ලබන වසර මුල වනවිට විදේශීය පර්යේශන යාත්‍රා ලංකා මුහුදු සීමාවට ඇතුලුවිම සඳහා පනවා තිබූ වසරක තහනම අවසන් කිරීමට රජය ගණුලැබූ තීරණයත් සමගම රාජතාන්ත්‍රික ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දැකගත හැකිය. පසුගිය රජයට මෙම තහනම පැනවීමට බලකෙරුනේ, චීන පර්යේශන යාත්‍රා ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ඉන්දීය සාගර කළාපයේ සිදුකරන මෙහෙයුම් සහ ඉන්දියාව ඊට දැක්වූ දැඩි විරෝධත් හේතුවෙනි.
ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ගත්කල එය පිහිටා ඇත්තේ ලෝකයේ පස්වන ආර්ථික බලවතා වන සහ උප මහද්දීපයක් වශයෙන් ලෝක භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් අත් පත් කොටගෙන සිටින මහා භාරතය හෙවත් ඉන්දියාව ආසන්නයේමය. එබැවින් ඉන්දියාවේ ආරක්ෂක උපාය මාර්ගවලදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග ලංකාවට කෙලින්ම බලපාන බව රහසක් නොවේ. තවද ඉන්දියාව තම ගෙමිදුලේ පිහිටා අති රටක් තමන්ට එරෙහිව තම සතුරා ප්‍රයෝජනයට ගැනීමට ඉඩහැරීමටද මෝඩ වේයැයි සිතිය නොහැක. ලංකාව ස්වාධීන රටක් වුනද එය ගන්නා ක්‍රියාමාර්ග විශේෂයෙන් විදේශ ප්‍රථිපත්ති සම්බන්ධයෙන් ගත්විට ඉතාම ඥානාන්විත වියයුතුව ඇත්තේ මෙම සන්ධර්භය තුලදීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේශන යාත්‍රා නැංගුරම් ලෑම පිළිබඳ මතභේදය පසුගිය සතියේ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ජනමාධ්‍ය හමුවූ අවස්ථාවකදී මතුකර තිබිණි. ” ඉන්දියාවේ අවබෝධය නම්, ශ්‍රී ලංකා රජය මෙම ප්‍රශ්ණය දෙස බලාසිටින බවයි. ඔවුන් සැළකිල්ලට ගතයුතු කරුණු ගණනාවක් තිබේ. සමුද්‍ර ආරක්ශාව, සමුද්‍රීය පර්යේශණ යනාදී ක්‍රියාකාරකම් රැසක ඉන්දියාවට ඉටුකල හැකි කාර්‍යභාරය අපි අපගේ දෘශ්ටිකෝණයෙන් ඉස්මතු කළෙමු”, යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණී. ” මගේ පෙර ප්‍රකාශවලද මා සඳහන් කළ පරිදි, මෙම ප්‍රදේශයේ අපගේ ආරක්ශක අවශ්‍යතාවල වැදගත්කම සහ සංවේදිතාව අපි පෙන්වා දුන්නෙමු. ඉන්දියාවේ ආරක්ශාවට බලපෑම් එල්ල වියහැකි ආකාරයට ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩලබා නොදෙන බවට සහතික වනබව ජනාධිපති දිසානායක ප්‍රකාශ කළේය. එබැවින් මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජය සමග දිගටම කටයුතු කිරන අතර, මෙවැනි වැදගත් කරුණූ ශ්‍රී ලංකා රජය විසින් නිසි සැලකිල්ලක් දක්වනු ඇතැයි අපට විශ්වාසයි”, යනුවෙන්ද ඔහු සඳහන් කර තිබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් දින කීපයකට පසුව පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ, විදේශීය පර්යේශණ නෞකා වෙනුවෙන් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියකට (SOP) සමාන කමිටුවක් සැකසීමට රජය සැලසුම් කරඇති බවයි.
කෙසේවෙතත් මේ දක්වා එවැනි කමිටුවක් සැකසිමට සූදානමක් පවතින බවට වාර්ථා වන්නේ නැත.
Lanka Power News පුවත්.
