වසන්ත සමරසිංහ “වී” ගැන කියන කතා !!

අපි උපදෙස් දීම සමහර මාලිමා හිතවතුන්ට ඇලජික්‍ ය. ඔවුන් කියන්නෙ හුලංගමුව වැනි උපදේශකයන් ඉන්න නිසා තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න ලෙසය. අපිට එසේ ඉඳ පුරුද්දක් නැත . අපි හිතන්නෙ හුලංට වැඩිය අපි පන්ඩිතයන් කියලාය , ඒ නිසා ජනාධ්පතිට අපි දිනපතා උපදෙස් දෙමු. අද දෙන්නෙ අවසන් උපදේශයයි. ඒ වී අලවි මන්ඩලයට වි ලබා ගැනිම ගැනය. මෙම මන්ඩලයෙ සභාපති අසරණ වෙලා කියන්නෙ අපි සූදානම් වරෙල්ලා කියලය. ගොවීන් කියන්නෙ රු 10 ක් වැඩියෙන් දියෝ කියලය.

above image source_https://divaina.lk/wp-content/uploads/2022/10/Wasantha-Samarasingha.jpg, https://divaina.lk/wp-content/uploads/2022/01/namal-karunarathne.jpg

වසන්තගෙ උපකල්පනය වන්නෙ තව සති කීපයකින් මහා මෝලුන් වී ගැනිම අත් හරින බවය. මේ පින්වතුන් පසුගිය වසර වල වී අරන් ඇත්තෙ මුලු අස්වැන්නෙ න් 30 % කි. සුලු හා මධ්‍යම පරිමාන කන්ඩායාම 40 % ක් අරගනී. අනිත් කොටස ගොවින්ගේ ගෙවල් වලය. වසන්ත කියන්නෙ තව දින කිපයකි පුද්ගලික අංශය වී මිලට දෙන මිල අඩු කරන බවය එවිට ගොවින්ට පිහිටට ඉන්නෙ ආන්ඩුව වේ. එය එසේ වුවත් ආන්ඩුව ට මිලදි ගත හැක්කෙ මුලු අස්වැන්නෙ න් 1 % කි. එයින් වෙලදපොළක් පාලනය කල නොහැකිය. අපි මෙම ආන්ඩුව රැක ගන්න පිලේ වුවත් පැත්ත ගියත් බොරු කියන්නේ නැත. ජනතාව අපව ව්ශ්වාශ කරන්නෙ ඒ නිසාය. අපේ සාමජිකයන් සමුපකාර හෝ ප්‍රදේශිය සභා ජන්දවලට ඉල්ලන්නෙ නැත , එම නිසා බොරු නොකියමි.

image source_https://lankacnews.com/wp-content/uploads/2025/01/namal-1.jpg

එම නිස කුඹුරටම ගොස් වී ගැනිමට නොහැකිය. නමුත් ජන හිතකාමි රජයක් බැවින් හමුදාවෙ ට්‍රක් රථ හෝ බර වාහන යොදාගෙන මෙම වී මිලදි ගැනිමේ යුද්ධය කල හැකිය. හමුදාවෙ ගොවීන්ගේ දරුවො මෙයට වීරුද්ද වෙන්නෙ නැත. තෙත වී ද මිලදිගෙන හමුදාවෙ ශ්‍රමයද යෝදාගෙන අව්වෙම වේලාගත හැකිය. ගොවීන් සතුටු වෙන්නෙ එලෙස නාමල් ගේම ගැහුවොත්‍ ය . වසන්නත කියන විදියට වැඩ කෙරුවොත් ගොවීන් අසතුටෙන් අපහසුවෙන් වී ගබඩාවලට ගෙන එනු ඇත. මේ සියල්ලම පූරෝකතන වේ.

කීර්ති කුමාර මද්දුමගේ.(08/02/25)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *