කඳුකන පන්සල්..!
ලංකාවේ මිනිසුන්ට නිර්වාණයට යන්න කලින් පාරිසරික සාක්ෂරතාව උගන්නන්න ඕනි. මොකද දන්නවාද උන් එකෙක් නිවනට යන්නේ මෙහේ පවුල් පිටින් හැඳිගාගෙන.

මේ ඩයල් එක දවසක් මන්දාරම් නුවර පැත්තේ ඇවිත් හරි ලස්සන පරිසෑරේ අපේ අම්මාගේ අත්තම්මාගේ උපන් ගම් පලාතත් මන්දාරම් නුවර කියලා පෝස්ටුවක් දාලා තිබුනා. මං ඒ පෝස්ටුව දැකලා කොමෙන්ටුවක් දැම්මා මන්දාරම් නුවර කාගේ ගම්පලාත උනත් කමක් නෑ කොහේ හරි උස කන්දක් හොයාගෙන පන්සලක් එහෙම අටවනවා නෙවෙයි කියලා. බුවා මට කොමෙන්ටුවක් දාලා තිබ්බා, පුලාන් දෙයක් කරන්න තැනක් බලලා තියෙන්නේ කියලා.
අධිසංවේදී පරිසර පද්ධතිය.
ඒකට මං කොමෙන්ටුවක් දැම්මා මන්දාරම් නුවර කියන්නේ අධි සංවේදි පරිසර පද්ධතියක්, ඒවගේ කඳු කැලෑ එලි කරලා පන්සල් හදන එක කරන්න දෙන්නේ නෑ අපි. ඒක පාරිසරිකවත් සංස්කෘතිකවත් ඉතාමත් චාටර් වැඩක් කියලා. අනේ අම්මේ ඒකට මට දාලා තිබුන කොමෙන්ටු ඉන්බොක්ස් හරහත් බැනලා තිබ්බා කිහිපදෙනෙක්. මං දෙවිදත් අල්ට්‍රා ප්‍රෝ ලයින් එකේ ඒ ටිකේ. දායක සබාවත් මුන්දෑගේ හොඳටම කුලප්පු උනා. මං දන්නේ නෑ ඒ හදන්න ගිය පන්සල හැදුවද නැතිද කියලා. සුවර් එකටම අඩුම කන්දක මුල් ගලක් හරි තියලා ඇති.
මේ පාර සිදුවුන ව්‍යසනයෙන් මන්දාරම්නුවර මතුරට කැටයාපතන එලමුල්ල වලපනේ හේවාහැට හොඳටම හාන්සියි. නිකන් හිතන්න ස්වාභාවික පරිසර පද්ධතියක තිබුන පාංශු ස්ථරයක් කපලා කොන්ක්‍රීට් වලින් මොකක් හරි අටවලා ඒ පැත්තේත් මොකක් හරි අටමගලයක් හදලා තිබ්බානම්
මේ ව්‍යසනයත් එක්ක මිනිස්සු තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා. ඔච්චර හාස්කම් ආරක්ෂාවක් තියෙන්නම් පන්සල් එහෙනම් ඉතිරිවෙලා අනිත්වා විතරක් නාය යන්න එපැයි. පන්සල්ම කොච්චර ණාය ගියාද? පල්ලි කොච්චර කැඩුනද? ඒ නිසා මේ සුගතියට යන්න හරි ලස්සනට තියෙන කැලැටික විනාශ කරලා ඒවගේ පාරිසරික සමතුලිතතාව කඩලා කඳු පාත් කරලා පන්සල් හදන්න ගන්න එපා. දැන් අහන්න එපා එහෙනම් පල්ලි හදන්නේ කියලා. ඒවත් එපා. මොකද ඔයාලා තනියෙන් නිවන් යන්න ගම් පිටින් අහින්සක පවුල් පිටින් බිලි දෙන්න එපා. මේ අහිංසක ආයාචනයක්. අලුතෙන් කැලයක් සුද්ද කරලා මොකක් හරි චෛත්‍යක් හැදුවම මේ ඔක්කොටම කලින් නිවන් යන්න අරකට යන්න මේකට යන්න පුලුවන්නම් දුටුගැමුණුලා, ධාතුසේනලා. මහසේනලා කඳුකරයේ අහස උසට හදපු චෛත්‍ය වැහි වැහැලා තියෙන්න එපැයි. ඒ කාලේවත් මේ කඳු පන්තීන් වලට අතක් නොතිබ්බේ මේන්න මේ හේතු නිසා.
තරහා වෙන්න එපා. එක එක ළපයි සිපයි ගං කබරයොන්ට කිසිම පාරිසරික වාර්තාවකින් තොරව නැවත කිසිම කන්ඳක් උඩ අධි සංවේදි පාරිසරික කලාපවල ආගමික ස්ථාන තියා පැත්ත පාලාතක පස් පාගන්න දෙන්න එපා. ඒ වගේම දැනට කඳු උඩ හදලා තියෙන. ජලාශ රක්ෂිතවල, අභයභූමී ආශ්‍රිතව හදලා තියෙන සියලුම ආගමික ස්ථානවල පාරිසරික තක්සේරු වාර්තාවන් අරගෙන අධිසංවේදි ස්ථානවල එහෙම ඒවා ඇතොත් කරුණාකර ඒවා නියාමනයට අණපණත් ගේන්න.
මොකද මිනිස්සු මරනින් පස්සේ අල්ලා ළගට හරි ශිව ළගට හරි ස්වර්ගයට හරි නිවන් යන්න හරි මේ දැනට තියෙන පල්ලි, පන්සල් කෝවිල් හොඳටෝම ඇති..
ඔය මල්වතු අස්ගිරි, අභයගිරි, ශ්‍යමෝපාලි, අමරපුර මහවුන්නාසේලාගෙන් ඉල්ලා සිටින්නේ අනේ කරුණාකර පරිසර සාක්ෂරතාවයට මුල් තැන දීලා චූටි කුක්කෝ පැටව් බැඳගන්න.
එහෙම නැතිවුනොත් ලංකාවේ මිනිසුන්ට නිවනට යනකොට ** ත් නැතිව තමා යන්න වෙන්නේ.
ධනුෂ්ක බණ්ඩාර නුවරගෙදර.
(මුහුණූ පොතෙන් උපුටාගැනීමකි)
