|

මී ළඟ ජනාධිපති කවුද..?

සජිත් ප්‍රේමදාස ට ටටා බායි  කියා හරීන් ප්‍රනාන්දු යන්නට ගියේය. මනුෂ නානායක්කාර යන්නට ගියේය.  ෆීල්ඩ් මාෂල් යන්නට ගියේය.  ළඟදී එරාන් වික්‍රමරත්න යන්නට ගියේය.  තව ටික දවසකින් තවත් දෙතුන් දෙනෙකු යයි ද ? හර්ෂද සිල්වා නම් යන හැඩ පෙනෙන්නේය. මොවුන් මෙසේ සජිත්ව හැර දමා යන්නේ මන්ද ?  සජිත් ජනාධිපති වෙන්නේ නැතැයි සජිත්ගේ පක්ෂයේ නායකයනට අදහසක් ඇති වීම නිසාය. අනෙක් අතට සජිත්ම අනුරට  සපෝට් කරන නිසාය. කාව උසාවි ගෙනිච්චත් අනුර  සජිත්ව උසාවි ගෙනියන්නේ නැත. 

image source
https://cdn.ibcstack.com/article/f6ea63dc-ecea-4fb0-a46e-d3ac59f29ede/23-63d3d7ef3bce3.webp

හේතුව Sajith සහ අනුර අතර රහසිගත එකඟතාවයක් තිබෙන නිසාය. වෙනත් වචනවලින් කිව්වොත් අනුර පොරොන්දුවක් දී තිබේ. පොරොන්දුව මෙය විය හැකිය. “රනිල්ට වින කටින තුරු , ඔබට මගෙන් කරදරයක් නැ” උපන්දා සිට සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ Sajith එක දවසක් වත් කුඩුවක ලගින්නට බයය. එය අනුර හොඳින්ම වටහා  ගෙන තිබේ. 

හිරේ යනවා නොව පාක්ෂිකයන් පාරට කැඳවා ආණ්ඩු විරොධි උද්ඝෝෂණයක්  කරන්නටවත් Sajith සුදානම් නැත.  Sajith රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන සන්ධානයක් හදාගෙන සිටියේ නම්  පොහොට්ටුවේ  නායකයන් කීප දෙනෙකුද එම සන්ධානයට එකතුවෙන බව ට සැකයක් නැත. එහෙනම් සජිත්ට ලබන වාරයේ ජනාධිපති විය හැකිය. සජිත්ගේ මෝඩ දැක්ම නිසා වෙන්නේ තව ටික දවසකින් සජිත්ගේ පාක්ෂිකයන් කොටසක් පොහොට්ටුවට යාමය. 

රනිල්ට හතුරුකම් කරන නිසා  එක්සත් ජාතික පක්ෂය යලිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට ඉඩ තිබේ නැතහොත් නාමල්ට සහය දීමට ඉඩ තිබේ. ඔයින් මෙයින් වෙන්නේ ලබන ජනාධිපති  චන්දයෙන් Sajith සවුත්තු වෙන්නම පරාජය වීමය. ඉන්පසු පැවැත්වෙන මහා මැතිවරණයෙන් සජිත්ට විපක්ෂ නායක කමත් නැතිවීමට ඉඩ තිබේමී ළඟ ජනාධිපති කවුද ?

අනුර+සජිත් ආණ්ඩුවක් තව හය මසකින් ? 

දේශපාලන සතුරන් ව දඬු කඳේ ගහන බවට  දේශපාලකයෝ ගිරිය යටින් කියති එවිට සපොර්ලා අත් රිදෙන තුරු අප්පුඩි ගසති.  ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝද අනෙකුත් දේශපාලකයන් ගෙන්  එතරම් වෙනස් නැත. බැඳුම්කර ප්‍රශ්නයට සහ බටලන්ද ප්‍රශ්නයට ජවිපෙ  රනිල්ව ජීවිතාන්තය දක්වාම හිරේ යවනු ඇතයි  පාක්ෂිකයෝ සහ රනිල් විරෝධියෝ සිතුහ.  එහෙත් ඒ  කාරණා දෙකටම රනිල්ව හිරේ යැවීමට නොහැකි බව වටහාගත් ජවිපෙ නායකයෝ පාක්ෂිකයන් සතුටු කිරීමට ලන්ඩන් බොරුව නිර්මාණය කොට රනිල්ව රිමාන්ඩ් කළහ.  එහෙත් ඇතැම් විටෙක රනිල්ව ආණ්ඩුවේ උපදෙශයෙකු කිරීමට  මේ ආණ්ඩුව තව ටික දවසකින් ඉඩ තිබේ  ඊට ප්‍රධානම හේතුව නම් ආර්ථිකය පිලිබඳ පමණක් නොව රටක් පාලනය කිරීම සම්බන්ධයෙන්  මේ ආණ්ඩුවේ  දැනුම බින්දුවයි එකයි අතර වීම නිසාය. 

image source
https://i.ytimg.com/vi/nAmXzbisxnQ/maxresdefault.jpg

විපක්ෂයේ සිටින දක්ෂයන් ආණ්ඩුවට ගැනීමට තමන් සුදානම් යයි ඉකුත්  දිනක ඇමති බිමල් රත්නායක කී බවට මාධ්‍ය වර්තාවක තිබුණි ඔහු එය කීවේ එරාන් වික්‍රමරත්නට තරුණ ආකර්ෂණය දිනාගත හැකි ටොප් තනතුරක් සමාජවාදය ගැන ටොන් ගනින් කතා කළ අනුරයියලා දුන් පසුය.  අංක එකේ පරණ යුඑන්පී කාරයෙකු වන එරාන් ට එවැනි තනතුරක් දෙනු ඇතැයි කියා ආණ්ඩුවට චන්දය දුන් අය හීනෙන් වත් නොසිතන්නට ඇත.  දැන් බොහෝ දෙනා සැක කරන්නේ හර්ෂ ද සිල්වාට ඇමති කමක් දීමට ඉඩ ඇති බවය හර්ෂ නම් කියන්නේ ආණ්ඩුවේ තනතුරකට තමන් නොයන බවය  දේශපාලකයෝ කියන්නේ එකකි කරන්නේ වෙනත් එකකි. 

සජබ නායකයන් ආණ්ඩුවට බිලිබා ගැනීමට හැක්වී තිබෙන්නේ ඇයි. 

මී ළඟ ජනාධිපතිවරණයෙන් Sajith ප්‍රේමදාස පරදින බව පක්ෂයේ ලොක්කන් විසින්ම වටහා ගැනීම ඊට හේතුව බව මගේ විශ්වාසයයි.  එකසත් ජාතික පක්ෂය ට නිසි තැනක් දී එකතු කරගැනීමට Sajith ප්‍රේමදාස සුදානම් නොවීම නිසා සජබ ඉදිරි මැතිවරණවලින් දිනාන්නේ නැති බවට මතයක් දැන් ගොඩ නැගෙමින් තිබෙන බව පෙනේ. Sajith, රනිල් බෙදිල්ල නිසා නාමල් රාජපක්ෂ ඉදිරියට එමින් තිබෙන අතර පොහොට්ටුවේ සිට රනිල්ට සහය දුන් පිරිස් නැවතත් පොහොට්ටුව දෙසට යමින් සිටිති. ඉදිරි ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ෂයේ සහය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සහයද නාමල් රාජපක්ෂට හිමිවීමට ද ඉඩ තිබේ. 

image source
https://tse1.mm.bing.net

එසේ වුවහොත් ඉදිරි මහමැතිවරණයෙන් පසු  සජිත්ට විපක්ෂ නායක කමද අහිමි විය හැකිය. අති දක්ෂිණාංශික ජනාධිපති ට්‍රම්ප් සහ දකුණු ඇමරිකාවේ දැඩි වාමාංශිකයෙකු ලෙස ප්‍රසිද්ධ බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා කිසිදිනක එකිනෙකා මුනගැසෙනු ඇතයි  මීට මාස තුනකට පෙර කිසිවෙකු  සිතුවේ නැත. එහෙත් ඊයේ බ්‍රසීල ජනාධිපතිවරයා ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට ගියේය.  

එබැවින් දේශපාලකයන් ගැන ලොකුවට විශ්වාසය නොතබා සිටීමෙන් තමන්ගේ සිතට වේදනාවක්  ඇති වෙන්නේ නැත. තවත් අවුරුද්දක් හමාරක් යන විටඅනුර ආණ්ඩුව , අනුර Sajith ආණ්ඩුවක් හෝ අනුර Sajith රනිල් ආණ්ඩුවක් වීමටද ඉඩ තිබේ.

බර්ටි රණවීරගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *