
අපි උපදෙස් දීම සමහර මාලිමා හිතවතුන්ට ඇලජික් ය. ඔවුන් කියන්නෙ හුලංගමුව වැනි උපදේශකයන් ඉන්න නිසා තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න ලෙසය. අපිට එසේ ඉඳ පුරුද්දක් නැත. අපි හිතන්නෙ හුලංට වැඩිය අපි පන්ඩිතයන් කියලාය, ඒ නිසා ජනාධිපති තුමාට අපි දිනපතා උපදෙස් දෙමු. ඒවා පිලිගැනීම හෝ නොපිලිගැනීම එතුමාට අයත් කාර්යයකි. නමුත් ඒවා පිලිගන්නේනම් එය මේ රටේ ජනතාවගේ වාසනාවකි. අද දෙන්නෙ අවසන් උපදේශයයි. ඒ වී අලවි මන්ඩලයට වි ලබා ගැනිම ගැනය. මෙම මන්ඩලයෙ සභාපති අසරණ වෙලා කියන්නෙ අපි සූදානම් වරෙල්ලා කියලය. වී ගොවීන් කියන්නෙ රු 10 ක් වැඩියෙන් දියෝ කියලය.
above image source_https://divaina.lk/wp-content/uploads/2022/10/Wasantha-Samarasingha.jpg, https://divaina.lk/wp-content/uploads/2022/01/namal-karunarathne.jpg
වසන්තගෙ උපකල්පනය වන්නෙ තව සති කීපයකින් මහා මෝලුන් වී ගැනීම අත් හරින බවය. මේ පින්වතුන් පසුගිය වසර වල වී අරන් ඇත්තෙ මුලු අස්වැන්නෙ න් 30 % කි. සුලු හා මධ්‍යම පරිමාන කන්ඩායාම 40 % ක් ඇරගනී. අනිත් කොටස ගොවින්ගේ ගෙවල් වලය. වසන්ත කියන්නෙ තව දින කිපයකි පුද්ගලික අංශය වී මිලට දෙන මිල අඩු කරන බවය. එවිට වී ගොවින්ට පිහිටට ඉන්නෙ ආන්ඩුව වේ. එය එසේ වුවත් ආන්ඩුව ට මිලදි ගත හැක්කෙ මුලු අස්වැන්නෙ න් 1 % කි. එයින් වෙලදපොළක් පාලනය කල නොහැකිය. අපි මෙම ආන්ඩුව රැක ගන්න පිලේ වුවත් පැත්ත ගියත් බොරු කියන්නේ නැත. ජනතාව අපව ව්ශ්වාශ කරන්නෙ ඒ නිසාය. අපේ සාමජිකයන් සමුපකාර හෝ ප්‍රදේශිය සභා ජන්දවලට ඉල්ලන්නෙ නැත , එම නිසා බොරු නොකියමි.
අපි යෝජනා කරන්නෙ ආන්ඩුව වී මිලට ගැනිමට ගොවින්ට පහසු ක්‍රමයකට සුදානම් විය යුතු බවය. මන්ඩලයෙ ඇත්තෙ එක ලෝරියකි. මන්ඩලය සතුව එකම එක ලොරියක් තබාගෙන රටපුරා වී ගොවීන් සතු අස්වැන්න 1% ක් වත් මිලදී ගැනීමට ඇත්තටම හැකියාවක් නොමැත. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දියයුතුය.

image source_https://lankacnews.com/wp-content/uploads/2025/01/namal-1.jpg
එම නිස කුඹුරටම ගොස් වී ගැනිමට නොහැකිය. නමුත් ජන හිතකාමි රජයක් බැවින් හමුදාවේ ට්‍රක් රථ හෝ බර වාහන යොදාගෙන මෙම වී මිලදි ගැනිමේ යුද්ධය කල හැකිය. හමුදාවේ ගොවීන්ගේ දරුවො මෙයට විරුද්ධ වෙන්නෙ නැත. තෙත වී ද මිලදිගෙන හමුදාවෙ ශ්‍රමයද යෝදාගෙන අව්වෙම වේලාගත හැකිය. වී ගොවීන් සතුටු වෙන්නෙ එලෙස නාමල් කරුණාරත්න ගේම ගැහුවොත් ය . වසන්නත සමරසිංහ කියන විදියට වැඩ කෙරුවොත් ගොවීන් අසතුටෙන් අපහසුවෙන් වී ගබඩාවලට ගෙන එනු ඇත. මේ සියල්ලම පූරෝකතන වේ.

1 thought on “වසන්ත සමරසිංහ “වී” ගැන කියන කතා !!”