නවක වදය ගැන හෙලිදරව්වක්..!

නවක වදය පිළිබඳව යම් කතාබහක් නැවත සමාජය තුලට පැමිණ තිබේ. පසුගියදා තවත් සරසවි සිසුවෙක් නවක වදය හේතුවෙන් සහ එහි පීඩනය ඉවසාගත නොහැකිව සියදිවි හානිකරගෙන ඇතිබවත්, තවත් සිසුවියක නවකවදයේ පීඩනය ඉවසාගත නොහැකිව වැවකට පැනීමට උත්සාහ ගෙන ඇතිබවක් මාධ්‍ය වලින් මතුකිරීම නිසාත්, මෙය කලින් කලට නැවත නැවත සිදුවන අවාසනාවන්ත සිදුවීමක් නිසාත් මේ සරසවිවල “ නවක වදය” පිළිබඳව යම් සංවාදයක් ඇතිකිරීමට අපි උත්සාහ කලෙමු. මේ ලිපිය සැකසෙන්නේ එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.
image source-https://lkreports.com/wp-content/uploads/2023/12/e7ca78560209dd0fb4a8da0ed262c4f9Ragging.webp
නවකවදය අද ලංකාවේ සරසවි වල පමණක් ක්‍රියාත්මකවන දෙයක් නොව, පාසැල් වලද, කාර්මික විද්‍යාල වලද, විවිධ ආයතන වලද, ආරක්ෂක අංශවලද තව නොයෙකුත් විදියේ අංශ වලද ක්‍රියාත්මක වන්නකි. එසේම දකුණුආසියාවේ බොහෝ රටවල් වලද විශේෂයෙන් සරසවි තුල ක්‍රියාත්මක වන්නකි. එහෙත් මේ දිනවල ලංකාව තුල සංවාද ගතවී ඇති “නවක වදය” සරසවි කේන්ද්‍ර කොටගනිමින් ඇතිනිසා අප සරසවි වල සිදුවන නවකවදය පිළිබඳව සාකච්චා කිරීමට මේ ලිපිය වැයකරමු..
නවක වදය දෙනුලබන අයගේ සහ ඊටහේතුවන පසුබිම..
මේ කාරණයේදී බොහෝවිට නවකවදය දෙනු ලබන ජේෂ්ඨ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ පවුල් පසුබ්ම ඔහු හෝ ඇය පැවත එන සමාජ මට්ටම, ඉංග්‍රීසි වැනි භාෂාවක් මගහැරීමේ වේදනාව වෛරයක් බවට පෙරලීම, ඉරිසියාව සහ අනන්‍යතා අර්බුධ හෝ තමන් ගැනවූ හීනමානය දැක්විය හැකිය. මීට අමතරව අඩු වැඩි වශයෙන් ආදරය අහිමිවීම හෝ මගහැරීම, පරපීඩක ආශාව,අවධානය යොමුකරගැනීම වැනි වෙනත් හේතුද තිබිය හැක. මේ නවකවදය දරුණු ලෙස දෙන අය බොහෝවිට ඒවා දීමට පාදක කරගන්නේ ලොකු පාසැල් වලින් පැමිණෙන, ඉංග්‍රීසි පන්නයට වඩාත් කිට්ටු බවක් පෙනෙන, පොෂ් බවක් බැලූ බැල්මට පෙනෙන, නවක වදය දෙනු ලබන “ජේෂ්ඨ උත්තමයාට” වඩා රූප ශෝභාව අතින් හෝ අඳින පළඳින ඇඳුමින් පොහොසත් කෙනෙකු වේ. නමුත් පොදුවේ අහුවෙන අහුවෙන කෙනෙකුට රැග් කරන අය බොහෝ විය හැකිමුත් හඹා ගොස් රැග් කිරීමට ආසන්න වශයෙන් පෙළඹෙන්නේ බොහෝවිට ඉහත කරුණු අනුවය.
අනිත් කාරණය නම්, රැග් සීසන් එකතුල චීත්ත ගවුම් ඇඳීමට නියම කිරීම සහ සපත්තු වෙනුවට සෙරෙප්පු පැළදීමට නියම කිරීමද ඊටම අනුකූලවේ. තමන් නියෝජනය කරන යම් පසුගාමී ග්‍රාම්‍ය පසුබිම ඊටහාත්පසකින් වෙනස් පුද්ගලයෙකු යැයි සිතෙන කෙනෙකුට තාවකාලිකව ආරෝපනය කොට ඒ දෙස සතුරු ආකල්පයකින් බැලීමෙන් ලැබෙන තෘප්තිය (ආතල් එක) මේ මගින් සමහරවිට ප්‍රකාශ විය හැක. බොහෝවිට චීත්ත ගවුම්, සෙරෙප්පු ආදේශ වීම තුල ඊටත් එහා ගිය ජාතිකවාදී නැඹුරුවල බීජයන්ද තිබිය හැකිය. මක්නිසාදයත් මේ ස්ථරය බොහෝවිට නෑකම් කියන්නේ ජාතිකවාදී සහ දූපත්වාදී මූලධර්ම කරපින්නාගෙන වීමද විශේෂත්වයක් වීමය. මෙහිදී වඩාත් හොඳ උදාහරණයකින් දක්වන්නේනම් මා සරසවි ශිෂ්‍යයෙකුව සිටි කාලයේ මේ කියන “පොදු ශිෂ්‍යයාගේ” වඩාත්ම වෛරයට හෝ අවිශ්වාසයට පාත්‍රවූ ශිෂ්‍ය ස්ථරය නම් කළාපීඨයට පැමිණෙන විවිධ භාෂාහැදෑරීමට එන ශිෂ්‍යාවන් කංඩායමයි.මොවුන් බොහෝවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඨමාලාව හැදෑරීම හෝ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීම හෝ යම් මධ්‍යම පවුල් ස්ථරවල් වලින් පැවත එමද, ඔවුන් සරසවිය තුල ගතකරන ජීවන විලාසිතාවද, ඔවුන්ගේ අරමුණුද යන මේ බොහෝ අංගයන් පොදු ශිෂ්‍යයාට දිරවෙව්වේම නැත. එබැවින් ඔවුන්ව සරසවිතුල ඇමතුවේද “ කඩු මෙඩ්ඩියන්” ලෙසය. මෙඩිසින් යනු සරසවි තුල යම් ඉහල පිළිගැනීමක් තිබෙන පීඨයක් බැවින් මෙම කළාපීඨයේ භාෂාවන් හදාරන ශිෂ්‍යාවන් කංඩායමට කඩු මෙඩ්ඩියන් යනුවෙන් ඇමතීමට යෙදීමද ඔවුන් යම් හිස උදුම්මාගත් කංඩායමක් ලෙස වක්‍ර ආකාරයෙන් නිර්වචන කිරීමකි. බොහෝවිට ඔවුන්ට නවකවදය මෙන්ම වාචික අපහාස ඉතා දරුණු මට්ටමෙන් විඳීමට සිදුවිය.
අනිත් අතට මේ නවක වදය දීමට එන “ආශාව ” නැත්නම් “පෙළඹවීම” එක්තරා දුරකට රංචු ස්වභාවයකදී ඇතිවන “පොරත්වය” මතද බලපෑ හැකිය. මක්නිසාද යත්, සරසවි එන වයස යනුම අතිශය යෞවන වයසයි. තවත් ආකාරයකින් කියන්නේනම් කුඩාකල සිට හැදී වැඩුනු නිවසින්,දෙමාපිය, ගුරු,වඩිහිටි අණසකින් නිදහස්වී එන කාලයයි. එසේම නිවසක හෝ පවුලක පියෙකු වශයෙන් හෝ සැමියෙකු වශයෙන් තම වගකීම් නොදරන, රැකියාවකද වගකීම් නොදරන ගන්ධබ්බ අවදියයි. මේ කාලයතුල කෙනෙකුට අතිශය රැඩිකල්වීමට, හිතුනු හිතුනු දේ කිරීමට ඇති බාධාවන් ඉතා අවමය. සරසවි ඇතුලත තත්වය ගතහොත් එහි නිදහස පිටතටත් වඩා වැඩිබැවින් මේ ඉහත දැක්වූ “පොරත්වය” බොහෝවිට අනන්‍යතා අර්බුධවල හේතුකාරක ලෙස පොලාපැනීමේ ඉඩකඩ ඉතා වැඩිබව කිවයුතුය. තවත් අයුරකින් යමෙකු තුල ඇති “පරපීඩක ආශාව”(sadistic personality disorder-SPD) ලෙස එන මානසික ව්‍යාධියද එයට හේතු වියහැක. එසේත් නැත්නම් Narcissistic Personality Disorder(NPD) ලෙස මානසික ව්‍යාධියක් විය හැක. දෙවන වසරට හෝ ඊලඟ වසරට යාමේදී තමන් “ සීනියර්” කෙනෙකු වීම පවා තමනට යමක් “ආරෝපණය” වී ඇතිබවක් මේ තත්වයන් තුලදී කෙනෙකුට හැඟීයා හැක.නවක සිසුන්ට ජේෂ්ඨ සිසුන්වෙත, “ජේෂ්ඨ උත්තමයින්” ලෙස නොවරදවාම ආමන්ත්‍රණය කරගැනීමත්, අළුත් සිසුන්, “කුණු ප්‍රෙෂාලා” ලෙස හඳුන්වාදීමත් මීට උදාහරණ ලෙස ගතහැක.
නවක වදවල පරමාර්ථ..
පරමාර්ථ ලෙස ගෙනහැර දැක්විය හැක්කේ අන් කිසිවක් නොව යටත් කරගැනීමයි හෝ අවනත කරගැනීමයි. මෙය විශේෂයෙන් පැවත එන්නේ “ගෝත්‍රික ස්වභාව” වලිනි. ගෝත්‍රවල ස්වභාවය නම්, ඊට පිටතින් කුමක් ආවද එය සැකකිරීමයි.ඊට විරුධව ක්‍රියාමාර්ග ගැනීමයි. අවසානයේ තම ගෝත්‍රය තුලට ඇතුලත් කරගනු ලබන්නේ යටත් කොට අවනත කරගැනීමෙනි. තවද තම ගෝත්‍රික වත් පිළිවෙත් හරියාකාරව පිළිපැදීමටත්, ඒවා ආරක්ෂාකොට ඉදිරියට ගෙනයාමටත් එසේ අළුතින් එන තැනැත්තා හෝ තැනැත්තිය යම් දුක් ගැහැටක් විඳිමින්,ඒවා දරාගනිමින් ඒ ගෝත්‍රයට සාර්ථකව ඇතුලත් වූ බවට ගෝත්‍රයේ ජේෂ්ඨයන්වෙත විශ්වාසය තහවුරු කලයුතුය. නවකවදය හමාරවූ විට ප්‍රතිඥ්ඥා පවා ලබාගන්නේ මේ ගෝත්‍රයට ඇතුලත් කලබවට ඉඟිකරන සංඥ්ඥාවක් පරිද්දෙනි. ඒ අර්ථයෙන් ගත්කල, මේ “ නවකවදය” තුලින්ද සිදුවන්නේ මේ ගෝත්‍රවලට එකතුකරගැනීමේදී සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියමය. ඊට වඩා කිසිඳු වෙනසක් එහි නැත.
නිරුවත් කිරීම, ලිංගික අවයව වලට කරන අවමානය, නිරුවතින් බඩගෑවීම, ලිංගික අවයව ප්‍රදර්ශණය වනසේ සරඹ ක්‍රීඩාවල යෙදවීම,සියළුම දෙනා එක කෑමපිඟානක කෑම එකකට කෙළගසමින් ඒ සියලුම කෙළවලින් ඇනූ කෑම සියළුම දෙනාට අනුභව කිරීමට නියෝග කිරීම( මෙය හැඳින්වෙන්නේ “කෙළබත” යනුවෙනි. අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ මෙම කෙළබත පිළිබඳව එකල විශාල ප්‍රසිද්ධියක් ඉසිලීය). මේ සෑම කාරණයකින්ම නිරාවරණය වන කරුණක් නම් යම් ගෝත්‍රයකට අළුතින් පිරිසක් බන්ඳවා ගැනීමේදී සිදුකරනු ලබන වත්පිළිවෙත් වලට යම් ආකාරයකට සමානවූ වත්පිළිවෙත් ප්‍රමාණයක් සරසවි උප සංස්කෘතිය තුලට නවකයින් ඇතුල් කිරීමේදී නවක වදය තුලින් ඔවුනට පිළිපැදීමට සිදුවන බවයි.

නවක වද අංගවල වල ස්වභාවය..
මෙහිදී දෙනු ලබන “ නවක වදය” තුල අඩංගු අංග කීපයක් සාකච්චා කොට බලමු. මගේ සරසවි පළමු වසර තුලදී මා අත්විදි සහ අසන්නට ලැබුනු ජුගුප්සාජනකම අංග දෙකක් මෙහිදී සාකච්චා කිරීමට මෙය අවස්ථාව කරගනිම්.
එකක් නම්, “කෙහෙල්කැන් ඉදවීමයි”. උත්සව අවස්ථාවලදී බොහෝවිට අළුත් අවුරුදු කිට්ටුව අපේ ගම්වල බොහොමයක් දෙනා කෙසෙල් කැන් කපා වලක් කපා කැප්පෙටියා කොළ වැනි දේ දමා වලට උඩින් ලෑලි වැනිදේ දමා වලට පස් නොයන සේ උඩින් වසාදමා පස් දමා හොඳින් තදකරයි. ඉන්පසු ඊට මදක් පිටතින් දෝනාවක් වැනි කුඩා සිදුරක් කපා ඒම වලට සම්බන්ධ කොට ඒ දෝනාවට ගිණියම්වූපොල්කටු අඟුරු දමා වලේ ඇති කෙසෙල් කැන් වලට යනසේ දුම් ගසනු ලබයි. මෙසේ වරු තුන හතරක් දුම් ගසා ගැනීමෙන් එම කෙසෙල් කැන් ඉතා හොඳින් ඉදවාගනු ලබයි.
එහෙත් මේ ගම්වල “කෙසෙල්කැන් ඉදවීමේ” අංගය නවක වදය තුලට පැමිණිවිට ඒ ක්‍රියාවලිය ඉහත දැක්වූ තරම් සරල හෝ මිහිරි නොවේ. එය අතිශය ජුගුප්සාජනකය. එය මෙසේය. “කෙසෙල් කැන් ඉදවීමේ” නවක වද ක්‍රියාවලියට නවක සිසුන් දෙදෙනෙකුට යුගලයක් ලෙස සහභාගිවීමට සිදුවේ. මෙහිදී ඊට සහභාගිවන දෙදෙනාම නිරුවත් කරන අතර එක් නවකයෙකුට මුනින් දිගාවීමට අණකරයි. අනෙක් තැනැත්තාය මුනින් දිගාවී සිටිනා තැනැත්තාගේ ඇඟට උඩින් සිටිනසේ දණගසා නැමී යටින් සිටින තැනැත්තාගේ තට්ටම් දෙපසට ඈත් කොට තම නහය යටසිටින තැනැත්තාගේ අධෝමාර්ගයටම ළංකොට නහයෙන් දුම් ගැසිය යුතුවේ. කටින් පිඹින අයුරින් නහයෙන් පිඹීම, නහයෙන් දුම් ගැසීම ලෙස හඳුන්වයි. ජේෂ්ඨ උත්තමයා කියන තුරු කීප වතාවක් මෙසේ දුම් ගසන විට මෙය අධික්ෂණය කරනු ලබන ජේශ්ඨයා වරින්වර කෙහෙකන ඉඳිලාදැයි දුම් ගසන නවකයාගෙන් අසයි. ඔහු “ඔව්” කීවද, නෑ නෑ තවටිකක් ගහපං යනුවෙන් කියයි. මෙසේ තවටිකක් නහයෙන් යට සිටින තැනැත්තාගේ අධෝමුඛයට පිඹින විට නැත්නම් දුම් ගසන විට හදිසියේම ජේශ්ඨ උත්තමයා, “හෝව්,හෝව්, උඹ දුම් වැඩිපුර ගහලනෙ බං, කෙහෙකැන කුණුවෙයි ඔහොම දුම් ගැහුවොත්, ඉක්මනට වැඩිපුර දුම් ටික ආපහු ඇඳපං, යනුවෙන් හඬනගා කියයි. එවිට දුම් ගැසූ නහයෙන්ම දුම් අදින ලෙසින් නහයෙන් අවට වාතය උඩට ඇදිය යුතුවේ. එනම් ආසන්න වශයෙන් යටසිටි පුද්ගලයාගේ අධෝමුඛය ලඟ නහය තබා නහයෙන් හුස්ම ඉහලට ගැනීමට සිදුවෙයි. මෙය කීප වතාවක් කලපසු “දැන් ඇති” යනුවෙන් පවසා නවකයින් දෙදෙනා උඩයට මාරුකර නැවත ඒ ආකාරයටම එය සිදුකිරීමට අණකරයි. මෙය මට තේරෙන අයුරින්, කෙහෙකැන් ඉදවීම යනු නවක වදය තුල ඇති එක් ජුගුප්සාජනකම ජවනිකාවකි. මේ කෙහෙකැන් ඉදවීමට තෝරාගැනීමේදී එම නවකයින් කිසියම් “එන්සයටි”(anxiety) තත්වයකින් සිටින්නේද හෝ ඔවුන්ගේ මානසික පීඩා තත්වය(depression) කුමක්ද යන්න කිසිවිටක සලකන්නේ නැත. මේ ජවනිකාවට මුහුණදීමෙන් පසු එම නවකයින් දෙදෙනා පත්වන මානසික අපහසුතාවය ගැනද කිසිදු තැකීමක් නොකරයි. නමුත් එය ඉතා ගෝත්‍රික මෙන්ම අශික්ඛිත ජවනිකාවක් මෙන්ම ඉතාම බරපතල ලිංගික අපයෝජනයක් බවද කිවයුතුය. මෙවන් තවත් එක අන්ගයක් පැහැදිලි කරන්නේනම්, පිරිසක් ඉදිරියේ මාස්ටබේෂන්(masturbation) හෙවත් ( “අතේ ගැසීමට” )නියම කිරීමයි. මෙයද ඉහත දැක්වූ ආකාරයේ ඉතාමත් ජුගුප්සාජනක මෙන්ම බරපතල ලිංගික අපයෝජනයක් බවද කිවයුතුය. මක්නිසාද යත් මාස්ටබේෂන්(masturbation) යනු තව කවුරුන් හෝ ඉඳිරියේ රඟදක්වන ලිංගික ක්‍රියාවක් නොව තමං විසින් ස්වයංව යෙදෙන ලිංගික ක්‍රියාවලියක් බැවිනි. එයට ස්වයං “වින්දනයේ යෙදීම”(self-pleasure) යනුවෙන් හඳුන්වන්නේද එම ක්‍රියාවලිය අතිශය පෞද්ගලික ක්‍රියාවලියක් බැවිනි. මටද නවක සිසුවෙකු ලෙස නවකවදයේ මුහුණදීමට සිදුවූ අමිහිරිම වදවලින් එකක් වූයේ ජේෂ්ඨ සිසුන් පිරිසක් ඉදිරියේ මෙම ක්‍රියාවලිය තවත් නවක සිසුවකු සමඟ මුහුණට මුහණලා සිදුකොට පෙන්වීමට සිදුවීමයි. මෙය සිදුකිරීමේදී ජේෂ්ඨ සිසුන් විසින් එසේ අණකරනු ලබන නවකයාගේ මානසික තත්වය ගැන හෝ නවකයා යම් එන්සයටි(anxiety) තත්වයකින් පෙලෙන්නේදැයි යන්න ගැන සොයාබැලීමක් කිරීමට හෝ ඔවුන් දැන සිටියේ නැත. බොහෝ විට එසේ මානසික ආතති (depression) වලින් පෙලෙන අය සාමාන්‍යයෙන් ලංකාවේදී තෝරා බේරාගෙන ඔවුනට කවුන්සිල් දීමේ වැඩපිළිවෙලක් එදා කොහෙත්ම තිබුනේ නැත. එසේම තවත් එක්තරා භයානක නවකවදයක් වන්නේ”ලාච්චුවේ දැමීමයි” මෙය බොහෝවිට පොලිසි වල සැකකරුවන් බියවැද්දීමට ගනුලබන ක්‍රියාමාර්ගයක් අනුසාරයෙන් සරසවි තුලට පැමිණි නවකවද අංගයකි. මුලින්ම නවකක ශිෂ්‍යයා නිරුවත්කොට නේවාසිකාගාරවල ඇති කාමරවල උඩ මේස ලාච්චුවක් ඇර, නවකයාට තම ලිංගේන්ද්‍රය ලාච්චුව ඇතුලට දැමීමට නියම කරයි. ඉන් අනතුරුව එක් එක් ප්‍රශ්ණ අසන අතරතුරදීම “දඩාස්” යනුවෙන් මහහඬ නංවමින් නවකයාගේ ලිංගේන්ද්‍රය දමා ඇති ලාච්චුවට පහලින් ඇති ලාච්චුවක් පයින් ගසා වසා දමයි. එකෙනෙහිම නවකයාට හිතෙන්නේ තමන්ගේ ලිංගේන්ද්‍රය දමා ඇති ලාච්චුව මෙසේ වැසූ බවයි. ඔහු විශාල තැතිගැන්මකට ලක්වී බොහෝවිට පිටිපස්සට වීසිවෙයි. මෙයද ඉතා අමානුෂික නවක වද අංගයක් බව කිවයුතුය. හෘදය රෝග හෝ යම් ඇන්සයටි(anxiety) තත්වයක් ඇති නවකයෙකු මෙවැනි ලිංගික හිංසනයන් කෙසේ දරාගන්නේදැයි කිව නොහැක. කෘෂි විද්‍යා පීඨයේ පළමු වසර ගෙවන නවකයිනට තවත් අපූරු නවක වද හිංසනයක් ලබාදෙයි. එනම් ඔවුනට පැළ වලට වතුර දමන හැටි ජේෂ්ඨ උත්තමයින් කියාදෙන ආකාරයයි. මහ ඉලුප්පල්ලම පිහිටා ඇති කෘෂි විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් හට නවකවද අංගයක් ලෙස පැළවලට වතුර දැමීමට ඉගෙනගැනීමට සිදුවේ. නේවාසිකාගාර වල ඇති අඩි 20 පමණ දිග වතුර ටැංකි වලට නිර්වස්ත්‍රව පාන්දර 3:00ට පමණ ගාල් කරන නවකයින් නිරුවත්ව එම ටැංකිවල ඉඳගෙන සිටිය යුතු අතර වටේ ටැංකියට පිටින් සිටින ජේෂ්ඨ උත්තමයින් වතුර බට වලින් නොකඩවා වතුර විදිනු ලබයි. පාන්දර 3:00 ට මහෛලුප්පල්ලම දැඩි ශීතල නොතකාත්, නොකඩවා වදින වතුර පාර ඉවසාගෙන බොහෝ වේලාවක් ඔවුනට සිටිය යුතුවේ. මෙහිදීද අසනීප තත්වයන් සැලකිල්ලට ගනු නොලැබේ. තවද පාරේ වැලිදමා ඒ උඩ දනහිස් වලින් උඩ පැනීමට නියම කරන අතර එයට සහභාගිවන සියළුම නවකයින්ගේ දනහිස් තුවාල වීම නොවැලැක්විය හැකිය. එසේම ජේෂ්ඨ සිසුන් විසින් නවකවදය දෙනු ලබුවේද, නැද්ද යන්න සොයාගනු ලබන්නේ නවකයිනට සිය දණහිස් පෙන්වන ලෙස අණ කිරීමෙනි. දණහිස් ලෙලිගොස් ඇත්නම් නවකයා නවකවදයට හසුවී ඇත. දණහිස් ළෙලිගොස් නැත්නම් නවකයාට පාරේ වැලිදමා දණහිස් වලින් උඩපැනීමට සිදුවේ. මෙසේ දණහිස් ළෙලිගිය සිසුන් දෙදෙනෙකු මා සමඟ පැවසූ පරිදි ඔවුන්ද ඊලඟට පැමිණෙන නවකයින්ට තමන්ට සිදුවූ නවක වද අංගයන් සියල්ලම ලබාදුන් බව පැවසීය. අදත් සිදුවන දේවල් වල හැටියට එසේ මානසික වියවුල් සහිත සිසුන් ගැන සොයාබැලීමට කවුන්සිල් පහසුකම් හරියාකාරව සරසවිවල ඇතිදැයි සැකසහිතය. එබැවින් ඉහත දැක්වූ නවක වදයන් වලට ලක්වන අයගේ මානසික ව්‍යාධියන් කිසිකෙනෙකුට අවබෝධ කරගැනීමට හැකියාවක් හෝ උවමනාවක් හෝ නොමැත.

image source-https://s3.lankaenews.com/si_news_image/Ragging.jpg
නවක වදයට භාජනය වන තැනැත්තාට මුහුණ පාන්නට සිදුවන ඇති භයානක පැත්ත එයයි. අනිත් අතට මෙසේ නවක වදය තුලින් විශාල මානසික පීඩනයට ලක්වන නවකයා ඊලඟ වසරේදී ජේෂ්ඨ උත්තමයෙකුවී තමන් අත්විඳි ඒ කටුක අත්දැකීම් වලටතවත් නවක ශිෂ්‍යයෙකු භාජනය කිරීම මෙහි ඇති අනෙක් ඛේදවාචකයයි. එය හරියට නැන්දම්මා-ලේළි අරගලයේ මෙන්, ලේළි බොහෝ නැන්දම්මාගෙන් ගැහැට විඳින බව පැවසුවත් එම ළේලිය නැන්දම්මා කෙනෙක් වූ විට ඇයද සිදුකරගෙන යන්නේ තමනට සිදුවූවායැයි කියන දේවල්මය. මේ අයුරින් නවක වදයද දිගින් දිගට සිදුවනවා මිස එය කිසිදු පරම්පරාවකින් කෙළවර නොවේ. එසේම නවක වදය සමය තවත් එක් සොඳුරු සමයක් ලෙස ජේෂ්ඨයින් හට සැලකීමට හැකියාව ඇත්තේ අළුතෙන් එන නවක කංඩායම් වල එන නවක ශිෂ්‍යාවන් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගැනීමේ වාරයක් ලෙසින් නවක වදය කාලය ප්‍රයෝජනයට ගතහැකි වීමයි. එබැවින් මේ නවකවදය සරසවි තුල දිගටම පවත්වාගෙන යාමට තවත් එක් හේතුවක් ලෙස මේ අළුත් කංඩායම හෙවත් “නැව” පැමිණෙන කාලයේදී නවකයින් තුලින් තම ප්‍රේමවන්තිය සොයාගැනීමට ප්‍රවිශ්ඨයක් ලෙස මේ නවක වදය භාවිතාකිරීම හැඳින්විය හැක. මේ නවක වදය කාලය තුල බොහෝ ජේෂ්ඨ ශිෂ්‍යයන් විශේෂයෙන් දෙවන වසරේ සිසුන් පළමු වසරට එන නවක සිසුවියන්ගෙන් තම ආදර වන්තිය තෝරාගැනීමේ අවස්ථාව උදාකරගනී. බොහෝවිට නවක වදය දෙන මුවාවෙන් එම සිසුවියන්ගේ විස්තර කථාකර දැනගැනීමට සහ දැන හඳුනා ගැනීමට මේ කාලය තුල අවස්ථාව උදාවන බැවින් මේ නවක වදය කාලය තුල සරසවිවල යම් සුන්දර ප්‍රේමනීය කාලවකවාණුවක්ද එළබෙනබව නොකියාම බැරිය.
කෙසේ වෙතත් සරසවි තුල අප රැස්කල නවතම තොරතුරු අනුව, ක්‍රම ක්‍රමයෙන් නවකවද විරෝධී(anti-raging) කංඩායම් සරසවි තුල බිහිවීම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩිවෙමින් තිබේ. දරුනු ලෙස කලකට ඉහත තිබූ පේරාදෙනිය,මොරටුව සහ රුහුනු සරසවි පීඨවල අමානුශික නවකවදය අඩුවී ඇති අතර සබරගමුව සරසවිය තුල නවකවදය ඉතා බරපතල තත්වයක පවතී. තවද පේරාදෙනිය වැනි සරසවි තුල නවකවදය වැලැක්වීමට ආචාර්‍යවරු සහ ආචාර්‍යවරියන්ගේ මැදිහත්වීමද ප්‍රශංසා කටයුතුය. ඔවුන් නවකවදය සමයේ පෞද්ගලිකව මැදිහත්වී සිසුන්-සිසුවියන් ආහාර ගැනීමේදී පවා ඔවුන් ගැන සොයා බැලීම් කරන බව අපට දැනගැනීමට ලැබිණි. එය ඉතා හොඳ ප්‍රවනතාවයකි. මේ සඳහා සිසු සංගම් වල නායකයින්ද මදිහත් වන්නේනම් නවකවදය පිටුදැකීම ඉතා පහසු වනුඇත.
නවක වදය සිදුකරන්නේ සරසවි තුල බලය හොබවන වාමංශික කන්ඩායම් විසින් තම කංඩායම් වලට තම සාමාජිකයින් බාගැනීමට යැයි සමාජයේ පැතිර ඇති අදහස නිවැරදිම නොවේ. ඇත්තෙන්ම සරසවි තුල නවක වදය ගෙනයනු ලබන්නේම බොහොමයක් දුරට පොදු ශිෂ්‍යයින් හෙවත් ඒවා තුල සිටින සාමාන්‍ය ශිෂ්‍යයින් විසිනි. මේ පොදු ශිෂ්‍යයින් අතර ඒ ඒ වාමාංශික කංඩායම් වල සාමාජිකයින් සිටිය හැකි නමුදු, නවක වදය දීමට ඒ ඒ වාමාංශික කංඩායම් වල නායකයින් සහ සංවිධායකයින් ඔවුන්ගේ යොදාගත් වැඩක් ලෙස කිසිසේත් නවක වදය දීමට පැමිණෙන්නේ නැත. එසේම ඒ ඒ වාමාංශික කංඩායම් ඔවුන්ගේ සංවිධායකයිනට එසේ නවක වදය දීමට හෝ ඒවා මෙහෙයවීමට උපදෙස් දෙනුලබන්නේද නැත. නවක වදය නොදෙන ලෙස උපදෙස් දෙන්නේද නැත. නමුත් මෙහිදී සිදුවන්නේ ඉතාම අපූරු දෙයකි. එනම් මේ නවක වදය යන ක්‍රියාන්විතය තුල මා ඉහත සඳහන් කල පසුගාමී ලක්ෂණ,ගෝත්‍රික වන් ලක්ෂන සහ පරපීඩක කැරැක්ටරිස්ටික් මේ වාමගාමී කංඩායම් වල සාමාජිකයිනට සහ ඒ කංඩායම් වලද අඩු වැඩි හැටියට පවතින බැවින් ඔවුන් අතරින් සමහරුද මේ නවකවදය දීමට ඉදිරිපත් වෙන්නේ ස්වේච්චාවෙනි. නැතහොත් ඔවුන්ගේම ආශාවේ පවතින සංඝඨකයක් සන්තර්පනය කරගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් මේ කියන වාමාංශික පක්ෂ හෝ කංඩායම් එසේ නොකරන ලෙස තම සාමාජිකයිනට දැනුම් නොදෙනවා පමණක් නොව එසේ සරසවි තුල නවක්වදය නැවැත්වීමට ඉදිරිපත් වන්නේද නැත.
ඇත්ත වශයෙන්ම මෙහිදී බලපවත්වන තවත් කරුණක් වන්නේ, නවක වදය කෙරෙහි සරසවි පාලක මංඩල, ආචාර්ය මංඩල සහ පොදුවේ රටේ පාලක පංතියද එකසේ විරුද්ධ බැවින්, මේ සරසවි තුල බලය හොබවන ශිෂ්‍ය කංඩායම් සහ පක්ෂ මෙන්ම ඒවායේ සාමාජිකයින් මෙකී පාලක ස්ථර වලට සපුරා විරුද්ධ බැවින් පාලකයින් දැඩිසේ විරෝධය දක්වන ඕනෑම දේකට මේ සරසවි වල යම් බලයක් හොබවන වාමාංශික කංඩායම් ඒවාට විරුද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මේ පවතින නවක වදය දෙස නෑසූ කන් ඇතිව, නොදැකපු ඇස් සහිත විලාශයකින් ඒවා දෙස කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන(passive )ලෙස සිටීම එයට එක් හේතුවකි.
මේ නවක වදය පිලිබඳව සංවාදයක් නැගෙන හැමවිටම අන්තර් විශ්ව විද්‍යාල බල මංඩලය හෝ ඒවායේ ප්‍රභල නියෝජිතයින්(මේ සෑම ප්‍රභල නියෝජිතයෙක්ම වාමාංශික ගුරුකුල නියෝජනය කරයි) ප්‍රාකාශ කරන එක් විශේෂ කරුණක් නම්, “ ඔය තියෙනවා යැයි කියන නවක වදයට වඩා වැඩි වදයක් සරසවි සිසු-සිසුවියන් තම අධ්‍යයන කාලය තුලදී නිසි පහසුකම් නොමැතිවීමෙන් හා බලධාරීන්ගේ නොසැලකිලිමත් කමෙන් සිසු-සිසුවියන් අත්විඳින බවයි”. එනම් ඔවුන්ගේ මතයට අනුව නවක වදය මහ දෙයක් නොව, ඊටවඩා මහා දේනම් බලධාරීන්ගේ සහ පාලකයින්ගේ වැරදි අඩුපාඩු වලින් සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුවන හිරිහැර අධික බවයි. තවත් අයගේ තර්ක වලට අනුව නවක වදය ඒ සරසවි තුල පවතින්නාවූ “උප-සංස්කෘතියන්” (sub-cultures) වල ස්වභාවයන් බවයි.
බලධාරීන්ගේ අඩුපාඩු, රාජ්‍ය ප්‍රතිපත්තිවලින් රජයේ සරසවි තුල සිදුවන කප්පාදු වලින් සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට සිදුවන අසාධාරණකම් බොහොමයක් ඇති නමුදු ඒවා සමග නවක වදය සැසඳීමට කොහෙත්ම නොහැකිය. මක්නිසාද යත්, නවකවදය තුලින් නවකයිනට සිදුවන හානි ඔවුන්ගේ ජීවිත වලට බොහෝසේ බලපානු ලබන බැවිනි. ඒවායින් ජීවිත හානි පවා සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ නවකවදය යනු බොහෝවිට “මාරාන්තික” ක්‍රියාවලියක් බවට පත්වී ඇතිබවයි. එසේම නවක වදය යනු සරසවි වල බලය හොබවන පිරිස කෙසේ කොහොම ප්‍රකාශ කලද, එය වහා පිටුදැකිය යුතු, රටේ සිවිල් නීතිවලට වහ වහා යටත් කලයුතු දන්ඩ නීති සංග්‍රහයන් මේ සඳහා අප්ඩේට් කලයුතු, අවශ්‍යනම් රාජ්‍ය බලය පවා යොදවා හමාර කලයුතු ව්‍යසනයකි. ඇත්ත වශයෙන්ම හරියාකාරව සරසවි වල දේශපාලණ බලය හොබවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෝ වාමාංශික කංඩායම් සරසවි තුල නවක වදය නැවැත්වීමට අවංක උත්සාහයක් ගන්නේනම් ඔවුනට ඉතා පහසුවෙන් එය කලහැකි බව මම අප තරයේ විශ්වාස කරමු. ඇත්තටම ඔවුන් අවිඥ්ඥාණිකව හිතන්නේ නවක වදය තුලින් සරසවි එන නවක සිසු-සිසුවියන් හීලෑකිරීමක් කලයුතු බවයි. ඒ හීලෑ කරගැනීම තුල සහ ඉහත දැක්වූ සරසවි තුල උප-සංස්කෘතියට නවකවදය හරහා හීලෑවුනු නවකයින් ඇතුලත්කර ගැනීමෙන් මේ වාමාංශික කංඩායම් වලට එම නවකයින් දිනාගැනීම හෝ ඔවුන්ගේ විරෝධතා වලට නවකයින් ගෙන්නාගැනීම පහසුබව ඔවුන් සිතයි. ඇත්තෙන්ම මහපාරේ සරසවි විරෝධතා දෙස බැලුවහොත් බහුතර සිසුන් පළමු වසරේ හෝ දෙවන වසරේ සිසුන්වේ.
එපමණක් නොව පවතින “නිදහස් අධ්‍යාපනය” තුලමත් නිදන්ගතවී(innate) ඇති විවිධ අංග සැලකිය යුතු ප්‍රමාණයක් සංශෝධනය වියයුතුය. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසද රැකෙන පරිදි රටේ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය අනිවාර්‍ය කලයුතුය. එපමණක් නොව පාසැල් වලදීම ළමුන්හට ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්‍යය කලයුතුය. රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සරසවි වල අධ්‍යාපනය ලබාදීම වෙනුවට ගෝලීයවශයෙන් පවතින රැකියා ඉල්ලුමට සරිලන අධ්‍යාපන පහසුකම් ඇතිකල යුතුය. ඉල්ලීම් දිනාගැනීමට සටන් කරන ශිෂ්‍ය පරපුරක් වෙනුවට තමන් ඉදිරියේ පවතින ලෝකය දිනාගැනීම වෙනුවෙන් සකස් වියයුතු මනසක් සහිත ශිෂ්‍ය පරම්පරාවක් නිර්මාණය කිරීම ඇරඹිය යුතුය. නවක වදය වැනි අන්ත පසුගාමී ගෝත්‍රික උප සංස්කෘති කරගසාගෙන ඉල්ලීම් ඉල්ලමින් දිනපතා පාරේ සටන් කරන බංකොලොත් වාමාංශික කංඩායම් වල අතකොලුවී අවසානයේ ඒවායේම පූර්ණකාලිකයින් වී කිසිදා ප්‍රායෝගික නොවන “ ඊනියා විප්ලවයක්” වෙනුවෙන් තම වටිනා ජීවිත විනාශ කරගන්නා හීලෑවුනු ශිෂ්‍ය පරපුරක් නිර්මාණයවීමේ කාළකන්නි පරිසරයන් සහ ඊනියා උප-සංස්කෘතියන් දැන්වත් අවසන් කලයුතුය.
නැත්නම් සිදුවීමට නියමිත වන්නේ, පත්වන කිසිදු පාලකයෙකුට පාලනය කරගෙන යාමට නොදෙන, පත්වන පත්වන පාලකයින් එළවීමට දඟලන, කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් රටේ ක්‍රියාත්මක කිරීමට නොදෙන, කිසිදු ප්‍රථිසංස්කරණයක් ඇතිකිරීමට නොදෙන, රජයටම තමන්ව නඩත්තු කිරීමට බලකරන, රජයටම සියලුම පත්වීම් ලබාදී නඩත්තු කලයුතු යැයි බලකරන, කුඩා කුඩා දේශපාලන කංඩායම් වල අතකොලු බවට පත්වීමේ මූලබීජ වැඩෙන සරුසාර පසක් බවට තවදුරටත් “ඊනියා නිදහස් අධ්‍යාපනයේ” රැකවරණ යටතේ පවතින රටේ සරසවි පද්ධති බිලිවීමයි. මෙයට නවකවදය කෙලින්ම සම්බන්ධ නොවන මුත්, නවකවදයද අනියමින් ඊට විශාල සහයෝගයක් පිරිනමයි.
සරසවි තුල උඩුදුවා ඇති බොහෝ අර්බුධ වලට දශක ගණනාවක් මූලිකත්වය ගත් බලවේගයක් දැන් පාලනයට පැමිණ ඇති හෙයින් වත්මන් රජයේ එක් විශාල වගකීමක් ලෙස මේ සරසවි නවකවද ප්‍රශ්නයට මැදිහත්වී එය අවසන් කලයුතුය. එය අවසන් කොට නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහස ඇතිකිරීමට ජාතික ජනබලවේග රජය සිය පාලන කාලය තුලදී සමත්විය යුතුය.