මාළිමාවේ බෝල්ශෙවික් ගතිකයෝ..!

මීට දින කීපයකට පෙර පැවති රූපවාහිණී සංවාදයකදී ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා මහතා විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ඇසූ ප්‍රශ්ණයකට, ජාතික ජනබල වේග මන්ත්රීනී ලක්මාලි මහත්මිය ” මම මොකටද ඔබට උත්තර දෙන්නේ ” යනුවෙන් පවසා අවසානයේ උත්තර නොදෙන බව පවසුවාය.
above image source-https://lankatruth.com/si/wp-content/uploads/2023/09/Lakmali-Hemachandra-2023.09.23-1.jpg

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_72652f739c.jpg
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල ආන්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද විශාල කාර්‍යභාරයක් තිබේ. එකී විපක්ෂයේ කාර්‍යභාරයේ ප්‍රධානම කොටස වන්නේ ආන්ඩුවේ අණපනත් සහ ආර්ථික වැඩපිළිවෙලේ අහුමුලු ප්‍රශ්න කරමින් ඒවා ජනතාවට දැනගැනීමට සැලැස්වීමයි. එකී සංවාදය තුල අජිත්.පී පෙරේරා ඇසූ ප්‍රශ්නයද ඊට අදාලය.
කොමියුනිස්ට් පක්ෂ ආකෘතියට අනුවනම් ඔවුන් රට පාලනය කරන්නේ තමාගේ තනි අභිමතයට අනුව යන ආඥ්ඥාදායක පාලණයක ව්‍යුහයක්ට අනුවය. එහිදී ඔවුන් විපක්ෂ අභිමතය සහ ජනතා අභිමතය තඹේකට මායිම් නොකරනවා පමණක් නොව ඒවා මර්ධනයද කරයි.
මෙහිදී යම් දේශපලන විවාදයකට සහභාගිවන ජ.වි.පෙ සාමාජිකයෙකුගේ අතින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට එසේ උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කිරීමකට ලක් උනිනම් එය ජ.වි.පෙ කොමියුනිස්ට් ගථිකයේ බලපෑම නිසා සිදුවූවක් ලෙස අපට සිතිය හැක. එසේනම් මාළිමාව හරහා ජ.වි.පෙ ට මැතකදී සම්බන්ධවූ බොහෝ දෙනෙකුට ජ.වි.පෙට සම්බන්ධ වීමට පෙර ඔවුන්ගේම කියා ලිබරල් හෝ වෙන කුමන ප්‍රසස්ථ දේශපාලණ සාරයක් ඔවුන් සතුව තිබී නැත.
මීට පෙර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ මුවින් පිටවූ ” ආයේ දෙන්නෙ නෑ පුතේ ” යන ප්‍රකාශයද අපට විග්‍රහ කරගැනීමට වන්නේද මේ සන්ධර්භය තුල තබාය. එසේම පාර්ලිමේන්තු විවාද වලදී විපක්ෂය අසන ප්‍රශ්ණ සම්බන්ධව ආන්ඩුවේ ඇමතිවරුන්ගේ ද්වේශ සහගත ප්‍රතික්ෂේප කිරීමේ මූලය ඇත්තේද පෙරකී ජ.වි.පෙ අභ්‍යන්තර කොමියුනිස්ට් පක්ෂයේ බොල්ශෙවික් ගථිකය තුලය.