කුමන්ත්‍රණ භීතිකාවේ යථාර්ථය …!

විපක්ෂයට තියෙන්නේ පාර්ලිමේන්තු සීට් හතලිහයි. පාර්ලිමේන්තුවට ඇවිත් ඉඳන් ඉන්නව ඇරෙන්න ඒ අයට වෙන කරන්න පුළුවන් කුමන්ත්‍රණයක් නෑ. රාජපක්ෂලා සීයට තුනටත් වඩා පහලට වැටිලා, මහින්දත් අබලන් වෙලා. තුනෙන් දෙකටත් වඩා බහුතරයක් තියෙන මේ ආන්ඩුව පෙරලන්න මේ වෙලාවේ කුමන්ත්‍රණ කරන්න එන එකෙක් නෑ. හැබැයි එහෙම කුමන්ත්‍රණයක් ගැන ආන්ඩුව බයෙන් සැකෙන් ඉන්න බවක් නම් පේනවා.

හේතුව ආන්ඩුවට දැනිලා තියෙනවා තමන් යන ආතක් පාතක් නැති අතපත ගගා යන ගමන කොතනක හරි  දෙරි ගැහෙන්ට පුලුවන් කියන එක.

ඉස්සෙල්ලා සැරේ රාජපක්ෂලාගේ අතේ ආන්ඩුව තිබ්බ වෙලාවේ රට කඩාවැටුන මොහොතේ අවම වශයෙන් රාජපක්ෂලා දැනගෙන හිටියා වැඩේ ගොඩදාන්ට පුළුවන් චරිතෙ මොකක්ද කියලා…

රාජපක්ෂලා රටට කෙළෙව්වට අඩුමගානේ කෙළ උනාම ගොඩදාන පාර දන්නෙ රනිල් කියලා දැනගෙන හිටියා සහ වැඩේ ඒවෙලාවේ රනිල්ට බාර දුන්නා..

මේ පාර රට කඩාවැටුනොත් පට්ටම පට්ට අවුලක් වෙනවා..මොකද ආන්ඩුවට අර්බූදය ගැනවත් අර්බූදය තුලින් මතුවෙන අවුල ලිහන්න දන්න අය ගැනවත් අවබෝධයක් නෑ..රට ආර්ථික අර්බූධය ඇතුලේ ගිලිලා විනාශම වෙලා යනකම්ම කුමන්ත්‍රණයක්, කුමන්ත්‍රණයක්…කිය කිය එළියේ අයට බැන බැන මේ අය ඔහේ ඉඳියි..

මොකද මේ අයගේ ලපටි මොළවලට අනුව රනිල් කියන්නෙ කපටි හිඟන්නෙක්.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

“89-සහෝදරත්වය”

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *