අධ්‍යාපනය සහ ආගම..!

පසුගිය දා හරිනි අගමැතිනිය හමුවීමට ගිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ පිරිසක් දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත් කම අගමැතිනිය වෙත පැහැදිලි කර දුන් අතර එය වටහා ගත් අගමැතිනිය දහම් පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල සුදුසුමක් බවට පත් කිරීමට කටයුතු කරන බවට සඳහන් කරන ලදී. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ආගම සහ ඉතිහාසය වැදගත් බවට ද මේ වන විට එක් පසෙකින් හාමුදුරුවන් වහන්සේ ලා ද අනෙක් පසින් දිලීත් ජයවීර ඇතුළු පිරිසඳ කෑ ගසමින් යයි. මේ සියල්ල සිදු වෙද්දී කාදිනල් මැල්කම් සමලිංගිකත්වයට එරෙහිව සිය ආගමික බාවිතය සිදු කරයි.

image source
https://sinhala.news.lk/images/2025/01/09/Harini-Amarasuriya_large.webp

නූතනවාදය වෙනුවට වැඩවසම් වාදය දෙසට.

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැන් වන විට මතවාද පළ කරන්නේ ද ආගමික සංස්ථවන් වේ. මේ තුළින් තව දුරටත් දේශපාලනය ආගමෙන් විභේදය කරනවා වෙනුවට තව දුරටත් ආගමික කරණය කිරීම සිදු කරයි. එනම් නූතනවාදය වෙනුවට වැඩවසම් වාදයකට ගමන් කිරීමයි. මෙරට සිදුවන සෑම යහපත් වෙනස් කමකටම වැඩිවශයෙන් එරෙහි වන්නේ බෞද්ධ පන්සල් ය.(බලය ලබා ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ සිටියේ මෙතනමය)  ඒ අන් කිසිවක් නිසා නොව දේශපාලනය හරහා සිය බලය තව දුරටත් පවත්වා ගෙන යාමටය. යුරෝපයේ වැඩවසම් සමාජයේ පැවති පරිදි.

අනෙක් අතට සමාජය තුළ නව පරිවර්තනයක් සිදු කරන විට ඊට එරෙහි වන තවත් කණ්ඩාමක් වන්නේ දිලීත් ප්‍රමුඛ එඩිතර යල්පැන ගිය විපක්ෂය වේ. ඔවුන් දැන් වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කරුණු කිවීමට ටියුෂන් පංති තුළටම ගොස් දරුවන් දැනුවත් කරයි. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සෙ අහිමි වන්නේ මෙරට සංස්කෘතිය බව කියයි. එසේ කියමින් ජාතිවාදය වපුරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නව ලෝකයට ගැලපෙන මිනිසුන් නිර්මාණය කිරීම ට ජාතික වාදීන් බිය වන්නේ ඇයි? අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යයි කියමින් පැරණි අගතීන් නැවත සමාජ ගත කිරීම ජීවිත පරමාර්ථය කරගන්නේ ඇයි? 

ආගම් ජාතිවාදය.

කාදිනල් ද දැන් වන විට ක්‍රිස්තියානියේ ආදරය පැතිරවීම වෙනුවට වෛරය පැතිරවීමට කටයුතු කරයි. ඒ සමලිංගික ප්‍රජාවට මානසික රෝගීන් බව පවසමින් ය. පසුගිය දා ට්‍රම්ප් විසින් ද මෙවැනි ප්‍රකාශයක් සිදු කල අතර එම අඩිපාරේම කාදිනල් ද ගමන් කරයි. මැල්කම් රංජිත් කාදිනල් යනු ක්‍රිස්තියානි සභාව ජාතිවාදයට දැක්වූ එඬේරාය. දැන් ඔහු නැවත මුළුමහත් සමාජයම වෙනත් සතුරෙකු වෙත දක්වමින් සිටී. මොහුද නව ජාතිවාදයක් ගෙන එයි. ඒ සමලිංගිකත්වය වෙනුවට විෂම ලිංගිකත්වය වේ. මොහුගේ දැන් ගැටලුව වී ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම නොවේ. ඒ වෙනුවට විෂම ලිංගිකයා නොවිඳින සමලිංගිකයා විඳින විනෝදය කුමක්ද යන්න සෙවීමයි. මෙය කාදිනල් පරිකල්පනය කරන විනෝදයකි. මෙම විනෝදය වටා කාදිනල් සමාජය සංවිධානය කරමිනි සිටී. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය සමලිංගික ගැටලුව නොවන අතර 60%ක් අවිධිමත් ආර්ථිකයේ ජීවත් වීමයි. කාදිනල් නරුමවාදී වන්නේ මෙතනයි. කාදිනල් විසින් මීට පෙර මුස්ලිම් මනුස්සයාට එරෙහිව ජාතිවාදය වැපිරූ අතර දැන් ඔහු සමලිංගිකත්වය දෙසට හැරී ඇත.

මේ යුගයේ ආගම යනු පැරණි අර්ථයෙන් ක්‍රියාත්මක වන්නක් නොවේ. එය ද වෙළඳපොළ තර්කනය තුළ විකිණෙන වෙළඳ භාණ්ඩයකි. මේ යුගයේ දී ආගම තව දුරටත් පැරණි අර්ථයෙන් කටයුතු නොකරයි. එම පැරණි භාවිතයට ඊට යාමටද නොහැක. එබැවින් ආගම කල යුත්තේ හේගල් සඳහන් කල පරිදි ධනවාදය විවේචනය කිරීම මිස දෘෂ්ටිවාදයන් නිර්මාණය කිරීම නොවේ. නමුත් කාදිනල් සහ ස්වාමීන් වහන්සේ ලා ගත් කල සිදු කරමින් සිටින්නේ දෘෂ්ටිවාදයන් ගොඩ නැගීමයි.

(මෙම ලිපිය ඒකාදිපති ෆාමසිය FB පිටුවෙන් උපුටාගන්නා ලදබව කරුණාවෙන් සලකන්න.)

රුවන් හපුආරච්චි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *