විදුලි අර්බූධයේ ජ.වි.පෙ. කොටස..!

image source_https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_dbe136b898.jpg

මේ ජලාශ ඉදිවූ ආසන්න අවදියේ සිට මා ජ.වි.පෙ. දේශපාලනයේ නියුතුව සිටියෙමි..ඒ යුගයේ ජ.වි.පෙ. පන්ති පහ තුල මේ ව්‍යාපෘතිය ගැනද කතාකලේය..එහිදී කතාකල දේට අනුව මේ ව්‍යාපෘතිය යනු රට විනාශකරන  ව්‍යාපෘතියක් විය,එසේම ඔවුන්ට අනුව එය අන්ත අසාර්ථක රට ණය උගුලක සිරකරන අධිරාජ්‍යවාදී වැඩසටහනකි..එහිදී  උක්ත ව්‍යාපෘතියට එරෙහිව ජනයා පෙලගැස්වීම සඳහා කලහැකි සියල්ල ඔවුන් එදා කලේය…එහිදී ඔවුන්ගේ එදා වෑයම සාර්ථක වී මේ ව්‍යපෘතිය අතර මැද නැවතුනි නම් අද අපට මේ තියෙන විදුලියද නැත..

එසේම 88,89, අරගලය තුලදීද ට්‍රාන්ස්පෝමර පුපුරවා දැමීම්, විදුලිබලාගාර ගිනිතැබීම්, ගෘහස්ථ විදුලි මීටර් කඩාදැමීම්, තිතුන්දාහේ අධි ධාරිතාවය ඇති විදුලි රැහැන් ඇද තිබූ උසැති ලෝහ කුළුණු පෙරලීම් වැනිදේ හරහා ඔවුන් විදුලිබල පද්දතියට දිගුකල් පවත්නා හානි සිදුකලෝය. එහි අරමුණ වූයේද රාජ්‍ය බංකොලොත් කර බලය අල්ලාගැනීමයි.

 ලංකාවේ පවතින දුර්වල ආර්ථික පසුබිම හේතුවෙන් ජලවිදුලිය ලඟට  ලංකාවටගැලපෙන ඊළඟ විදුලි උත්පාදන ක්‍රමය ගල් අඟුරු බලාගාර ක්‍රමයයි. පසුකලෙක  නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ අරමුණ වූයේද  සමස්ත පද්දතියට අඩු විදුලි ධාරිතාවය ඒ තුලින් නිපදවාගැනීමයි.  මේ ව්‍යාපෘතිය කඩාප්පල් කරදැමීමටද ජ.වි.පෙ. නොකල මළදානයක් නැත.

image source_https://lankanewsweb.net/wp-content/uploads/2022/01/norochchole-1.jpg

එසේම උමා ඔය ව්‍යාපෘතියේ එක් අරමුණක් නම් ජලවිදුලිය නිශ්පාදන කර රටේ විදුලි ජනනය ඉහල නංවා ගැනීමයි..එය කඩාකප්පල් කිරීමටද ජ.වි.පෙ. නොකල දෙයක් නැත.

ඊළඟට ඔවුන්ගේ වෘතිය සමිති හරහා සිදුකල මණ්ඩලයට දරන්න බැරි වැටුප් වැඩිකර ගැනීම් නිසා මණ්ඩලය ඇතුලතින්ම අරාජිකකර දුර්වල කරදැමීය..

ප්‍රියශාන්ත රාජපක්ෂ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *