චෙම්මනි මිනීවලෙන් ගොඩ ගන්නා දකුණේ හෘද සාක්ෂිය..!

මේ වන විට යාපනයෙන් නල්ලූර් කොට්ඨාසයේ චෙම්මනි-සිඳුබාති සුසාන භූමියේ කැණීම් කටයුතු සිදු කරමින් පවතී. එම චෙම්මනි මිනීවල තුලින් මේ වන විට බොහෝ මළ සිරුරුවල අස්ථි කොටස් ගොඩ ගනිමින් පවතී. ඒ අතර වයස අවුරුදු 1 ට අඩු කුඩා දරුවන්ගේ අස්ථි කොටස්ද හමුවී ඇත. 

image source
https://cdn.ibcstack.com/article/010a4546-bf4f-4f77-aee2-e8cb428bcd9f/25-68620fe70e815.webp

මෙම චෙම්මනි මිනී වල පිළිබඳව ඉදිරිපත් කරන මත අතර එය බොහෝ විට ඝාතනය කරන ලද යැයි සැක කරන වින්දිතයන්ගේ සිරුරු කොටස් බව මේවන විට අනාවරණය කරගෙන ඇත. 

අස්ථි කොටස් සමඟම ඒ ආශ්‍රිතව යම් යම් භාණ්ඩ විශේෂයෙන්ම, කුඩා දරුවන්ගේ පාසල් බෑග් ආදිය හමුවීමත් සමගම මේවා ඝාතනයන්ගේ සුල මුලක් බව සැක කරනු ලබයි. මේවා යොදා අපරාධයන්ගේ ප්‍රතිඵල ය. 

කුඩා දරුවන්ගේ අස්ථික කොටස් හමු වීමත් සමඟම දකුණේ බොහෝ දෙනකු ඉතා කම්පනයට පත්විය. මෙම කම්පනයට පත් වූ බොහෝමයක් එකල යුධ අපරාධය සම්බන්ධයෙන් ජාතිවාදය පැත්තේ හිටගත් අයයි. වර්තමාන ආණ්ඩුව වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ද එකල යුද්ධය පිළිබඳව දරන ලද්දේ ජාතිවාදී අදහසකි. ” ලංකාවේ විප්ලව දෙකක් බෑ. අපි විතරයි විප්ලව කරන්නේ” යනුවෙන් සඳහන් කරමින් උතුරේ විමුක්ති අරගලය බිමට සමතලා කිරීම සඳහා මහින්ද රාජපක්ෂව බලයට ගෙන එන ලදී.

lළදරුවෙකුගේ පාසැල් බෑගයක් සහිත මලසිරුරක්.
image source
https://www.aithiya.lk/wp-content/uploads/2025/08/Chemmani-child.jpeg

යුද්ධය යන අතරතුරු උතුරට බර අවි ප්‍රහාර නැවැත්වීමත් සමඟ, එය නැවත ආරම්භ කරනන ලෙස රට පුරා පෝස්ටර් ඇලවුවේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා උතුරට පහර දීමට මහින්ද රාජපක්ෂට බල කරන ලද්දේ ද ජනතාව විමුක්ති පෙරමුණ බව ඔවුන් ඉතා උජාරුවෙන් තවමත් කියමින් පම්පෝරි ගසයි. දැන් සියල්ලන්ටම අතීතය අමතක වී ඇත. ඔවුන් සියලු දෙනා ජාතිවාදී හරණය වී ඇත. ලංකාවේ සිට ඇති එකම ජාතිවාදියා මහින්ද රාජපක්ෂ පමණි. එබැවින් මේ සියලු යුධ අපරාධ මහින්ද රාජපක්ෂ පමණක් දරා ගත යුතුය. අනෙක් සියලු දෙනා සුදෝ සුදු ශුද්ධවන්තයින්ය.(මම හැර අනෙක් සියල්ලම නරකය. මම මඩේ පිපුණු නෙළුමකි)

දැන් ජාතිවාදී හරණය වී ඇති ලංකාවේ ජහමනයා බාහිර සතුරෙකු විනාශ කිරීම සඳහා මහින්ද රාජපක්ෂව (දෙමළාට විරුද්ධව), ගෝඨාභය රාජපක්ෂ (මුස්ලිම් මිනිහාට විරුද්ධව) බලයට ගෙන එන ලදී. ඔවුන්ම නැවත ජාතිවාදී හරණය වී මහින්ද රාජපක්ෂයට කෙලවීමට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට ගෙන එන ලදී. මේ සෑම තැනකම සිට ඇත්තේ එකම ජනතාවයි. වෙනසකට ඇත්තේ ඔවුන් කලින් අමු අමුවේම ජාතිවාදීන් වූ අතර දැන් වන විට හැංගි ජාතිවාදී වීමයි. මොවුන් කියන්නේ අපි ජාතිවාදී නෙමෙයි මහින්ද රාජපක්ෂ විසින් අපිව ජාතිවාදයට ඇද දැමුවා යනුවෙනි.(මම නෙමෙයි එය කළේ. ඒ වෙලාවේ මට ආවේශ වූ යක්ෂයා විසිනි.)

කිරි බෝතලයක් සමග ළදරුවෙකුගේ මළ සිරුරක්.
image source
https://lankasara.com/wp-content/uploads/2025/07/Child-0001.jpg

එසේම තවත් අතකින් මෙම චෙම්මනි මිනීවල නැවත ගොඩ ගන්නේ ඩයස්පෝරාවේ උවමනාවකට බවද, යුද්ධයක් සිද්ධ වන විට මිනිසුන් මිය යාම සාමාන්‍ය දෙයක් බව පවසමින් විපක්ෂය බොරදියේ මාළු බාමින් සිටි. එහි ඉදිරියෙන්ම බිලී පිත්ත හසුරවන්නේ දිලීත් ජයවීර නැමැති කම්බ ජාතිවාදියාය. 

කෙසේ වුවද උතුරේ සිදුවූ සියලු යුධ අපරාධ සම්බන්ධයෙන් දකුණේ සියලු දෙනාම එකසේ වගකිව යුතුය. ඔවුන්ට එයින් ගැලවිය නොහැක. මන්ද යුද්ධය යන විට කිසිවෙකු ඊට විරුද්ධ වූයේ නැති බැවිනි. මොවුන් සියලු දෙනාම අවිඥානිකව එකල දෛනිකව මිය යන උතුරේ ජනතාව දෙස බලා විනෝදයක් ලැබූ අතර එම විනෝදය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද මොවුන් සියලු දෙනාටම අවිඥානයක් ඇති බැවිනි. ඔබගේ අවිඥානික විනෝදයට ඔබ වගකිව යුතුය. එහෙයින් චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් දකුණේ සියලු දෙනාම එකසේම වරදකාරීත්වයකට යනු නියතය. Psycho චිත්‍රපටයේ නෝමන් බේට්ස් මෙන් සියල්ල පිරිසිදු කරන අනුර කුමාර හරහා මෙම අපරාධ පිරිසිදු කර ගැනීමට කිසිවෙකුට නොහැක. ඔබ ඔබේ අවිඥානික විනෝදයට වග කියන්න.

ඒකාධිපති ෆාමසිය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *