ලෙස්ටර් වුල්ෆ් හා බැද්දේගම..!

පොඩ්ඩ බැරිවෙද්දි ඉඩෝරයට අසුවි වේලි යන ලංකා දුපතේ පොලොව මත හිට ගත් මිනිසුන් දෙස 1908 දි Leonard Woolf බලා සිටි.
above image sources-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT8lVlqK4e2iPjsCQ3i4sEATYGCdytHxSpOWA&s, https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRZTl8iSXHu1O3XgeCZhh35chipw4AaML_wfA&s
ඔහු මෙසේ ලියයි.
උන් එකෙක් අනිකෙකු දෙස බලන්නේ මී හරකෙකුගේ ඇස්වල දකින්න හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියෙකු කෙරෙහි ඇති කපට බැල්මකින් යුතුවය. වනයේදි ඇතිවන අන්ධ සාහිසිකත්වයද දිවියෙකුගේ මෙන් රෞද්‍රභාවය හා වලසකුගේ මෙන් හදිසි කෝපයද මේ ගම්මුන් තුල දක්නට ලැබේ.
Woolf ගේ මෙම අවබෝධය Lester විසින් බැද්දේගම චිත්‍රපටය තුලින් යලි සමාජයට ඉදිරිපත්කරනවා. තිර රචනය අප කියවා නැතත් පොඩ්ඩක් වැස්ස නැතිවුන ගමන් ඉඩෝරයට අහුවන පොලොව මත සිටින හොල්මන් වි ගිය ගැමියෙකු Lester ගේ සැම screen shot එකක් තුලම අපට දැකගන්න පුලුවන්. ( චිත්‍රපටයේ අවස්ථා දැන් මතක් කරගන්න ) වියලුනු පොලොව මත සිට ගත් මිනිසා පිටුපස ( back ground එකේ ) රැපණය විමට උත්සාහ දරණ එනමුත් චිත්‍රපටය අවසන් වන තෙක්ම රැපණය නොවිම මිය ගිය කුමක් හෝ ගුප්ත දෙයක් පවති. පිටු පස පවතින දෙයට මිනිසා බයය. හොල්මන්වි ගිය මිනිසෙකු පොලොව මත සිටගෙන ඉදිරිය බලාගෙන සිටගෙන සිටි. පිටුපස නොබලන ඔව්හු දැස් ඉදිරියට නෙරා ඉදිරියම බලා සිටි.
Woolf තම බැද්දේගම නවකතාව තුලින් මෙම තත්වය විස්තර කරන්නේ මෙම මිනිසුන් ජිවත්වන පසුබිමට ඇති ඇති බිය නිසා ඔවුන් අවිනිශ්චිත ලෙස සාහසික විය හැකි මිනිසුන් ලෙසය. නවකතාවේ පසුබිම චිත්රපයේ පසුබිමට එලෙසම ගැනිම Lester ගේ අභිප්‍රායයි. පසු බිමේ ඇත්තේ රැපනය නොවුනත් මේවාය – වනාන්තරයට ඇති බිය, බඩගිනි විම සම්බන්ධව ඇති බිය, උණ සන්නිපාත සැදි වෙව්ලා මිය යාමට ඇති බිය, හේන් පාලුවි යතැයි ඇති බිය. වමාංශීක අපට අනුව මෙය සරලවම නිෂ්පාදන යාන්ත්‍රණයේ අක්‍රමවත් බවකි. එපරිද්දෙන්ම Woolf විසින් මතු කරන්නේද එම අදහසමයි එනම් පසු බිමේ කැරකෙන්නේ ආර්ථික ප්‍රශ්ණයකි.

Mrs. Dalloway නවකතාව ලියන්නේ Woolf ගේ බිරිද වන Virginia Woolf විසිනි. මිනිසෙකු සියදිවි නසාගන්නා අන්තිම මොහොතේ ලියා තැබු ලියුමක් සාහිත්‍යය කෘතියක් සේ විශ්ව විද්‍යාල විසින් සලකා එහි රසය පන්තිකාමර තුල විකිණිම කාලයක සිට යහමෙට කෙරෙන නිසා Virginia විසින් Leonard Woolf ට ලියු සියදිවි නසාගත් ලියුමේ කොටසක් Facebook පිස්සන් කොටුවේ තබමි.
” මගේ ආදරවන්තය ,
මට නැවත එක එක ශබ්ද ඇසෙන්නට පටන්ගෙන. මට සිත පිහිටුවාගත නොහැකියි. එනිසා මම කරන්නට තියෙන හොදම දෙය කරනවා. ඔබ මට දිය හැකි උපරිම සතුට දුන්නා. මට සියලුදේම ඔබම වුනා. දරැණු අසනිපය නැවත පැමිණිමෙන් පසුව තවදුරටත් දෙදෙනෙකුට සතුටින් සිටිමට හැකියැයි මම නොසිතමි. මට තවදුරටත් රෝගය සමග සටන් කල නොහැක. මම ඔබගෙ ජිවිතය කාලකණ්නි කරමින් සිටිමි. මුලු ජිවිතය පුරා ඔබ මා කෙරෙහි පුදුම ඉවසිලිවන්ත සහ බොහෝ යහපත් වුනා. මාව බේරගන්නවනම් ඒ කව්රුත් නොව ඔබම පමණයි. ඔබගේ යහපත් කම හැර සියලුමදේ මගෙන් ඇත් වෙනව. තව දුරටත් මට ඔබගේ ජිවිතය කාලකණ්නි කල නොහැකියි…..”
Virginia සියදිවි නසාගත් පසුව ඇගේ පුද්ගලික වෛද්‍යවරයා ලොවට පැවසුයේ දත් අමාරැව නරක් වි මොලයට විෂබිජ ගොස් විකාර ශබ්ද සහ රැප ඇයට පෙනිමට පටන්ගත් බවය. එය තඩි කෙප්පයකි. Virginia යම් යම් රැප චායා දැක්කත් විවිධ ශබ්ද යලි යලි ඇසුවත් ඒවා ඇයට තේරැම් ගත නොහැකි විය. සංරචනය කරගත නොහැකිවිය ඇයට. භයානක තත්වයකි මෙය. මදක් සිතන්න තේරැම් ගත නොහැකි භාශාවක් ඔබට ඇසෙනවානම් හෝ තේරැම් ගත නොහකි දසුන් ඔබට පෙනෙනවානම් ඔබගේ පැවැත්ම අර්බුයට යන්නේය. ඔබගේ මිදුලේ ඇති ගස ” ගසක්” ලෙස ඔබට signified වි ඇති නිසා ඔබ ගසට බිය නොවන්නේය. නැත්නම් මල කෙලියක් වන්නේය. ඔබ කිසිදා පුටුවේ සිට ගස දෙස බලා නොසිටිනු ඇත. horizontal split එකකට Virginia බදුන් වි ඇත. සමාජ අත්දැකිම් traumatic විම නිසා මිනිසෙකු තුල මෙවැනි දෙදෙරැම් ඇතිවේ. බැද්දේගම නම් ගමේ සිලිදු පමණක් නොව සියලු මිනිසුන් ඒ විදිහට හෝ මේ විදිහට traumatic අත්දැකිම් ලැබ දෙපලු වුවන්ය. නව කතාවේ චරිත වල මෙම පැල්ම (split ) දැක ගත හැක. Lester ගේ screen shots වල වියලි පොලොව මත ඇවිදන්නේ දෙපලු වු මිනිසුන්ය. Virginia ට වසර හය තරම් කුඩා කල ලිංගික අතවර වලට ලක්විම නිසා ඇය ජිවිතයේ මැදි වියේදි පැලි ගියේය.
දැන් Lester ගේ screen shots වල back ground එකේ රැපනය නොවි පවතින අමුතු දෙය ආර්ථිකයද ? Leonard Woolf පොතින් පවසන පරිදි බැද්දේගම ගමේ පොලොව මත සිටිගෙන සිටින මිනිසා පිටුපස පසුබිම ඇති ගුප්ත යාන්ත්‍රණය ආර්ථිකයද? Virginia සියදිවි නසාගැනිම හේතුවුයේ ආර්ථිකයද?
සුද්දා ලංකාව අතහැර දමා ගියේ ශේෂපත්රයේ අවුල් නිසාය. ප්‍රශ්ණය ආර්ථකයයි Woolf පවසයි. Lester එයටම පසුබිම සකස් කොට රැපණය කරයි. ප්‍රශ්ණය ආර්ථිකයනම් අද Jaic Hilton එකේ කාමර වලින් ටයි දා ගත් මෙවැනි ගැමියන් එලියට කඩාපැනිම සිදුවිය නොහැක.
පසුබිම ඇති අමුතු දේ සංරචනය කල යුතුය. සංරචණය විම නැත්නම් තේරැම් ගැනිම Table එකක් මත සිදුවේ. ලංකාවේ Tables තිබි නැත. සම්මුතින් සාකච්චා තුල බිහිවිය යුතුය. ඉතිහාසයේදි අප ගොස් රජු සමග කිසිදා සාකච්චා කොට නැත. මිනිස් පාලම් තිබි නැත. Woolf ලංකාවේ පසුබිමේ කැරකෙන දේ ආර්ථිකය ලෙස දුටුවේය. Woolf එංගලන්ත සපත්තු කුට්ටමේ සිටගෙන බැද්දේගම දුටුවා සේම Lester කොළඹ සිට බැද්දේගම දෙස බැලුවේය. පංගු ක්‍රමයට ලංකාවේ හුරැවි සිටි මිනිසා එංගලන්තයේ වෙලදපොලට හසුවි හොල්මන් වි ඇති සැටි Lester නොදුටුවේය. එය ආර්ථික ප්‍රශ්ණයක් නොව දේවල් තේරැම් ගැනිම ( සංරචනය කරගැනිම ) පිලිබද ප්‍රශ්ණයකි. කොටින්ම Henry Blake ආණ්ඩුකාරයාගේ කඹුරැපිටියේ කච්චේරිය මොන හත්ඉලව්වක්දැයි ගමේ ආරච්චිලවත් සිලිදුවත් බඹුන්වත් නොදනි. 1977 දි ජපාන වෙළද පොලට ලංකාව නැවතවරක් අහුවන නිසා මිනිසුන් නැවතත් දෙපලු වි යයි. මෙලෙස සිදුවන දෙපලු වීම් වලට අනුරැප වු traumatic වීම් කාලාණු රැපව මිනිස් ඝාතන ( යුද්ධ / කැරලි ) ලෙස ලංකාව තුල ප්‍රකාශ වේ. පසුබිම කැරකෙන්නේ ආර්ථිකය ලෙස Woolf ට පෙනුනු නිසා වික්ටෝරියානු සදාචාරය නැමැති තිර රෙද්ද පිටුපස Virginia සියදිවි නසාගැනිම Woolf නොදුටුවේය. වික්ටෝරියානු සදාචාරය කඩෙන් මිලදිගත හැකි දෙයකි. වසර 1950 ගණන් වලදි කොලඹ මොරටුව දෙහිවල පැත්තේ කඩවලින් Lester ට එය පහසුවෙන් මිලදි ගත හැකිව තිබිණි. යහපත් bank account එක යහපත් වික්ටෝරියානු සදාචාරයයි. බැද්දේගම මිනිසා දෙස bank account එකක් හරහා බලද්දි පෙනෙන්නේ එක් පැත්තක් පමණකි.
Lester fail වන තැනින් ඉස්සරහට යන්න අශෝක හදගම පටන් ගත්තත් එය කැරකවි ගොස් නැවතුනේ ගැහැණු ජංගිය තුල හෝ පිරිමි ලන්කට් එක තුලය. ලොව වෘෂණ කෝෂය වටා නොකැරකවේ. එසේ අප පවසන්නේ දේශපාලනයේදි නිදහස අවසන් සිමාව නොවන බව අප අවබෝධ කරගෙන ඇති නිසාය.
” උන් එකෙක් අනිකෙකු දෙස බලන්නේ මී හරකෙකුගේ ඇස්වල දකින්න හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියෙකු කෙරෙහි ඇති කපටි බැල්මකින් යුතුවය. “
මෙය ඔබ අද දින රැකියාවේදි අත්විදිනවා ඇත. මෙහි ඇති අඩුව ආර්ථිකය නොව දේශපාලනයයි. ශරීරයෙන් පිටත ඇති දේ දේශපාලනය විසින් සකසාගත යුතුය. වතුර ගලා ගොස් sediment සැදෙන්නා සේ ජනතාව ගලාගොස් ආයතන සැදේ. ලංකාවේ ආයතන සාදා ඒවාට මිනිසුන් රිංගවිමකි සිදුවන්නේ. කඹුරැපිටියේ උසාවියේ නීතිය කා වෙනුවෙන්දැයි බඹුන් නොදනි. දෙය්යො දනි. Lester එය දැන සිටියාද? Lester ගෙන් පසුව සිනමාව අපට ඉගැන්වුයේ චොක්ලට් කන්න දි යටසාය අස්සට අත දාන විධිහයි. ලංකාව වැනි රටක මිනිසුන් අතර පාලම් සැදිම සිනමාව විසින් කලයුතුව තිබිණි. යුද්ධයකින් පසුව උචිත යුධ සාහිත්‍යක් ලංකාවේ බිහිනොවිම ගැන ලිවිම කරන්නෝ ලැජ්ජාවිය යුතුය.
දේශපාලනය යනු මිනිසුන් අතර පාලම් සැදිමයි.
Then in the left – We are bridging people.
