|

ගොං කරත්තයේ සිට කච්චේරිය දක්වා..!

Kandyan Accordance එක සිදු වු 1815 වර්ශයට වඩා 1802 වසර pivotal point එකක් වේ. 1948 වසරටත් හෝ 1972 වසරටත් වඩා pivotal point එකක් වු 1802 වර්ෂය සිරිලංකා දුපතේ පාසැල් අධ්‍යාපනය තුල මෙන්ම විශ්ව විද්‍යාලය අධ්‍යාපනයද තලුද මග හැරී යයි.

ගොං කරත්තයේ සිට වරප්‍රසාද ලත් පැලැන්තිය දක්වා.

ගොං කරත්ත වලින් හම්බන්තොට බුන්දලම පුත්තලම වැනි ලුණු ලේවා වලින් ලුණු ඇද්ද ගැමියා ඔහුගේ ගොං කරත්ත සුද්දාගේ වතු බංගලාව වටේ කරකවන්නට පටන් ගැනීමත් සමග සුද්දාගේ වත්තේ පුංචි පුංචි කුලී වැඩ ගමියාට ලැබීමට පටන් ගැනුනේ ලෙනාඩ් වුල්ෆ් ලා (Leonard Woolf) ලංකාවට ඒමටත් කලින් සිටය. 1802 වසර වන විට පුංචි පුංචි කුලී වැඩ කල ගැමියාට පුංචි පුංචි කොන්ත්‍රාත් ලබා දීම සුද්දා පටන් ගත්තේය. සිරිලංකා දුපතේ පහත රට ගැමියන් තුලින් වරප්‍රසාද ලද පැලැන්තියක් බිහි වීමට 1802 දී ආරම්භ විය.

Yemen ජාතිකයෙකු වු Bin Laden ගේ පියා සෞදි අරාබියේ කුණු කාණු කපමින් සිටියදී සෞදි රජාගේ car park එකට ප්‍රවේශ මාර්ගයක් කොන්ක්‍රීට් දමා ඉදි කිරීම නිසා Bin Laden ගේ පියාට සෞදියේ highways ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු ලැබීම pivotal point එකක් වේ. ඒ වන තෙක් දේශපාලනික Jihad කණ්ඩායම පාලනය කල තිබු ඉස්ලාමීය මුලධර්ම වාදය ලෙබනන් රටෙන් ගිලිහී එළුවන් බැලු ගොපලුන් සිටි ඇෆ්ගනිස්ථානයට විතැන් වීම සිදු වුයේ කුලී වැඩ කල Bin Laden ගේ පියාට සෞදි රාජ්‍යයේ highways කොන්ත්‍රාත්තු ලැබීම pivotal point එකක් විය.

ප්‍රාග්ධනය නිවසට සේන්දු වන විට මිනිසා එයට අමුතු අමුතු ආකාර වලින් react කරයි. Karl Marx මේ පිළිබදව යම් විස්තරයක් කර ඇත. පිට්ටු බම්බුවෙන් පිට්ටු මිරිකා එළියට ගන්නවා සේ සුද්දාගේ වත්තේ පුංචි පුංචි කොන්ත්‍රාත් කරමින් සිටි ගැමියන්ව කච්චේරි තුලට තල්ලු කර එම ගැමියන්ගෙන් Civil Servants ලා බිහි කර ගැනීම සුද්දා විසින් සිදු කලේ එංගලන්තයෙව් Civil Servants ලා ආනයනය කිරීම වියදම් සහගත වු නිසාය.

සිවිල් සර්විස් ගොඩනැගිලි වලට දැක්කීම.

1802 වසර වන විට සිරිලංකා දුපතේ මධ්‍යයට වන්නට පාලන බලයක් සහිතව සිටි Kandyan King ගේ රදළ පෙලපත නම් impurities ටික clean කර දමා Colonial Secretary Office එක smooth ව run කිරිමට අවශ්‍යය clean flat ground එකක් සකසා ගැනීම 1815 දී Kandyan Accordance එක අත්සන් කිරිමෙන් සුද්දා ඉටු කර ගත්තේය. ඉරානයේ Reza Shah ගේ පියා වු Abbas ali Khan ව සුද්දා විසින් පර්සියානු blood line එක demolish කිරිමට භාවිතා කල අන්දම මිවිසින් දීර්ඝ ලෙස Fakebook පිස්සන් කොටුවට ලියා ඇත. සුද්දාට ඌරාගේ මාලු ඌරාගේ පිටේ තබා කැපීමට ඒ ඒ රටවල දේශිය ජනතාව උපකාර කලෝය. 1802 දී Institutions දුපත තුල බිහි විය.

දේශිය ගැමියන්ව සුද්දා විසින් Civil Service Institutions ගොඩනැගිලි වල දොරවල් තුලින් ඇතුල් කල නිසා එම ගැමියන්ගෙන් 1802 වසරේදි සිරිලංකා දුපත තුල colonial පිරිමින් බිහි විය. එම පිරිමින්ගෙන් 1815 වසර වන විට මුදළි පංතියක් දුපත තුල බිහි විය. සිරිලංකා දුපත් සමාජය තුල තිරස් අතට නව social strata ඇති වීම නිසා දමාජය විවිධ ස්ථර වලට තිරස් ලෙස පැලී ගියේය. මුදියන්සේලා කොරාළලා ආරච්චිලා train කිරිමට කාලයක් සහ ඉට අවශ්‍යය යටි තල පහසුකම් ඒ වන විට දුපත තුල නොතිබු බැවින් training එකකින් තොරව සුද්දාගේ වතු වල කොන්ත්‍රාත් රැකියා කල මිනිසුන්ව කච්චේරිය නම් Institution රිංගවා එම පිරිසගෙන් Civil Servants ලාව බිහි කර ගැනීම සුද්දා කරගෙන ගියේය.

එංගලන්තයේ Cambridge විශ්ව විද්‍යාලයේ trained වු ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) civil servant cadet කෙනෙකු ලෙස සිරි ලංකා දුපතට ගොඩ බසින්නේ මෙම වාතාවරණය තුලය. Leonard ගේ විශ්ව විද්‍යාල ජීවිතයට වඩා මෙම post එක ලියන මා සැලකිලිමත් වුයේ ඔහුගේ පාසැල් ජීවිතය පිළිබදවය. පිරිමියෙකුගේ හැඩ තල සදාකාලිකවම තීරණය වන්නේ විශ්ව විද්‍යාල සමය තුලදී නොව ඔහුගේ පාසැල් ජීවිතය සමය තුලදී බව මම දනිමි.

ඇයි සම්ප්‍රදාය (WHY Tradition).

St. Paul’s පාසැල තුල rigorous Classical Education එකක් Leonard ලබා ගත්තේය. Classical education යනු “why ? “ ප්‍රශ්ණය විමසන අධ්‍යාපනික සම්ප්‍රදායක් වේ. එවන් අධ්‍යාපනික සම්ප්‍රදායක්වත් නොතිබුනු සිරිලංකා දුපත හදිසියේම නින්දෙන් අවධි වී අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ගැන සංවාද කරමින් කතා කිරීම තරමක් විහිලු සහගත වේ. Homer ගේ Iliad වැනි සම්භාව්‍යය පොත පතත් ග්‍රීක දර්ශනය පිළිබද ප්‍රමාණික අවබෝධයත් ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) පාසැල් සමයේදී මහන්සි වී හදාරා තිබුනි. එංගලන්තයේ විශ්ව විද්‍යාල වලදී civil servant කෙනෙකු හට අවශ්‍යය මුලික පුහුණුව ලෙනාඩ් වුල්ෆ් ට (Leonard Woolf) ට ලැබුනු Leonard ට ලැබුනු අතර සිරිලංකා දුපතේ Civil Service Institutions වල තිබු පහලම තනතුර වු Cadet සේවයට ඔහු 1908 දී ඇතුලත් විය.

1833 දී සිරිලංකා දුපතේ අධිකරණ ප්‍රතිසංස්කරණ සිදුකල විනිශ්චයකරුවෙකුගේ නිගමනය වුයේ පැවති Paternal Governance පිළිබදව යුරෝපීය ජාතිකයින්ට මෙලෝ මළසංසාරෙක දැනුමක් නැති බවය. එනිසා අධිකරණ වල විනිශ්චයකරුවන් සිරිලංකා දුපතේ පවතින Paternal Governance ක්‍රමය පිළිබදව යම් අවබෝධයක් ලබා ගත යුතු බව අධිකරණ ප්‍රතිසංස් කරණ සිදු කල එම විනිශ්චයකරු සදහන් කර සිටියේය. එකල සිටි තවත් එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නියෝග කලේ යමෙකු මේ දුපතේ Civil Service එකට එකතු වෙනවානම් ඔහු දුපතේ පරිශිලනය වන භාෂා දෙකක්වත් අවම වශයෙව් ඉගෙන ගත යුතු බවය. ( මෙම අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නම් මාගේ මතකයේ දැන් නැත. සිරිලංකාවේ නීතීඥ ප්‍රජාවේ කෙනෙකුට comment එකක් ලෙස එම නම් මෙහි සදහන් කල හැක )

Paternal ගෝත්‍රික භාවය.

Socialist Republic of Sri Lanka දුපත් රාජ්‍යයේ වරක් ජනාධිපති වු පර්සිට “අප්පච්චි” කියන ඇමතුම භාවිතා කල දිග කලිසම අදින තඩි ගංකබරයින් සිරිලංකා දුපත තුල තවමත් සිටින්නේ ඒ Paternal ගෝත්‍රික භාවය ඔවුන් තුල තමවත් තිබෙන නිසාය. හම්බන්තොට පර්සිට අප්පච්චී කියන ගොබබ් ගැහැනු ගැන කතා කිරිමට අප මෙතන වෙලාව කා දැමිය යුතු නැත.

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) ඉහත සදහන් කල අධිකරණ නියෝගයන් දෙක අනුගමනය කරමින් ඉටත් වඩා තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගමන් කලේය. සුද්දෙකු වුවත් Imperialist කෙනෙකු මෙන් එකල Colombo city එකේ පැවති ( එකල කොළඹ lost city එකක් නොවීය ) Tennis clubs, Hunting clubs ගානේ බඩ නොගෑ Leonard බෞද්ධ භික්ෂුන් කරා ගොස් සිංහල භාෂාවත් දමිළ පුජකයින් කරා ගොස් දමීළ භාෂාවන් දෙක ඉගෙන ගත්තේය. Leonard ඉන් නොනැවතී දුපතේ vernacular භාෂාව පිළිබදව අවබෝධයක් ලබා ගත්තේය. හම්බන්තොට දිස්ත්‍රික් උසාවියේදි විනිසුරු Leonard Woolf විසින් නිකුත් කල නඩු නියෝග තුල Leonard තුල ඇති මෙම vernacular අවබෝධය අපට දැක ගත හැක.

මඤ්ඤොක්කා කොටු වලින් පැත්තට සරම උස්සාගෙන පැමිණි trained නොවු මුදළිලා කෝරාළලා ආරච්චිලා ලෙනාඩ් වුල්ෆ් ට (Leonard Woolf) හමුවන්නේ කච්චේරිය නැමැති Institution එක තුලදිය. හම්බන්තොට උසාවිය තුලදී ආරච්ච්ලා, කෝරාළලා, ගැමියන් සහ Leonard හමු වී සිදුවු dialects of confrontations තුලින් “The Village in the Jungle” නව කතාව බිහි වුනි.

කුමක්ද කච්චේරිය නැමැති Institution එක තුලදී සිදු වු dialect එක ?

Paternal Governance එකට හුරු ගැමියා සහ රෝම ලන්දේසි නීතිය අතර සිදුවන ගැටමු එම dialect එක වේ. ගැමියන්ව දරුවන් මෙන් රැක බලා ගත් ඒ වන තෙක් සිරිලංකා දුපතේ පැවති Parental රාජ්‍යය පරිපාලනය Cambridge විශ්වි විද්‍යාලයෙන් trained වී පැමිණි Leonard ට අරුමයක් විය. එම ගැටුම තුලින් උද්ගත වන dialects හරහා dialectical approach එකකට ගමන් කරන මානුෂීය සත්වයෙකු Leonard තුලින් මෙම post එක ලියන නුගත් මම දකිමි.

ගමනාන්තය නොව වැදගත් වන්නේ ගමණයි.

Leonard ගේ biography එක ගැන සිරිලංකා දුපතේ ලියවුනු පොතක් පිළිගැනුවීමේ උත්සවකදී දේශන පැවැත්වු දෙදෙනෙකු වු සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පිකගේ කතා මම YouTube එකේ අසා සිටිමට දැඩි උත්සාහ කලත් එය මට වාවා ගත නොහැකි විය. ඉතුරු දේශනයන්ද එපරිදිමය. basic literature නැති රදාවානේ සුමනෙලාට මෙම නව කතාව grasp කර ගැනීමට හෝ ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) නැමැති මිනිසා පිළිබදව යම් විචාරාත්මක දැනුමක් එහිදී ප්‍රේක්ශකයාට ලැබේවි යයි මා සිතුවත් එවැන්නක් සිදු වුයේ නැත. සජිත්ට සහ චම්පිකට Leonard ගැන පවසන්න තිබෙන්නේ කුමක්දැයි මට නම් තේරෙන්නේ නැත.

යම් සාහිත්‍යය කාර්යක් ඉටු කල පුද්ගලයෙකු පිළිබදව විමර්ශනාත්මකව බලනවා යනු ඔහුගේ ජීවන ඉතිහාසය දෙඩවීම නොවේය.

මහා කවි Dante පිළිබදව විවිධාකර පොත පත ඉතාලියේ ප්‍රකාශනය කෙරේ. ඒ පොත් launch කරන කිසිම තැනක දේශපාලකයෙකු සිටිනු මා දැක නැත. එම book launch වලට පැමීණ පුටුවල හිදගෙන සිටින ප්‍රේක්ෂකයා අවධි වන්නේ විශ්ව විද්‍යයාලවල රැකියා කරන මිනිස්සු කරන විට නොව ඉට හාත්පසින්ම වෙනස් ලෙස ගොබ්බ mainstream එකෙන් පරිබාහිර වු අදහස් දරන නව තරුණ තරුණියන් book launch වල කතා කරන විටදිය. එම තරුණ තරුණියන් එම විෂය පිළිබද දැඩි මත ධාරීහු වෙති. එම විෂය පිළිබදව පකිස් බුරුවන් නොවන ඔවුන්ට දැඩි මත ධාරීන් වීමට සුජාත අයිතියක් ඇත. විශ්ව විද්‍යාල වල රැකියා කරන උන් දෙසන විට සිරිලංකාවේ රදාවානේ සුමනෙලා මෙතරම් romantic වෙන්නේ ඇයි ? Paternal Governance ද තවමත් දුපතේ දිග කලිසම අදින පිරිමින් තුල ක්‍රියාත්මක වන්නේ?

සිළිඳුලා හමුවීම.

The Village in the Jungle නව කතාව තුල jet black නරක චරිත නැත. නව කතාව තුල මුලදී සෑම චරිතයක්ම තව කෙනෙකු හට යහපතක් කිරීමට ප්‍රථමයෙන් උත්සාහ කරති. අන්තිමේදි ඔවුහු සියල්ලෝම නවතාවේ background එකේ ගොදුරු බවට පත් වෙති. කුමක්ද බැද්දෙගම background එක ?

1802 දී ඇරඹි Colonial Civil Service එක බැද්දේගම ගමේ රූස්ස ගස් පිටු පසින් සංරචනය වෙමින් පවතින background එක වේ. මෙදෙස නිහඩව බලා සිටිව සිළුදු අවසානයේදී මෙසේ පවසයි – උඹලා සිතන තරම් මේ අප්පොච්චිට පිස්සු නෑ. ඉන් පසුව සිළිදු තුවක්කුව ගෙන ඩෙඩි තබා ආච්චිව සහ මුදළාලිව මරා දමයි.

නමුත් මෙම සිදුවීමට පෙර සිළිදු තමා අවට තිබෙන සමාජයට යහපත් කිරිමට උත්සාහ කරයි. නමුත් ඔහු අන් සියලල්ලන් මෙන් fail වේ. කුමන හෝ ආකාරයකින් fail වීම සිරිලංකා පිරිමියා by default accept කරයි. එය masochism යාන්ත්‍රණයේ ස්වභාවයක් වේ. මා සතුටින් සිටින්නේ කිමැදැයි මාගේ දෙමව්පියන් සැක කරන අතර මාගේ ත්‍රිල කැඩීමට ඔවුහු කුමක් හෝ දෙයක් සිදු කරති.

නිසි කල වයසට පත් පුංචි මැණිකා සහ හින්නි හාමි දීඝ දීමට සිළිදු විරුද්දධ වේ. අනේ මගේ පුංචි උන් දෙන්නා මගෙන් ඩහැගන්න හදන බව සිළිදු පවසයි. සිළිදු යනු typical ශ්‍රිලාංකීය Paternal Father වේ. කතරගම දෙවියන්ට කිංඩියට ගිනි පෑගු මහාචාර්ය කාලෝ ෆොන්සේකා රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ යනුවෙන් ගීතයක් ලියා තබයි.

The Village in the Jungle.

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) ට හම්බන්තොට උසාවිය තුලදී සිළිදුලා හමු වී ඇති බව Leonard දුන් අධිකරණ නියෝග තුලින් අපට සාක්ෂාත් වේ. විනිසුරු Leonard ට හම්බන්තොට උසාවියේදි හමු වී ඇත්තේ සිළිදුලාම පමණක් බව Leonard ගේ දින පොත පිරික්සන විට අපට පැහැදිලි වේ.

Lester James Peiris කුමන හෝ ආකාරයකින් Leonard ගේ හම්බන්තොට අත්දැකීම් අවබෝධ කරගෙන බැද්දේගම චිත්‍ර පටය තුලින් The Village in the Jungle නව කතාවට සිය යුතුකම ඉටු කර ඇත. බැද්දේගම නම සහ නව කතාවේ plot එක භාවිතා කරමින් TV එකේ පෙන්වන ටෙලි නාට්‍යයක් පිළිබදව මවෙත පෙත්සම් ලැබෙමින් පවතී. මහමෙව්නාවේ සමාධි පිළිමයෙන් තුප්පහි විනෝදයක් නොලැබිය යුතු සේම බැද්දේගමින් තුප්පහි විනෝදයක් ලැබිම ශිෂ්ඨ සම්පන්න පිරිමියෙකුට සුදුසු නැත. බැද්දේගම නම use කල ටෙලි නාට්‍යය ගැන දැඩ කෝපයකින් මම පසු වෙමි.

ප්‍රථමයෙන් ආරච්චි බබුන්ගේ යහපත වෙනුවෙන් උපදෙස් ලබා දෙයි – තුවක්කුවට ලයිසන් එකක් ගැනීම යහපත් බව ආරච්චි බබුන්ට පවසයි. ආරච්චි බැද්දේගම ගැමියන් තුල jet black කළු චරිතයක් නොවන බව Leonard අපට පවසයි. බැද්දේගම ගමේ කිසිවෙකු jet black කලු චරිත වන්නේ නැත. මැලේරියා වසංගතය ඔඩු දුවන ශුෂ්ක පීඩාකාරි පරිසරයක Paternal සමාජයකට කඩා පාත් වු රෝම ලන්දේසි නීතිය නැමැති background එකට නව කකාවේ සියළුම චරිත බිලි වේ. බබුන්ලා සිය ගණනක් කච්චේරිය තුලදී සහ අධිකරණය තුගදී Leonard ට මුණ ගැසුනු බව Leonard ගේ ලිපි ලේඛණ පරික්ෂා කරන විට අපට අවබෝධ වේ.

කේළාම් සහ පෙත්සම්.

අධිකරණයට පැමිණිලි ඉද්රිපත් කිරීම වෙනුවට එකල යහමින් පෙත්සම් ලිවීම සිදු විය. පෙත්සම් ඉංග්‍රිසි භාෂාවෙන් ලිවීමට ගැමියන්ට සිදු වීම පිළිබදව Leonard තුල වු කණස්සල්ල නව කතාව තුල අපට දැන ගත හැක. මෙම කනස්සල්ල ඔහුගේ සැබෑ ජීවිතය තුලද එසේම තිබුනි. interview එකකදී Leonard මෙසේ ප්‍රකාශ කලේය – There were no proctors in Hambnathota. None at all. I don’t think there were any at Thangalle. They used to come from Matara,

කෝරාළලාගේ ආරච්චිලාගේ කේළාම් අසා අයුක්ති සහගත ලෙස කුදලාගෙන ඇවිත් proctor කනෙකුගේ සේවය ලබා ගත නොහැකිව අධිකරණය තුලදී නිරපරාදේ වරදකරුවන් බවට පත්වන ගැමියන් පිළිබදව සහකම්පනයක් Leonard විනිසුරු තුල විය.

සිරිලංකා දුපත තුල ගිනි අවි පාතාලයක් සහ මත්ද්‍රව්‍යය ජාලයක් බිහි කල සුදු ඇදුම් අදින දේශපාලකයා පසෙක දමා කුඩු කාරයින්ව අත් අඩංගුවට ගෙන පොලිසිය තුලදී කුඩු අතින් දමා දමා 54 ගැසීමේ නීතිය අපයෝජනය කිරීමේ අවලම් පුරුද්ද සිරරිලාංකිකයින් තුල colonial කාලයේ සිට පැවත එන දේශිය පුරුද්දක් බව පෙනී යයි.

Cambridge විශ්ව විද්‍යාලයේදි professionally trained වු civil servant කෙනෙකු වු ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) ට සිරිලංකා දුපතේ civil servants ලාගේ මෙම අමනකම් අධිකරණය තුලදි දැක ගත හැකි විය. දුපත් වැසියා මෙම අමනකම් අධිකරණය තුලදීද සිදු කිරීම Leonard ව මවිතයට පත් කලේය.

ගොං කරත්ත විකිණීමේදි සහ හරක් විකිණීමේදි උද්ගත වු වැනි සිවිල් නඩු සහ වෙනත් අපරාධ නඩු ඇසු Leonard විනිසුරු වරක් මෙසේ ප්‍රකාශ කලේය – British empire is a strange phenomenon, I don’t know what British do in Ceylon – මෙයින් ප්‍රකාශ වන්නේ දුපතේ පැවති Paternal Governance එකකට හුරු වී ජීවත් වු ගැමියාට සුද්දාගේ රෝම ලන්දේසි නීතියට අනුගත කරවීමේ අපහසුතාවයයි.

The Village in the Jungle නව කතාව තුල Leonard ගේ මෙම ජීවන අත්දැකීම් එලෙසින්ම විද්‍යාමාන වේ. එබැවින් The Village in the Jungle නව කතාව ප්‍රබන්ධාත්මක නව කතාවක් නොව historical නව කතාවක් ලෙස මම හදුන්වමි. දිග කලිසම අදින දේශපාලනය දොඩවන සිරිලාංකික පිරිමින් තුල අද දැක ගැනීමට හැකි පාදඩ තක්කඩි ස්වභාවයට හේතුව කුමක්දැයි බොහෝ දෙනෙකු පුද්ගලිකව මාගෙන් විමසා සිටිති. එය ඔවුන් තුල අද හටගත් ස්වභාවයක් නොව colonial කාලය තුලත් පැවති ස්වභාවයක් බව මම පිළිතුරු දෙමි.

රබහ මැණික.

දුපත් පිරිමින් තුල මෙම පාදඩ තක්කඩි ස්වභාවයක් ජනිත වීමට හේතුව දුටු එකම පුද්ගලයා වන්නේ ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) ය. ඔහු අති සාමාන්‍යය පුද්ගලයෙකු වේ. රබහ මැණික් බදුය. බහුලය. තැන තැන හමු වේ. රබහ මැණිකක් කපා ඔප දැමු කල එය එමරල්ඩ් මැණිකක් බදුය. සමස්ථ ලෝකයට James Joyce එමරල්ඩ් මැණිකක් වුවා සේම ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) යනු, Virginia Woolf ගේ දැවැන්ත ඉල්ලමින් වැසී ගිය අපගේ රබහ මැණික වේ. කපා ඔප දමා සාහිත්‍යවම අලංකාරය නැරඹීම ඔබ සතු වේ.

සැප්තැම්බර් මාසයේ සිරිලංකා දුපතට වැළදෙන බොරු සාහිත්‍යය වලිප්පුව වෙනුවෙන් Leonard පිළිබදව යමක් ලිවිය යුතු යැයි සිතුවෙමි. Leonard පිළිබදව ප්‍රමාණාත්මක සාහිත්‍යය විචාරයක් සිරිලංකා දුපත තුල සිදු වී නැති බව පෙනී යයි. එවන් සාහිත්‍යය විචාරයක දාඩි අවශ්‍යය තාවය අද පෙනී යයි. දිග කලිසම සිරිලාංකික පිරිමියා අද මෙවන් තක්කඩියෙකු බවට පත් වුයේ ඇයි යන දැවෙන ප්‍රශ්ණයට විසදුම Leonard ගේ The Village in the Jungle නව කතාව තුල ඇත. මම රබහ මැණික පෙන්වුයෙමි. කපා ඔප මට්ටම් කර බැලීමට ඔබට පවරමි.

මෙම නවකතාව “බැද්දේගම” නමින් සිංහලයට පරිවර්තනය වී ඇත.

colonial යුගය තුල තිරස් අතට පැලී ගිය සිරිලංකා ජව සමාජය postcolonial සමයේදි සිරිස් අතට පුපුරා යාම සිදු විය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් බිහි වන රදාවානේ සුමනෙලාගේ ජාතියක් ජන්මයක් මෙන්ම ඔවුන් කවුරුන්ද කියා හඳුනා ගත නොහැක. All the cats are grey in the dark. මුදලි කෝරාළ ආරච්චි ස්ථර සිරස් අතට පැලී ගිය අතර සමාජයේ social strata එකිනෙක මුසු විය. මෙම සමාජය දීප්ති කුමාර ගුණරත්න විසින් නැවතත් තිරස් අතට පලා දැමුවේය. දැන් ජෙලි සමග අයිස්ක්‍රීම් මුසු වී උඩ layer එකෙත් ඇත යට layer එකෙත් ඇත. Michel Foucault ගැන දන්නේ කවුරුන්ද කියා දැන් කිසිවෙකුට කිව නොහැක. කරුණෑගල ජෑන්තයියාද Michel Foucault ගැන දොඩවන බව මට ආරංචි විය. මේ අද ඔබ ජීවත් වන සමාජයයි.

සමාජයක් කැඩපතකින් පෙන් විය හැක්කේ සාහිත්‍යය කරුවෙකුට පමණි. එය භික්ෂුන්ට හෝ වෙනත් පුජකයින්ට කල නොහැක. Eric ගේ පරදේසි නව කතාව කියවීමට මම කිහිප වරක් උත්සාහ කලෙමි. එය මට කියවිය නොහැක. මම බිය වෙමි. කැඩපතකින් දකිනා මා දැක මම බිය වෙමි. නව කතාව ලාච්චුවකට දමා තදින් ලාච්චුව වැසුවෙමි. අප මොන සත්තුදැයි අප දැන ගත යුතුය. හික්මීය යුතු බව ශිෂ්ඨ විය යුතුබව අපට වැටහෙන්නේ අප මොන සත්තුදැයි අපට අවබෝධ වු විටදීය.

Virginia Woolf.

අප මොන ජාතියක්දැයි අප දැන ගත යුතුය. 1802 වසරේදි Colonial Secretary Office එක තුලින් Ceylon ජාතික රාජ්‍යය බිහි වීම ආරම්භ වු අතර එම ජාතික රාජ්‍යය දරුවා කෙබදුදායි ඔබට Leonard ගේ නඩු නියෝග තුලින් බලා ගැනීම උගහටය. The Village in the Jungle ඔබ revisit කලහොත් එම දරුවා කෙබදුදැයි ඔබට දැක ගත හැකි වනවා සේම දිග කලිසම අදින පිරිමියා අද මෙවන් තක්කඩියෙකු බවට පත් වුයේ කෙසේද යන හේතුවත් ඔබට දැන ගත හැකි වනු ඇත.

Virginia Woolf (1882-1941)

එංගලන්තයේ රොද්මෙල් පලාතේ ඉල්ලම දෙදෙරා යමින් තිබුනි. Virginia Woolf nervous breakdown එකකට ලක් විය. ඇයට ජිවිතය තුල සිටිය නොහැකි බව Leonard ට අවබෝධ විය. Leonard The Village in the Jungle නව කතාවේ පිදුම Virginia Woolf හට මෙසේ කරයි –

ගමනාන්තය නෙවෙයි වැදගත් ගමණයි වැදගත් වෙන්නෙ.
– Leonard Woolf
.

To V . W..

ඔබ මා වෙත ලබා දුන් පුංචි දේ මම ඔබට යලි තිලිණ කරමි. මට දිය හැක්කේ එපමණය. ඔබ මට සියලු දේ දුන්නාය. මට තිබෙන්නේ එය පමණය. දැන් මම එය ඔබට ආපසු දෙමි. මේ දෙන දෙය තුල යමක් තිබේනම් එය ලැබේවා. ගවුමේ සාක්කු දෙකට ගල් ගෙඩි දෙකක් දමා ගත් Virginia රොද්මෙල් පෙදෙසින් ගලා යන ගගට පැන සිය දිවි නසා ගත්තාය. ඇය මිය ගිය දින ඇය දෙස බලා සිටි Leonard බාබර් සාප්පුවට ගොස් haircut එකක් ගත්තේය.

Jana Chamin.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *