ජවිපෙ වාමාංශික හැව..!
ජ.වි.පෙ. සිය වාමාංශික හැව ගලවාගැනීම රටට යහපතකි..
ජ.වි.පෙ. (jvp) වනගතවෙලා කැරළිගහ ගහ හිටපු කාලය තුල ජ.වි.පෙ. ට රාජ්‍ය බලය ලැබුනනම් ලංකාව හුදෙකලා උතුරු කොරියාවක් වෙන්නත් තිබ්බා. ගොං විදියට ඉන්දියාවෙන්, ඇමෙරිකාවෙන් ගේම ඉල්ලලා රටම සාගත පුරයක් කරන්නත් තිබ්බා. ඒ කරලා ඉතාම දරුනු ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරලා චන්ද බලය ඉවත් කරලා දශක ගණන් එක දිගට තලේබාන් පාලනයක් ගෙනිහින් රට කම්පුචියාවක් කරලා පිටතින් එන සාම හමුදාවලින් වගේ ඒවා ඇවිත් මේක බේරගන්න සයිස් එකට යන්නත් තිබ්බා.
අනූ හතරේ සිට දශක දෙකක් තිස්සෙ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඇතුලේ ලැබුන ප්‍රජාතන්ත්‍රවාදී ආභාශය ඇතුලෙ මේ අය අය ටික ටික සිවිලයිස් උනා. එතන යම් විනයකට ඕඩරයකට ඉන්න ඕනබව තේරුනා. නියමිත ඇඳුමක් ඊට අඳින්න ඕන බව, කිසියම් පිලිවෙලකට කථා කරන්න ඕන බව සහ කරන කියන ඒවට තමන් වගකියන්න ඕන බව තේරුනා. කොටින්ම මෙච්චර කාලයක් තමන්ගේ කියන කියන ඒවා අදහගෙන හිටපු තමන්ගෙ සාමාජිකයො වෙනුවට තමන් කියන එකට මූනටම එහි ඇති වැරදි පෙන්නලදෙන විරුද්ධ පාර්ශ්වයන්ට අභිමුඛ උනා.
ඒ අය හොර ගුහාවක් කියලා පාර්ලිමේන්තුවට දෝස්මුරේ දැම්මට ඇත්තටම ඒ අය සිවිලයිස් වීමේ විභවය තිබුනේ මේ බුර්ෂුවා පාර්ලිමේන්තුව ඇතුලේ.

ඒ අය කොච්චර සිවිලයිස් උනාද කියනවා නම් අනුරම කිව්වා සන්නද්ධ අරගල නූතන යුගයේ වලංගු නැතිබව.
උග්‍ර වාමවාදීන්ට අනුව නම් මේක ජ.වි.පෙ. (jvp) සංශෝධනවාදයට වැටීමක් කියල කියන්නත් පුලුවන්. නමුත් මට අනුව නම් මේක ජ.වි.පෙ. ය සිවිලයිස් වීමක්.
( මෙය ජවිපෙ වසර කිහිපයකට පෙර ප්‍රසිද්ධ කල පෝස්ටරයක් බව කරුණාවෙන් සලකන්න)
ඒ නිසා මේ අය රට ඇතුලේ කොමිනිස්ට් පිස්සුවක් කෙලියි කියල නම් අපි දැන් බියවිය යුතු නෑ කියලයි මම හිතන්නේ. එහෙම කොමියුනිස්ට් පිස්සුවක් කෙලින්න හිතාන ඉන්න ගොඩක් දෙනා මේකෙන් ගැලවිලා ගිගිං වගේම අද ලෝකෙ තියෙන භූදේශපාලනය තුලත් ඔය කියපු කොමියුනිස්ට් පිස්සුව ගෙනියන්න සුදුසු නෑ කියල පාලනයට ආවම ඇඟටම දැනෙන නිසා එහෙම පිස්සුවක් කෙලින්න ඇති ඉඩකඩකුත් ඇත්තටම නෑ දැන්.
හැබැයි ගෝලීය සන්දර්බයක් ඇතුලේ ආර්ථික දේශපාලන විෂය අභ්‍යාස කරන ආකාරය ගැන jvp අයගේ නොදැනුවත්කම නිසා නම් ලොකු අවුලක් හදාගන්ට පුළුවන්. මොකද මෙයාල සිවිලයිස් උනා කිව්වට මෙයාලගෙ ඉහල කේඩරයෙ තවත් සැලකියයුතු පිරිසක් ඉන්නෙ තාමත් බෝල්ශෙවික් විප්ලවය හීනෙන් දකින් සහ සමුපකාර ක්‍රමය සහ සමූහ ගොවිපලවල් ක්‍රමය හීනෙන් අත්විඳින සීන් එකක නිසා.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSerIkT-Ikkmj8S0Vm1uCFnqHNpbhDm_CNg4w&s
ඒ කොහොම උනත් පෙරටුගාමීන්ට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආභාශය ලැබුනෙම නැතිතරම්. ඒ නිසා ඒ අය තාමත් උග්‍ර කොමිනිස්ට්වාදීන්. බැරිවෙලාවත් ඒ අයට රාජ්‍ය බලය ගියොත් ජ.වි.පෙ.ට (jvp) හදන්ට බැරි උන උතුරු කොරියාවක් මේකෙ ඒ අයට හදන්ට පුළුවන්.


2 Comments