|

අප්‍රිකාවේ අවසන් වීරයා..!

above images sources-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRVXd6mMhrXc_gYUEQto2lbfJir_FZBZNEY1w&s, https://i0.wp.com/whatnews.lk/wp-content/uploads/2024/10/60702800_483875015518023_3816141737429041152_n.jpg?fit=843%2C527&ssl=1

මේ සියල්ල අතරින් ලෝකයේ යම් පිරිසක් අවධානයෙන් බලන තවත් රටක් තියනවා. ඒ තමයි බුර්කිනා ෆාසෝ කියන රට. බුර්කිනා ෆාසෝ දිහා දැන් අවධානය යොමු වෙන්නේ එහි ඉන්න තරුණ නායකයෙක් නිසා. ඒ තමයි ඊබ්‍රාහිම් ට්‍රඕරේ (Ibrahim Traore). මිල්ටරි නායකයෙක් වෙලා ඉඳල මිලිටරි කුමන්ත්‍රණයක් හරහා බලයට ඇවිල්ල මේ වෙද්දී ඔහු බුර්කිනා ෆාසෝ ජන හදවත් දිනාගනිමින් ඉන්නවා. ඔහු යම් අත්හදා බැලීමක් කරනවා කියලත් කියන්න පුළුවන්. 

ඒ මුල්ම වතාවට ඔවුන් ඇත්ත ජනතාවාදී පාලනයක් අත්දකිමින් ඉන්න නිසා. විශේෂයෙන් ඔහු මාක්ස්වාදයේ ඇසුර ලැබුව කෙනෙක් වගේම සමස්ත අප්‍රිකාවක් වෙනුවෙන් සිහින දකින කෙනෙක් නිසා ඔහුගේ පාලන ක්‍රමවේදය තුල තරමක නැවුම් බවක් තියෙනවා. ඒකත් අප්‍රිකානු වගේම ගෝලීය ආශ්වාදයක් වෙමින් තිබෙනවා. තමන්ගේ රටේ සම්පත් සහ මිනිස් කළමනාකරණය ඔස්සේ ලෝකෙට අතනොපා ඉන්න ඔහු උත්සාහ කරනවා. 

ට්‍රඕරේගේ ආදර්ශ පාඨය වෙන්නේ ‘ඔව්, සංවර්ධනය ඕනි තමයි. හැබැයි ඇස් නිලංකාර කරන සංවර්ධනය අවශ්‍ය නැහැ’ කියන එක. චතුර ඉංග්‍රීසියෙන් කතාකරන ට්‍රඕරේ ඔහුගේ මතවාදය පැත්තෙන් හොඳ සන්නිවේදකයෙක්. අහන ඕනෑම කෙනෙක්ට ඔහුගේ මතය පැහැදිලියි.  

මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *