මාකස් අබේගේ වංහුං (1)…

දහසක් සිතිවිලි…
ඇටෙන් පොත්තෙන් ආපු කාලෙ ඉඳල, අහපු, දැකපු , කියපු, කියවපු, අත්විඳපු දේවල් ඔලු ගෙඩියෙ වගේම පපු කුහරෙත් පැල පදියං වෙලා තැග්ගැහිල ඉඳන්, මාව කොනිත්තන්නත් , කිතිකවන්නත්, පුප්පන්නත් හදපු වෙලාවල්වල ඒ බරෙන් නිදහස් වෙන්න කියල වරින්වර ඒව කඩදාසි කෑලිවල කුරුටු ගෑව.
ඒ තුල අනෙක් උන්ගෙ වගේම මගෙත් , අසමජ්ජාති මරිමෝඩකං , මුග්ධ වීරත්වය වගේම අමන අවංකකමද ඇති. ඒ සබ්බසකල මනස්ගාත හිතේ ගුලිකරං ඉඳල වලපල්ලට යනවට වැඩියෙ හොඳයි වැඩක් ගන්න ඵකෙකුට වැඩක් වෙන්න මේ විදියට ඵලි බස්සන්න ඕන කියල හිතුන.
මෙතැන් සිට වරින් වර පෙල ගැස්සෙන්නෙ 2014 මගේ හිතවතුන්ට ලියපු පොදු ලියුමකින් තෝර ගත්තු කොටස්.
“අඳ ගොලුු බිහිිරි දේශයක කින්ද මන්දැයි නොදැන අන්ද මන්දව ඉන්නා උඹලට ලියන 2014 ට අදාල ලිපියයි මේ.
අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, ඵකසිය අටක් අතුරු ආන්තරා වලින් කිසිදු අග හිඟයක් නැතත් ” එව කව බොව කියන තෙපුලෙන් පිරුන හැම තැන ” යැයි එක එකාගේ හුඹස් කටවල් වලින් විසිවෙන ආශ්චර්ය්යයේ කතා අහන උඹලට තව මොන කතාද කියලත් හිතුන.
අපි ගැන කියනවනං” පුබිබේච කතපුඤ්ඤතා ” නිසාදෝ ” ප්රතිරූප දේශ වාසෝචව දුක්ඛ දෝමනස්ස සෝක පරිදේවයන්ගෙන් තොරව ඉන්නව. ඵකම දුක උඹල ගැන හිතෙන ඵක. මෙදාපාර ලියුම ඵදාපාර ලියුම් වලට වඩා කරුනු කීපෙකින් වෙනස්. ඒ ඵක්කම මේක කියවල මූනං ගේකට තියා වත්ත හතර මායිමටවත් වැද්ද ගන්න හොඳ ඵකෙක් නෙවි කියලත් හිතේවි. ඒ අනුවමෙදා ලියුම;
* පවුලේ හැමෝටම ඵකට සිට කියවිය හැකි හා ” අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ” වශයෙන් කොටස් දෙකයි.
* අඳනපටි හැර උජුපටි ඤායපටි ආදී කිසිම පටියක් නැති සමහර අමනුන්නාන්සේලාගේ හා පුබ්බරුවන්ද අම්බරුවන්ද වන දේශපාලකයින්ගේ ඔල මොල කතා අහල මොටකරගත් උඔලගෙ මොල කලම්බන ප්‍රශ්ණ
* දැනට වලංගු , ඒත්අවලංගු කලයුතු ,උඔලගෙ රටේ අවලං දේශපාලනය, අවලං කතා ආශ්රයෙන් විග්රහ කරන්නගත් අවලං අත්හදා බැලීමක් වගේම, ඊයෙ වෙච්චදේ අද වෙනකොට අමතකවෙන පරම්පරාගත රෝගයෙන් පෙලෙන උඹලට මතක හිටින්න යමක් කියන්නෙ කොහමද කියල බලන්නත් එක්ක කල පර්යේෂණාත්මක තැටමීමක ප්‍රතිඵලයක් ලෙස වල්කතාත් එකතු වෙනව
* මේක මම දන්න මං ගැන දන්න සුජාත හිතවතුන්ට ලියපු ඵකක් නිසා උඹ බාං බොලං බාසාවෙන් ලියවුනා. උජුපටි, ඤායපටි , සාමීචිපටි, සුපටි යන සතර පටියම නැතත් අඩුතරමින් උජුපටි ඤායපටිවත් තියෙන උතුමන්ලා (කිනම් ආගමක උව ) විසින් මගේ නොවියත් යෙදුම් වෙනුවට අදාල ගෞරවාර්ථ පද ආදේශ කර ගැනීමට කාරුණික වේවි කියල හිතනව. සතිය පට්ඨාන කරගෙන කියවන කෙනෙකුට මගේ නොහික්මුනු යෙදුම් වෙන ඵකක් නෑ .

අපටත් හමුරාබි කෙනෙක් ඉන්නවනං !
මීට වසර 3805 ට කලින් බැබිලෝනියාව පාලනය කල , හොරදෙටුවෙක් නොවූ නරදෙටුවෙක් වන හමුරාබි , ශ්‍රේෂ්ඨ නීති පද්දතියක් නිර්මාණය කෙරුව. මේ, එහි එන එක නීතියක්. ” හදපු ගෙයක් කොන්ත්‍රාත් කාරයගෙ වැරැද්දකින් කඩා වැටුගනොත් උගේ අතක්කපා දැමිය යුතුයි “
ප්රශ්නය: උඹලග රටෙත් පාලකය හමුරාබි කෙනෙක් උනොත් ස්ත්‍රී දූශකයින්ට අභිමිවන ශරීරාංගය කුමක්ද?
එකී ශරීරංගය අහිමිවියහැකි ජනතා නියෝජිතයින්ගේ ප්‍රථිශතය කීයක් විය හැකිද..?
ගූ කප්පරක් කාපු එකාට…..
” ඒක ධම්මං අතීතස්ස – මුසාවාදස්ස ජන්තුනෝ
විතින්න පරලෝකස්ස – නත්ථි පාපං අකාරියං “
” කප්පරක් කෙප්ප කෙලින එකාට කල නොහැකි අසමජ්ජාති වැඩක් නැත ” එහෙම දෙසුවෙ බුදු හාමුදුරුවො.
” ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද ඇහුවලු ” ගමේ මිනිස්සු එහෙම කියනව.
ප්රශ්නය: ඉහත ප්‍රකාශ සඳහා ප්‍රකට නිදසුන් 3 ක්
(තවත් දවසක හමුවෙමු)
❤👌