කුලී රතවාහන ගණනාවක් හිමි ව්‍යාපාරිකයෙක් වී සිටින ලදී.
එපමනක් නොව එදා සිට අනුරාධපුරයේ බොහෝ ගණීකා නිවාස හමුදා භටයින් ඉලක්ක කොට පවත්වාගෙන ගිය අතර මේ ගණීකා නිවාස වලට ඈත පිටිසර ගම් වලින් ගෙනඑන කාන්තාවන් මුලින්ම යවන ලද්දේ ප්‍රදේශයේ බලවත් චීවර ධාරීන්ගේ ඉල්ලුම සැපයීමටය. මෙවන් කාන්තාවන් අපහරණය සඳහා කොළඹ සහ වෙනත් ප්‍රදේශවල සිට පවා ප්‍රභල චීවර ධාරීන් පැමිනුන අතර ඔවුන්ට ඉත්තෑමස්, වල් ඌරු මස්, ඉබිමස් ඇතුලු දඩමස් සැපයීමට වෙනම කන්ඩායමක් එදාද තිසා වැවේ, බසවක්කුලම වැවේ පවා ඉබ්බන් ඇල්ලීමට කන්ඩායම් යොදවා තිබිනි. මේ බොහෝ දේවල් එදා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක අපකීර්තිමත් උදයපාල මහතා ඉතා හොඳින් දැනසිටියහ. වෙනකක් තබා පරිපාලන නිලධාරීන්ද හොඳහැටි දැනසිටියහ.
උගුරට හොරා බේත් බීම.
අදද අනුරාධපුර පොලිසියට හොරෙන් මේ අකටයුතු සිදුවීමට කිසිදු හැකියාවක් නැත. අටමස්ථානාධිපතිගේ සහ උඩමලුවේ ආරක්ශාවට පොලිස් ඒකකයක් උඩමලුව තුල ක්‍රියාත්මකය. මේ ඒකකයට හොරෙන් කිසිවෙකුට අටමස්ථානාධිපතිගේ ආවාස ගෙට රිංගිය නොහැක. කිසියම්ම ලාබාල දැරියක් පල්ලේගමගේ ආවාසෙට දින තුනෙන් තුනට ගෙන්වාගන්නවානම් ඒ බව නොදන සිටීමට තරම් උඩමලුවේ පොලිස් ඒකකය මොංගල් විය නොහැක. එසේම මේ ආවාසවල ජීවත්වූ අනෙකුත් චීවර ධාරීන්ද මේ පලේගමගේ ආවාසෙට කාන්තාවන් ගෙන්වන බව නොදැන සිටීමට කිසිම ඉඩක් නොමැත්තේ ඔවුන් අන්ධයන් ගොලුවන් නොවන බැවිනි.
බොහෝ උපාසක උපාසිකාවන් උඩමලුව සහ රුවන්මැලි සෑය යනු මහා අනුහස් ඇති මහානුභා සම්පත් ඇති ස්ථාන ලෙස අදහන අතර ගෞතම සිද්ධාර්ථයන් දෙසූ අසම සම දහම තුල උන් වහන්සේ දේශනාකල දේවල් වල නියම අර්ථය මේ වනතුරුත් ඔවුන් වටහාගෙන නොමැත. එසේ වටහාගත්තේනම් මෙවැනි සෙප්පඩ විජ්ජා චීවර ධාරීන්ගෙන් බලාපොරොත්තු වන්නේද නැත. සියල්ල අනිත්‍ය බේස් කොට සිද්ධාර්ථ ගෞතමයන් එතුමන් විසින්මත් සියල්ල ආදර්ශමත් ලෙස අතහැර ලොවට පෙන්වාදුන් අසමසම දහම අංශක 180 ක් හරවමින් අත් හැරීම වෙනුවට බදාගැනීම මුල් කරගනිමින් අන්ත දූශිත චීවර දාරීන් ශාසනය රැකගැනීමේ මහා කෙබරය මුලින් තබාගෙන කරගෙන යන මේ කපටි වංචාව දැන්නම් රජය මදිහත්වී හෝ අවසන් කලයුතු කාලය එළබ ඇත.
මේ ප්‍රශ්නයේදී පැහැදිලිව දැකිය යුතුවන ප්‍රධාන කරුණක් ඇත . එනම් මෙහි ප්‍රධාන වූ පැති දෙකක් තිබීමයි . එක් පැත්තක් නියෝජනය කරන්නේ පල්ලේගම හිමිය. අනෙක් පැත්ත නියෝජනය කරන්නේ අනාථ වූ දැරිය යයි. ඇත්තෙන්ම එය මේ ප්‍රශ්නයේ බාහිරින් පෙනෙන ආකරය මිස සැබෑ ස්වරූපය නම් නොවේමය. මෙහි අභ්‍යන්තර පෙනුම නම් මෙයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේය. එහිදී මෙයට වඩා වෙනස් පෙනුමක් පෙන්වයි. වැදගත් වන්නේ එයයි. මොකක්ද මේ අභ්‍යන්තර පෙනුම? කෙටියෙන්ම කියතොත් බලය සහ ධනය හිමි පැත්ත සහ බලය සහ ධනය අහිමි පැත්ත ලෙස ප්‍රධානවු පැති දෙකක් ඇත. මෙහිදී බලය හා ධනය හිමි පැත්ත අටමස්ථානාධිපති හාමුදුරුවෝ නියෝජනය කරන්නේය.
මේ කියන ධනය ගොඩගැසෙන්නේ “නිවන් යාමට” මුදල් පොම්ප කරන උපාසක උපාසිකාවන්ගේ අන්ධ විශ්වාසයට පින්සිදු වන්නටය. බලය ගොඩගසෙන්නේ බලයේ සිටින ආන්ඩුවල නායකයින් සමග මෙම අටමස්ථානාධිපතිවරු ගහට පොත්ත මෙන් එකතුවී බලය පවත්වාගනීමට ඔවුන් රාජ්‍යයට දෙන අනුබලයට පින්සිදු වන්නටය. බලය හා ධනය අහිමි පැත්ත අනාථ දැරිවිය නියෝජනය කරන්නේය. ඇයට සමාජයේ කිසිදු තැනක් හිමි නොවන අතර පීතෘ මූලික මෙවන් සමාජයක අය වනි දරිවියන්ගේ ඉරනම අතිශය ශෝචනීයවේ.
වාසි පැත්තට හෝයියා.
පැහැදිලිවම වාසි පැත්ත වන්නේ බලය හා ධනය හිමි පැත්තයි. මේ මොහොත වඩාත් වැදගත් වන්නේ ඒ පැත්තේ සිටින බලවේග හා පුද්ගලයන් හඳුනා ගැනීම සදහා අවස්ථාව යොදා ගැනීමයි. මක්නිසාද යත් රට හමුවේ ඉදිරියේදී එන ඕනෑම ජාතික ප්‍රශ්නයකදී, අර්බුධයකදී, ගැටළුවකදී, මේ පිරිස ගන්නේ ධනය හා බලයේ පැත්තමය. ධනය හා බලය හමුවේ කොදුනාරටිය කඩාගෙන වාසි පැත්තට හෝයියා කියන මේ පුද්ගලයන් සහ කණ්ඩායම් මේ මොහොතේ හඳුනා ගැනීම මේ ප්‍රශ්ණය හමුවේ රටේ ජනතාව ලබන්නාවු මහත් වූ ජයග්‍රහණයක් වන්නේමය.
” ආන්ඩුව පක්ෂපාතියි. පොලිසියද පක්ෂපාතීව කටයුතුකර ඇත. නීතිපති කිසිම පෙනීසිටීමක් වෙන්නේනෑ. හාමුදුරුවන්ට ඇප ලබාදීම සඳහා අධිකරණයට බලපෑම්
[නුවන් බෝපගේ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය].
මේ කරුණ සත්‍ය වන්නේ වෙනත් දේවල්වලට ආන්ඩුවේ ක්‍රියාකලාපයත් සමග සැසදීමේදීය. විශේෂයෙන්ම NPP ආන්ඩුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ ක්‍රියාකලාපය සැලකූ විට ධනය සහ බලය හිමි පැත්තට වාසිදායක වන ආකරයට ක්‍රියාකරන බව ඔවුන්ගේ නිශ්ශබ්දතාවය මගින් පෙන්නුම් කරයි. ඔවුන් විපක්ෂ භූමිකාව කරන කාලයේදීනම් උගුරු බෙරිහන් දෙනතුරු කාන්තා හිංසනයට කෑගසූ අතර තුනෙන් දෙකක බලය ලැබූවිට උගුඩුවා ඇටිකෙහෙල් කෑ ජවනිකාව රඟදක්වයි. එදා ජවිපෙ කාන්තා නායිකාවන් ලෙස රඟ දක්වූ බොහෝ දෙනා අද කිසිදෙයක් සිදු නොවූවාසේ සද්දෙ වසා සිටී.
රටේ ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාවත් සලකා බැලිය යුතුය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී, ලිංගිකත්වය පිළිබඳව පාඩමක් කියාදී ඇත. මේ පිළිබඳව ඔහුගේ ක්‍රියා පිළිවෙත විපක්ෂ නායකයෙකුට කිසිසේත්ම වටින්නේ නැත. යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කළයුතු විපක්ෂ නායකයා ජනතාවට විහිළු සපයමින් සිටියි. ඇත්තටම රටේ විපක්ෂ නායකයෙක් සිටීදැයි යන්න පවා කිසිවෙකුට නොදනේ.
වැඩවසම් දේශපාලකයින් පිරි සමාජයක.
පොහොට්ටුව නියෝජනය කරමින් කිසිම වූ විරෝධයක් නැත. මෑතකදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ හරි වුනද වැරදි උනද මහනායක වහන්සේලා දෙසන දෑ සියල්ල අප පිලිගත යුතු බවයි. එය වනාහී අන්ත ගොබ්බ ප්‍රකාශයකි. මහනායක තියා මහා ශක්‍රයා කීවද වැරදිනම් එය වැරදි බව කීමට හැකි පෞරුෂයක් සහිත සමාජයක් අප නිර්මාණය කල යුතුය. භූ දේශපාලනික තත්වයන් මත ඉදිරියට යාමට හකිවන්නේ එවන් පෞරුෂයක් සහිත සමාජයකට මිස මහා අධ්‍යාපනයක් නොමැති කුඩා කල සිටම මහණවූ හිමිනමක් මහා නායක හිමිනමක් වූ පමනින් දෙසාබාන දේවල් හරිද වැරදිද නොබලා පිලිගන්නා වැඩවසම් සමාජයකට නම් නොවේ. ඉදිරියේදී ජනාධිපති වීමට බලාපොරොත්තු වෙන නාමල් රාජපක්ෂ මහතා තම පියා පවසන දේවල් අනුමත නොකරන්නේනම් ඒගන ප්‍රකාශයක් හෝ අඩුතරමින් කලයුතුය. සර්වජන බලයේ අදහස නම් අතිශය ජුගුත්සා ජනකය. එහි නායකයෙකු වන දිලුම් අමුණුගම මේ පල්ලේගම චීවර ධාරියා අතින් නැවත නැවතත් කෙලෙසුනු ලාබාල දැරිය ගණිකාවක් ලෙස අර්ථ දක්වා ඇත. රටේ පාලන බලය ඉල්ලන්නේ මෙවන් දේසපාලුවන්‍වීමම රටේ අභාග්‍යයකි.
පැහැදිලිවම පෙනෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර අනෙක් සියලුම වගේ දේශපාලන පක්ෂ බලය හා ධනය පැත්තේ සිටගෙන ඇති බවයි. පෙරටුගාමී පක්ෂයේ වාමාංශික දැක්ම ගන බොහෝ විවේචන අපට තිබියදී පවා මේ පිලිබඳව ප්‍රශංසාව ඔවුනට හිමිකර දිය යුතුය. රටේ ප්‍රසිද්ධ ජනතාවගේ මහත් ගරුත්වයට පාත්‍ර ස්වාමීන් වහන්සේලා ගණනාවක්ද බලය හා ධනය පැත්ත ගෙන ඇත්තේ බොහෝදුරට තමන්ට ද ඉදිරියේදී මුහුණදීමට සිදුවන දේවල් වලින් බේරීමට වියහැකියි.
තවත් රටේ සුප්‍රසිද්ධ පුද්ගලයන් බලය හා ධනය පැත්තේ සිටගෙන සිටින්නේ බොහෝ දුරට තමන්ගේ බඩ ගෝස්තරය නිසාමය. සමහර ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුද මේ පැත්තේ සිටියි . ඔවුන් බලය සහ ධනය පැත්ත ගන්නේ වෙන කිසිම හේතුවක් නිසානම් නොවේ. ඒ ඔවුන්ගේ බඩගෝස්ථරය නිසාමය. මෙහිදී ගුරුවරු වශයෙන් අහිංසක දරුවන් නොමඟහරින ප්‍රකාශ කරමින් සිටීම ඉතාම අසෝබන සහගතය.
”මේ තරම් සම්බුද්ධ සාසනයට සමාජ මාධ්‍යයෙන් පහර ගහන යුගයක් දැක නැහැ.”
“අබුඩයක් ගහගෙන ඉන්න එකාට හූ කියනවා හෙළුවෙන් ඉන්න එකෙක්.”
” අනේ අපේ සාසනේ කථා ටික අපි බලාගන්නම්”.
” ජනාධිපතිතුමනි, සමාජ මාධ්‍යය පාලනය කරන්න.”
ඉහතින් දැක්වූයේ මේ සිද්ධිය පිලබඳව ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකුගේ අදහස්ය .
යුක්තිය හා සාධාරණත්වය පැත්ත ගැනීම.
” යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ඉටුවන බව පැහැදිළිව හා සැකයකින් තොරව දැකිය හැකිවිය යුතුයි. මේ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන බවක් නොපෙනේ. බලවතුන්ට, ධනවතුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂ ආකාරයකටය යන්නද, දුගියෙකුට, බාල වයස් කාරියෙකුට යුක්තිය ඉටුකරගැනීම ඉතාම දුෂ්කරය යන්නද ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ අප අපේක්ෂාකළ වෙනස නොවේ .”
( ගල්කන්දේ ධම්මානන්ද හිමි)

https://i.ytimg.com/vi/yHTbe_KpEmQ/hqdefault.jpg
දුමින්ද නාගමුව, නුවන් බෝපගේ, හේමමාලි අබේරත්න ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත්වීම අගේ කළයුතුය. ඔවුන් දිගින් දිගටම මේ වෙනුවෙන් ක්‍රියාකරමින් සිටියි. එසේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ද විශාල ලෙස මේ දැරියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටී. රජයේ නිලධාරිනියක් ලෙස කටයුතු කරන ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂක සංජීවනී අබේකෝන් මහත්මියගේ ක්‍රියාකාරිත්වයද ඉතාම ඉහළින් අගය කළයුතුය. විශේෂයෙන්ම ප්‍රධාන මාධ්‍යය ධනය හා බලයට යටවී කටයුතු කරණ මොහොතක සමාජ මාධ්‍යය යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරමින් සිටීමද පැසසිය යුතුම කරුණක් වේ. පසුවී හෝ ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් හොරගල් ඇහිලීම පසෙකින් තබා මෙවන් දැරිවියන් හට සිදුවන බලහත්කාරකම් නැවැත්වීමට මීට වඩා දැඩි නීති රීති ගෙනැඒමටවත් අඩුම තරමින් කටයුතු කලයුතුය. ධනය සහ බලය වෙනුවෙන් බොහෝ ආයතන හා පුද්ගලයන් කටයුතු කරමින් සිටින අවස්ථාවක දී යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටීම සදහා කටයුතු කරමින් සිටින නීති වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඉතාම ඉහලින් අගය කරමි.
සමාජ පරිහානියේ නිර්මාණ.

from Face Book
ශ්‍රී ලංකාවේ සමාජය පිළිබඳව සලකා බැලුවිට එය පරිහානිය කරා ගමන් කරන සමාජයක් ලෙස දැක්විය හැකිය . එයට හේතුව ලෙස සමාජ දේශපාලනික හා ආර්ථීක කරුණු ලෙස විග්‍රහයක් ගෙන ආ හැකිය . ඒ කෙසේ වෙතත් පවතින සැබෑ ස්වරූපය සෑම අංශයක්ම පිරිහුණු දූෂිත වූ සමාජයකි. මහත්ම අභාග්‍ය නම් මේ සමාජය පිරිසිදු කිරීමට සහ නීතිය හමට සමසේ ක්‍රියාකිරීමට පමිනි බලවේගයද මේ දූශිත සිස්ටම් එකේම ගොදුරු වෙමින් තිබීමයි.
සමාජයේ බහුතරයක් වූ පිරිසක් අයත් වන්නේ පහල ආදායම් ලබන දුගී පංතියටය. මෙයින් බහුතරයක් වූ පිරිසකට තමන්ගේ මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරාගැනීම දවසේ ප්‍රශ්නය බවට වී ඇත . ඔවුන්ගේ බඩවියත රැකගැනීම සඳහා ඉතාමත්ම දුෂ්කර ක්‍රියාවක යෙදී සිටියි. මෙහිදී බොහෝවිට අයුතු පහත් සොරකම්, දූෂණ, මිනීමැරීම් වැනි සමාජ දූෂිත ක්‍රියාවන් කිරීමට මිනිසුන් කටයුතු කරමින් පවතියි. මෙවැනි සමාජයක් දූෂිතය . අතිශයින්ම දූෂිතය. මෙවන් දුෂිතවූ සමාජයකට මඟ පෙන්වන පෙරගමන් කරුවනුත් දූෂිතම වුවහොත්, සිදුවන්නේ කුමක්ද? සමාජය වල පල්ලටම යනවා මිස ගොඩ ඒමක් සිදු නොවනු ඇත . සිදුවිය යුක්ත එය නොවේ. සමාජයේ පෙරගමන්කරුවන් නැතහොත් අපේ මහ සාගරුවන මේ අපවිත්‍ර මඩ ගොහුරුවෙන් මිදී සමාජයට ආදර්ශය සපයමින් නිසි මග පෙන්වීමය. සමාජයේ පෙර ගමන් කරුවන් වන ඔවුන් එසේම වියයුතුය . එය ඔවුන් සතු මහඟු කාර්යය භාරය වන්නේමය.
මඩ පොකුණක ඉහළට වැඩෙන ලස්සන නෙළුම් මලක් සේ අපේ මහ සඟරුවන මේ දූෂිත වූ සමාජයට බිලි නොවී ඉහළින්ම සිටිය යුතුමය. සමාජයක් දූශිතවූ නිසා සංඝ සංස්ථාව එයින් දූශිත වේනම් එවන් සංඝ සංස්ථාවකින් කිසිම පලක් නැත. මන්ද සංඝ සංස්ථාව සිටිය යුත්තේ සමාජය නිවැරදි කිරීමේ ගථිකය සහිතව මිස සමාජය තුල මිය යන අගතියක් ලෙස නොවේ. ස්මාජයේ පරිහානිය තූළින් මතුවී සමාජය සුවපත් කිරීම ගරුතර ස්වාමීන් වහන්සේලාගේ යුතුකම වන්නේමය. ගෞතම සිද්ධාර්ථයන්ගේ පනිවිඩය හරියාකාරව සමාජය වෙත රැගෙන යාම ඔවුන්ගේ එකම කාර්‍ය භාරය වන්නේය.
බෞද්ධ විරෝධී බලවේගයක්ද?
මෙම සිද්ධිය පුද්ගලයින් විවිධ වූ මතවාදයන් ඉදිරිපත් කරමින් සිටියි. ඔවුන් සැබෑවටම පල්ලේගම හාමුදුරුවෝ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් නොයෙකුත් දේ ප්‍රකාශ කරමින් සිටියි. ඒ අතරින් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ, බුද්ධාගම විනාශ කිරීම සඳහා කරණ කුමන්ත්‍රණයක් බවයි. වෙනත් ආගමික සහ රාජ්‍යය නොවන සංවිධාන වල මෙහෙය වීමෙන් කරණ දෙයක් බවයි. කුමන්ත්‍රණකිරීමට දෙයක් නැත. මේ වන විට ලංකාවේ පමණක්ම නොව විදේශ රටවලටද ධර්ම ප්‍රචාරය කිරීමට යැයි කියමින් ගොස් ඒවායේ මාලිගා වැනි පංසල් සාදාගෙන අධිසුඛෝපභෝගී ජීවිත ගත කරණ නොයෙකුත් තරාතිරම් වල හිටියා වූ හාමුදුරුවරු බොහෝ පිරිසකට ළමා අපචාර පිළිබඳව චෝදනා ඉදිරිපත් වී ඇත. එම චෝදනා වලින් බොහොමයකට උසාවි මගින් දඩුවම් නියම කර ඇත. තවත් හිමිවරු වෙනත් බොහෝ අපචාර වලට හසුවී ඇත. තවද පසුගිය කාලයේ ආගම සහ ජාතිය අන් ආගම් වලින් සහ ජාතීන්ගෙන් බේරාගනීමට යැයි කියමින් හතු පිපෙනවාක් මෙන් බිහිවූ සිංහල සංවිධානද අද මීක් නැත.

from Face Book
ජපානයේ බොහෝ පන්සල් වල ඉස්තරම් මත්පන් නොඅඩුව ඇත. ඕස්ට්‍රේලියාවේ පන්සලක චීවරධාරියෙකු දැරියකට හදිකොට අධිකරනයෙන් දඬුවම් ලබාදී ඇත. එංගලන්තයේ පංසලක චීවර ධාරියෙකු බුදුකුටිය තුලදීම දැරියක් අපයෝජනය කොට අධිකරනයෙන් දරුවන් අසල ගවසීමට පවා තහනම් නියෝග ලබා ඇත. රෝමයේ එක් පංසලක දායක සභාව විසින් චීවර ධාරියා එලවා ඇති අතර තවත් පංසලක චීවර ධාරීන් දෙදෙනෙකු ගුටුබැට හුවමාරුවක නිරත වී ඇත. ජපානයේ පංසලක චීවර ධාරියෙකු පිරිමි ලමයෙකු අපයෝජනය සඳහා පන්සලට ගෙන්වාගෙන ඇතිබව දායකයිගේ අතටම හසුවී ඇත. මේ ධර්ම ප්‍රචාරක වැඩපිලිවෙලේ තොරතුරු ඉතා ස්වල්පයක් පමණී. මීට අමතරව ලංකාවේ ගමක් ගමක් පාසා පිහිටුවා ඇති බොහෝ පංසල් වල කුඩා සාමනේර හිමිවරු දිනපතා වැඩිහිටි චීවරධාරීන්ගේ ලිංගික අවශ්‍යතාවයන්ට ගොදුරුවී ඇත. මෙය මහා පරිමානයෙන් සිදුවන බව කවුරුත් දන්නා, කවුරුත් කට නොඅරින සත්‍යයකි. ඇත්තටම බුද්ධ ශාසනය විනාශ කිරීමට පිටතින් කවුරුහෝ පැමින සිදුකිරීමට දැන් ඉතුරුවී ඇති පිරිසිදු ශාසනයක්ද අද නොමැත.
ජාතික ජනබලවේග ආන්ඩුවේ වගකීම.
නමුත් මෙම චෝදනාව පිළිබඳව කතාකිරීමේදී, අද සාසනයට සිදුවී ඇති මේසා හානිය නවැත්වීම සඳහා අවශ්‍ය කලමණාකරනය මේ NPP රජය සිදුකල යුතුමය. ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ එයයි. එසේ නොමතිව දුශ්ශීල භික්ශූන් ආරක්ශාකොට බොරුවෙන් ජනතාව මුලාකිරීම රජයේ වගකීම නොවේ. නීතිය ධනය සහ බලය ඉදිරියේ නවන්නේනම් එය මේ රජයට ප්‍රභල පාරාවල්ලක් වනු නොඅනුමානය. මේ රජය බලයට ගෙනාවේ මිලියන ගණනින් ජනතාව මිස 40,000 ක් වූ භික්ශූන් වහන්සේලා නොවන බව මේ රජය දැනගත යුතුය. මේ අගතියට පත්වූ දැරියට සාඳ්හාරනය ඉටුකිරීමට රජය අපොහොසත් වුවහොත් එය රජයේ ක්‍රියාකලාප මනීමේ තවත් එක් ලිට්මස් පරීක්ෂණයක් වීම නොවැලක්විය හැකිය.
ගාමිණී ජයසූරිය.
“අධ්‍යයන කවය”
