ලංකා මුහුදේ නැවතත් ඉන්දු-චීන අර්බුදයක් නිර්මාණය වෙයිද..?

ලබන වසර මුල වනවිට විදේශීය පර්යේශන යාත්‍රා ලංකා මුහුදු සීමාවට ඇතුලුවිම සඳහා පනවා තිබූ වසරක තහනම අවසන් කිරීමට රජය ගණුලැබූ තීරණයත් සමගම රාජතාන්ත්‍රික ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දැකගත හකිය.

පසුගිය රජයට මෙම තහනම පැනවීමට බලකෙරුනේ, චීන පර්යේශන යාත්‍රා ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ඉන්දීය සාගර කළාපයේ සිදුකරන මෙහෙයුම් සහ ඉන්දියාව ඊට දැක්වූ දැඩි විරෝධත් හේතුවෙනි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේශන යාත්‍රා නැංගුරම් ලෑම පිළිබඳ මතභේදය පසුගිය සතියේ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ජනමාධ්‍ය හමුවූ අවස්ථාවකදී මතුකර තිබිනණි. ” ඉන්දියාවේ අවබෝධය නම්, ශ්‍රී ලංකා රජය මෙම ප්‍රශ්ණය දෙස බලාසිටින බවයි. ඔවුන් සැළකිල්ලට ගතයුතු කරුණු ගණනාවක් තිබේ. සමුද්‍ර ආරක්ශාව, සමුද්‍රීය පර්යේශණ යනාදී ක්‍රියාකාරකම් රැසක ඉන්දියාවට ඉටුකල හැකි කාර්‍යභාරය අපි අපගේ දෘශ්ටිකෝණයෙන් ඉස්මතු කළෙමු”, යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණී. ” මගේ පෙර ප්‍රකාශවලද මා සඳහන් කළ පරිදි, මෙම ප්‍රදේශයේ අපගේ ආරක්ශක අවශ්‍යතාවල වැදගත්කම සහ සංවේදිතාව අපි පෙන්වා දුන්නෙමු. ඉන්දියාවේ ආරක්ශාවට බලපෑම් එල්ල වියහැකි ආකාරයට ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩලබා නොදෙන බවට සහතික වනබව ජනාධිපති දිසානායක ප්‍රකාශ කළේය. එබැවින් මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජය සමග දිගටම කටයුතු කිරන අතර, මෙවැනි වැදගත් කරුණූ ශ්‍රී ලංකා රජය විසින් නිසි සැලකිල්ලක් දක්වනු ඇතැයි අපට විශ්වාසයි”, යනුවෙන්ද ඔහු සඳහන් කර තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් දින කීපයකට පසුව පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, විදේශීය පර්යේශණ නෞකා වෙනුවෙන් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියකට (SOP) සමාන කමිටුවක් සැකසීමට රජය සැලසුම් කරඇති බවයි.

කෙසේවෙතත් මේ දක්වා එවැනි කමිටුවක් සැකසිමට සූදානමක් පවතින බවට වාර්ථා වන්නේ නැත.

Lanka Power News පුවත්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *