විදුලි බල අර්බූධයේ ජ.වි.පෙ. කොටස..!

1977න් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් වික්ටෝරියා, රන්දෙණිගල,කොත්මලේ,මාදුරුඔය,රංටැඹේ, යන පංචමහා ජලාශ ඉදිකරමින් ඒ හරහා බිහිකල විදුලිබලාගාර මගින් විශාල විදුලි ජනනයක් එතෙක් පැවති විදුලිබල පද්දතියට එක්කරමින් විදුලි බල අර්බුධය සෑහෙන මට්ටමකින් අඩු කරන ලදී.

මේ ජලාශ ඉදිවූ ආසන්න අවදියේ සිට මා ජ.වි.පෙ. දේශපාලනයේ නියුතුව සිටියෙමි. ඒ යුගයේ ජ.වි.පෙ. පන්ති පහ තුල මේ ව්‍යාපෘතිය ගැනද කතාකලේය. එහිදී කතාකල දේට අනුව මේ ව්‍යාපෘතිය යනු රට විනාශකරන  ව්‍යාපෘතියක් විය, එසේම ඔවුන්ට අනුව එය අන්ත අසාර්ථක රට ණය උගුලක සිරකරන අධිරාජ්‍යවාදී වැඩසටහනකි. එහිදී  උක්ත ව්‍යාපෘතියට එරෙහිව ජනයා පෙලගැස්වීම සඳහා කලහැකි සියල්ල ඔවුන් එදා කලේය. එහිදී ඔවුන්ගේ එදා වෑයම සාර්ථක වී මේ ව්‍යපෘතිය අතර මැද නැවතුනි නම් අද අපට මේ තියෙන විදුලියද නැතිවී මහා විදුලි බල අර්බුධයකට මුහුන පෑමට සිදුවනු ඇත.

එසේම 88,89, අරගලය තුලදීද ට්‍රාන්ස්පෝමර පුපුරවා දැමීම්, විදුලිබලාගාර ගිනිතැබීම්, ගෘහස්ථ විදුලි මීටර් කඩාදැමීම්, තිස්තුන්දාහේ අධි ධාරිතාවය ඇති විදුලි රැහැන් ඇද තිබූ උසැති ලෝහ කුළුණු පෙරලීම් වැනිදේ හරහා ඔවුන් විදුලිබල පද්දතියට දිගුකල් පවත්නා හානි සිදුකලෝය. එහි අරමුණ වූයේද රාජ්‍ය බංකොලොත් කර බලය අල්ලාගැනීමයි.

 ලංකාවේ පවතින දුර්වල ආර්ථික පසුබිම හේතුවෙන් ජලවිදුලිය ලඟට ලංකාවටගැලපෙන ඊළඟ විදුලි උත්පාදන ක්‍රමය ගල් අඟුරු බලාගාර ක්‍රමයයි. පසුකලෙක  නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ අරමුණ වූයේද  සමස්ත පද්දතියට අඩු විදුලි ධාරිතාවය ඒ තුලින් නිපදවාගැනීමයි. මෙම බලාගාරය මෙගාවොට් 300 බැගින් අදියර 3 කින් මෙගාවොට් 900 ක් දක්වා විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියකින් සමන්විතවූ අතර  මේ ව්‍යාපෘතිය කඩාප්පල් කරදැමීමටද ජ.වි.පෙ. නොකල මළදානයක් නැත. ඒ සියලු භාදා මැද නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පලමු අදියර 2011 දීද, දෙවන අදියර 2014 දීද මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත් කරන ලදී. එමගින්ද රටේ විදුලි බල අර්බුධයට විශාල සහනයක් විය.

එසේම උමා ඔය ව්‍යාපෘතියේ එක් අරමුණක් නම් ජලවිදුලිය නිශ්පාදනය කර රටේ විදුලි ජනනය ඉහල නංවා ගැනීමයි. එය කඩාකප්පල් කිරීමටද ජ.වි.පෙ. නොකල දෙයක් නැත. මෙම උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120 ක ජලවිදුලි බලයක් නිෂ්පාදනය කරන අතර බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල කුඹූරු අක්කර 15,000 ක යල සහ මහ කන්නයේ වගාවට ජලය සැපයිය හැකිය. මේ ව්‍යාපෘතියද ජවිපෙ සියලු භාදක මැද රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024දී විවෘත කරන ලදී.

ඊළඟට ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා සිදුකල මණ්ඩලයට දරන්න බැරි වැටුප් වැඩිකර ගැනීම් නිසා මණ්ඩලය ඇතුලතින්ම අරාජිකකර දුර්වල කරදැමීය.

ඇත්තෙන්ම ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඔවුන් විසින්ම කල විනාශයන්ගේ ප්‍රතිපලයන්ට යැයි යමෙක් කීවොත් එහි ඇති වරදක් නැත.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *