ජාතික පසු අස්වනු ආයතනයේ ඉරණම..!
–ගාමිණී ජයසූරිය.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය (National Institute of Post Harvest Management-NIPHM) ආන්ඩුව විසින් වසාදැමීමට නියමිතව ඇති ආයතන සියයකට වඩා ඇති ලැයිස්තුවට ඇතුළත් වී ඇත. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය අනුරාධපුරයේ පිහිටා ඇති අතර යාපනය, අම්පාර, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, යනාදී ප්‍රදේශ වලද එයට අනුබද්ධව පවතින මධ්‍යස්ථානයන් ඇත්තේය. 1976 දී වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රධානතම පර්යේෂණ ආයතනය ලෙස මෙම ආයතනය ආරම්භ කර ඇත්තේය.

” මේවා දැන් වහන ආයතන ලැයිස්තුවට ඇතුල් වෙලා තියෙන්නේ. දැන් අපි තියාගන්න අරගලයක් කරමිනුයි ඉන්නේ .”
( කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා )
රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් පැනනැගීම නම් අනිවාර්ය කරුණක්මය. ඒවානම්, මේ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මේ දක්වා එනම් 1976 සිට රටට කළ කාර්යය භාරය කුමක්ද? එම කාර්‍යයේ වැදගත්කමක් නැද්ද ? තිබේනම් වැසුවාට පසුව එයලබාගන්නේ කෙසේද? පුද්ගලික අංශයෙන්ද ?, විදේශ රට වලින්ද ? මෙවැනි ආයතනයන් වෙනත් රටවල නැතිද ? තිබේනම්, ඒවයේ වැදගත්කම කුමක්ද? මෙය වසා දැමීම වෙනුවට, වෙනත් දියුනු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ නොහැකිද?
පසු අස්වනු තාක්ෂනය යනු කුමක්ද ?
මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ……… පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතූ…….. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, ………ගෙඩි දෙකක් ඇතී…..ගෙඩි ගොඩක් ඇතී….. වැටිලා වැටිලා බිමට වැටිලා කුණුවෙලා යතී………

https://www.niphm.lk/img/research/r0027/main-img.jpg
කුණුවෙලා යන්නේ වැඩිපුර ඇති අස්වැන්නය. අඹ, දඹ, නාරම්, කෙසෙල්, දෙල්…..මේවා පමණක් නොව බෝගවර්ග සියල්ලක්ම පාහේ යම්කිසි නියමිත වාරයකට අනුව අස්වැන්න ලැබෙන්නේය. අපගේ ප්‍රධානතම බෝගය වී වලනම් යල සහ මහ වශයෙන් කන්න දෙකකට අනුවය. නියමිත වාරයන් වලදී බෝගයන්ගේ ලැබෙන අධිඅස්වැන්න එම කාල වකවානු වලදී පමණක් පරිභෝජනය ඉක්මවූ අධි ප්‍රමාණයේ අස්වැන්නක්ය. නියමිත බෝගයන්ට වාරයක් සහ අවාරයක් ඇතත්, මිනිසාගේ බෝග පරිභෝජන අවශ්‍යතාවයට වාරයක් හෝ අවාරයක් නැත්තේමය. මිනිස් බෝග පරිභෝජන අවශ්‍යතාවය වසර පුරා ඒකාකාරව පවතින්නේය. මේ හේතුව නිසාම බෝගයන්ගෙ අස්වැන්න වසර පුරා ඒකාකාරීව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඉතාම වැදගත් අංගයක් ලෙස දැක්විය හැකිය. ඒ සදහා නොයෙකුත් තාක්ෂණික ක්‍රම, ඒ සදහා වු පර්යේෂණ අවශ්‍යවීම අනිවාර්යය සාධකයකි. එම පර්යේෂණයන් මගින් නොයෙකුත් සොයාගැනීම් කිරීමට යම් ආයතනයක් අවශ්‍යමය. පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් ආයතනයක් යනු එම කාර්යය කිරීමට පිහිටුවා ඇති ආයතනයක් වන්නේය.

https://i.ytimg.com/vi/GHSQmq2wLS0/hq720.jpg?sqp=-oaymwEhCK4FEIIDSFryq4qpAxMIARUAAAAAGAElAADIQj0AgKJD&rs=AOn4CLDhZ8n6bMnilSOu8jb13Cs4N9XR0A
පසු අස්වනු තාක්ෂණයේ වැදගත්කම කුමක්ද ?
ඉන්ද්‍රිය පද්ධති රාශියක් සමූහනය වීමෙන් මිනිස් සිරුර නිර්මාණය වී ඇතිබව අපි දනිමු. මෙහිදී එක් එක් පද්ධතිය වෙන වෙනම සලකා බැලුවිට ඒවාට වෙන වෙනම වූ ලාක්ෂණික වූ කෘත්තයන් ඇතිබව පැහැදිලිය. සංසරණයට ලාක්ෂණික වූ කෘත්තයන් සංසරණ පද්ධතිය මගින්ද, ආහාර ජීර්ණයට ලාක්ෂණික කෘත්තයන් ආහාර ජීර්ණ පද්ධතිය මගින්ද, ස්වසනයට ලාක්ෂණික කෘත්තයන් ශ්වසන පද්ධතිය මගින්ද, ආදී ලෙස වෙන් වෙන්ව තම තමන්ට අයත් කෘත්තයන් පමණක්ම ඒ ඒ පද්ධතීන් විසින් ඉටුකරනු ලබන බව පැහැදිලිය. නමුත් වඩාත් වැදගත් වූ කෘත්‍ය වන්නේ, මේ සියලුම පද් ධතින්ගේ ක්‍රියාවන් එකම තලයක සමතුලිත කිරීමයි. එය සමායෝජන පද්ධතිය මගින් ඉටුකරනු ලබයි. සමස්ත කෘෂි කාර්මික ක්‍රියාවලියේදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් මෙම පාලන ක්‍රියාව ඉටුකරනු ලබයි. නමුත් එය බීජ අවස්ථාවෙන් ආරම්භකර අස්වනු අවස්ථාවෙන් අවසන් වේ. අස්වනු ලබාගැනීමේ අවස්ථාවෙන් පසුව සමොයෝජන ක්‍රියාවට මැදිහත් වන්නේ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය මය .
රටට ලබාදී ඇති සේවාවන්.

https://i.ytimg.com/vi/_cbfK00S1_I/hq720.jpg?sqp=-oaymwEhCK4FEIIDSFryq4qpAxMIARUAAAAAGAElAADIQj0AgKJD&rs=AOn4CLB6y09Cesvw0ZbaAAgSpiy2WKAPbg
පසු අස්වනු ආරාක්ෂකිරීමට විවිධ ක්‍රම සහ විධි පිළිබඳව ඉදිරිපත්කර ඇත . වී වලින් සහල් නිපදවීමට අවශ්‍ය වූ පර්යේෂණ පවත්වා විවිධ සහල් වර්ගයන් සැකසීමේ තාක්ෂණයන් සොයාගෙන ඒවා පිළිබඳ තොරතුරු රටට ඉදිරිපත්කර ඇත. සහල් කල් තබා ගැනීමේ ක්‍රම පිළිබඳව ක්‍රම ඉදිරිපත්කර ඇත. සහල් වලින් විවිධ වූ නිෂ්පාදනයන් සකසා ගැනීමේ ක්‍රම ඉදිරිපත්කර ඇත. සහල් වලට අමතරව එළවළු හා පළතුරු කල් තබා ගැනීමේ ක්‍රම ඉදිරිපත්කර ඇත. පලතුරු කල්තබා ගන්නා ක්‍රම වශයෙන් ඉදිරිපත් කළ ජෑම්, බීම, වර්ග නිසා ඒ සම්බන්ධ කර්මාන්තයන් රැසක් බිහිවී තිබීම. විශේෂයෙන් කුඩා පරිමාණයේ පමණක් නොව, මධ්‍ය පරිමාණයේ කර්මාන්තද, එළවළු, පළතුරු, සහ සහල් ආශ්‍රිතව බිහිකිරීමට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබාදීම. ප්‍රවාහනයේදී එළවළු හා පළතුරු වලට සිදුවන හානිය වැලක්වීම සදහා ක්‍රමයන් ඉදිරිපත් කිරිම . කූඩවල එළවළු හා පලතුරු ප්‍රවාහනය කිරීමට සොයාගත් ක්‍රම මගින් අස්වනු හානිය 30-40 %, සිට 15–20% දක්වා අගයකට පහළ දමා ගැනීම .
රටේ සහල් මිල තීරණය කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට සහාය දැක්වීම. වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීම . ගොවීන්ට, නිෂ්පාදකයින්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍ය යින්ට, පාසැල් හා කෘෂිකර්ම විද්‍යාලවල ශිෂ්‍යයින්ට, යනාදී වශයෙන් වූ විවිධ කොටස්වලට අධ්‍යාපන වැඩසටහන් හා පුහුණු වැඩසටහන් පවත්වාගෙනයාම. අන්තර් ජාතික තත්ව සහතික ලබා තිබෙන පරීක්ෂණාගාරයක් තිබීම සහ ඒ මගින් විවිධවූ පරීක්ෂණ පැවැත්වීම. මේ සියලුම කටයුතු වලින් වාර්ෂිකව විශාල මුදලක් ලබාගැනීම. එළවළු හා පළතුරු ප්‍රවාහනයේදී හානිවීම නැවැත්වීම මගින් පමණක් රුපියල් මිලියන 32000 ක් වාර්ෂිකව රටට ඉතිරිකර දී ඇත. මේ නව නිපැයුම් වලට අමතරව පාරම්පරික ධාන්‍ය ගබඩා කිරීම් ක්‍රම පිළිබඳවද පරීක්ෂණ පැවැත් වීමද කරනු ලබයි .

https://i.ytimg.com/vi/WWO06JJOIIw/hq720.jpg?sqp=-oaymwEhCK4FEIIDSFryq4qpAxMIARUAAAAAGAElAADIQj0AgKJD&rs=AOn4CLA71BQJrrxi0ERwQME_UJbFKZfRlQ
වෙනත් රටවල මෙවැනි ආයතන තිබේද?
පසු අස්වනු සම්බන්ධයෙන් ආයාතන වෙනත් රටවලද විවිධ ආකරයෙන් ක්‍රියාත්මකවේ. ඉන්දියාව, පාකිස්ථානය, චීනය, රුසියාව, පිලිපීනය, ඇමරිකාව ඇතුළු බොහෝ රටවල පසු අස්වනු තාක්ෂනය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතණයන් පිහිටා ඇත. ඒවා මගින් එමරටවල පසු අස්වනු කාර්යක්ෂමව පාලනය කිරීම කරනුලබයි. බෝග අස්වැන්න ගබඩා කිරීම, වර්ෂය පුරාම ඒකාකාර පරිභෝජන අවශ්‍ය තාවයට අනුව තොගයන් පාලනය කිරීම, යනාදී වශයෙන් බෝග අස්වැන්න සංරක්ෂණය කරනු ලබයි. මෙහිදී වර්ෂය පුරාවටම බෝගවල ඉල්ලුම ඒකාකාරව පවත්වාගෙන යාම මගින්හිඟකමක්ඇතිනොවනසේ අස්වැන්න පාලනය කරයි. එබැවින් මෙම පසු අස්වනු තාක්ෂණ ය ලෝකයටම පොදුවූ ක්‍රියාවක්ම වන්නේය .
පෝසත් රටක් ලස්සන ජීවිතයක්.
ජාතික ජනබල වේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තේමාව වූයේ,” පෝසත් රටක්, ලස්සන ජීවිතයක්” යන්නයි. එම ප්‍රතිපත්තියටම අදාලව කෘෂිකර්මයේ ප්‍රතිපත්තිය වූයේ,” එක මිටට ගොවි බිමට ” යන්නයි. ඊට සමගාමීව පසු අස්වනු තාක්ෂණ ආයතනය ” අස්වැන්නට අරුණැල්ලක් ” යන තේමාව ඔස්සේ ආයතනයේ ඉලක්කයන් එළිදක්වනු ලැබීය. ආයෝජකයින් දහසක් ඇතිකිරීම ඔවුන්ගේ ඉලක්කය විය. එම ඉලක්කය අනුව ඔවුන් ඉදිරි වැඩකටයුතු කරමින් සිටියි.
නමුත් නව රජය විසින් ආයතන 130 ක් පමණ වසා දැමීමට කටයුතු කරමින් යන බවට ආරංචි මාර්ග වලින් ප්‍රකාශවී ඇත. මේ ආයතන ගොන්නට පසු අස්වනු තාක්ෂණ ආයතනයද අයත්වේ.
” වහනවද නැද්ද යන තැන දැන් තියෙන්නේ. මේ මහාචාර්යතුමන්ලා අර අධ්‍යක්ශක තුමන්ලට තිබෙන ලොකුම ප්‍රශ්නය මේක වහන්නේ නැතුව නතර කරගන්න……….උදේ ඉඳන් රෑ වෙනකම් මට කෝල් එනවා ඇමැතිතුමා කොහොම හරි මේක බේරුම් කරලා දෙන්න, අපි වැඩ කරන්නම්….. “
(කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතා )
ඇත්ත වශයෙන්ම මහාචාර්යවරුන්ට නම් මෙතනදි ප්‍රශ්නයක් නැත. ඔවුන්ට රැකියාවක් ඇත. මේක වසාදැමීමෙන් මහාචාර්‍යවරු හෙට පාරට වැටෙන්නේද නැත. ලෝකයේ බොහෝ රටවල ඔවුනට අතිවිශාල වැටුප් සහිතව රැකියා වෙන්වී පවතී. මෙතනදි ප්‍රශ්නයක් ඇතිවන්නේ අහිංසක ගොවීන්ට හා මෙහි සේවාවන් ගන්නා ජනතාවටයි. පසුගිය ආන්ඩූ වලින් හරියට කළේ නැති නිසයි ජනතාව මේ ආන්ඩුව ගෙනාවේ, නමුත් පසුගිය ආන්ඩූ කොහොමහරි මේක පවත්වාගෙන ආවත් මේ ආන්ඩූව විසින් පොරොන්දු කඩකිරීම් කරමින් සිටියි. ඒනිසා ලාල් කාන්ත ඇමතිවරයා දැනගත යුතු වන්නේ මේ ආයතනය වසා නොදමා රැකගැනීම මහාචාර්‍යවරුන්ගේ ලොකුම ප්‍රශ්නය නොව පොරොන්දු පිට පොරොන්දු ලබාදී බලයට පැමිනි මේ රජය සතු විශාල වගකීමක් බවයි.
අනිත් අතට ලාල් කාන්ත ඇමතිවරයා කියන පරිදි මේ පසු අස්වනු කළමනාකරණ ආයතන වලින් සොයාගනු ලබන තාක්ෂණ සහ නව ක්‍රමවේද මේ ආයතනයේ සිටින අයම ජනතාව අතරට ගෙනයාමද ඔවුනට පමනක් කලහැකි දෙයක් නොව එය වඩාත්ම රජයේ වගකීමකි. රජයට කෘෂිකර්මය පිලිබඳ අමාත්‍යංශයක්ද ඒ යටතේ විවිධ ආයතන, ගොවිජනසේවා ආයතන සහ ගම් මට්ටම දක්වා සංවර්ධන නිලධාරීන් සිටින්නේ මේවා ගමට සහ ජනතාව අතරට ගෙනයාමට නොවේද?
කෘෂි ආර්ථිකය රැකගැනීමේ වැදගත්කම.

https://i.ytimg.com/vi/avAk1O9-qKI/hqdefault.jpg
ඈත අතීතයේ සිටම පැවැති කෘෂිආර්ථිකය මකා දමා වෙනත් විකල්ප වෙත යාමට ශක්තියක් කොහෙත්ම නැති බවනම් ඉතාම පැහැදිලි කරුණකි. ආර්තිකමය වශයෙන් බංකොලොත් භාවයෙන් මිදී යන්තම් පණ බේරාගත් අපිට කාර්මීකරණය වැනි නව මාවතකට පිවිසීමට තවම ශක්තියක් නොමැත. එබැවින් කළයුතුම ක්‍රියාවවන්නේ, උපතින්ම අපට හිමි කෘෂිආර්තිකය තවදුරටත් රැකගැනීමට පියවර ගැනීමයි. එය අභාවයටයාම වළක්වා එයට නවජීවයක් ලබාදෙමින් ඉදිරියට සංවර්ධනය කිරීමයි. එබැවින් කෘෂිකර්මයට සම්බන්ධ සෑම අංශයක්ම සංවර්ධනය කළයුතුව ඇත. මෙම ආයාතනයේ සංවර්ධනය මිස ඈවරකිරීම, හෝ වසා දැමීම කිසිවිටකත් නොකළයුතු දෙයකි. උමං සහිත නියර කපාදමා නැවත නවනියරක් ලෙස සාදාගත යුතුය. නැතහොත් ජලය කාන්දුවීම සිදුවී වගාව පාලුවී යයි. මහා වැව් බැම්මේ කුඩා සිදුරක් ඇති වුවහොත් සිදු වන්නේ කුමක්ද? ජනකතාවකට අනුව කලාවැවේ වැව් බැම්මේ කුඩා සිදුරක් ඇතිවීම නිසා සිදුවීමට ගිය මහා විනාශය ගැන අපි අසා ඇ ත්තෙමු. එය වළක්වා ගත් ආකාරයටම මෙම කරණයේ දීද ක්‍රියාකළ යුතු වන්නේමය .
පසු අස්වනු ආයතනය මගින් වසරකට රුපියල් මිලියන 32 ක් ඉතිරිකර දෙනවා.
මහාචාර්ය රෝහිත ප්‍රසන්ත-සභාපති(NIPHM)

https://www.pdn.ac.lk/wp-content/uploads/2024/12/media_1711551650149.png
වසා දැමීම හෝ ඈවර කිරීම වෙනුවට රැකගැනීම.
පසු අස්වනු තාක්ෂණ ආයතණය වසා දැමීමද, වැව් බැම්මේ කුඩා සිදුරක් ඇති කිරීමකට සමාන කළ හැකිය. මෙහි පූර්වාදර්ශ යෙන් ඊළඟට වසා දමන හෝ ඈවර කරණ ආයතණය කුමක්ද? වී අලෙවි මණ්ඩලය ද, බෝග පර්යේෂන ආයතනයක්ද , සත්ව නිෂ්පාදන ආයතණයක්ද, ලෙස කුමක්ද යන්න කෙසේවෙතත්, මෙයනම් ආරම්භයක් වන බවනම් ප්‍රකාශකළ හැකිය . මෙම වසාදැමීමේ රෝගය කොවිඩ් වෛරසය මෙන් පැතිරීයාම සිදුවිය හැකිය. UNP රජයක් මෙය කළානම් JVP ය එයට විරුද්ධ වී පාරට බැස එය නතර කරන්නේමය. පොහොට්ටු රජයකින් මෙය කලානම් JVP ය එයට විරුද්ධ වී නතර කරන්නේමය. නමුත් වැටත් නියරත් දෙකම ගොයම් කනවිට කරන්නේ කුමක්ද ?
ජනතා කාර්යයභාරය.
සතුරන් යැයි සිතාසිටි පිරිස් පවා නොකළ දේවල් ගැලවුම් කරුවන් කරණකල, ජනතාවට කළයුතු කාර්යය භාරයක් ඇත්තේමය. එයනම්, වසර ගණනාවක් ගොස් ආපසු හැරී අපෝයි අපෝයි කීමනම් නොවේමය. නැවත ආපසු හැරවිය නොහැකි දෙයක් සිදුවීම බලාගෙන ඇස් කන් පියාගෙන සිටීමද නොවේමය. මේ මොහොතේ හෝ වඩාත් වැදගත් වන්නේ දැනුවත් වීමය. වඩාත් දැනුවත් වීමය. ඒ දැනුවත් වීමට අනුව තරාතිරම, පාට, කුලය, ගෝත්‍රය, පක්ශය නොබලා සිදුකරන ඕනෑම අකටයුතුකම් වලට එරෙහි වීමය. අද දවසේ කළ යුතුම වඩාත් උත්තුංග කාර්යය නම් එයමය.

ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)
One Comment