මුහුණු-The Faces…

වේදිකා නට්‍යයකරැවෙකුගේ පුතෙකු මට මුනගැසිනි. නැරඹිමට සුදුසු දේශිය නාට්‍යයන් කිහිපයක නම් මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. මා දෙස මද වෙලාවක් නිහඩව බලාසිටි ඔහු WhatsApp කරන්නම් කියා මා හට පැවසුවේය. එදින සවස නාට්‍යන් කිහිපයක් WhatsApp කර තිබුනි. හැම නාට්‍යයකම පෝස්ටරයකට යටින් දිග අදෝනාවක් ලියා තිබුනි. සැම අදෝනාවක් අවසන It’s not up to the taste but you can mange it වැනි අදහසක් ලියා තිබුනි. රස නැහැ ඒත් කන්න පුලුවන් යනු ඒ අදෝනාවල කෙටි අදහසයි.
above image source_https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d3/Medusa_by_Carvaggio.jpg/330px-Medusa_by_Carvaggio.jpg
සිරිලංකාවේ වේදිකා නාට්‍යය ප්‍රහසන රසයක නැවති ඇතැයි සිතිම වැරදි සහගතවේ. ඇත්තටම සිදුවි තිබෙන්නේ සිරිලංකාවේ වේදිකා නාට්‍යය standing joke එකක් බවට පත්විමයි. joke එක යනු masochist පිරිමි අශිෂ්ටත්වයේ නිපැයුමක් වේ. යමෙකු හට දැනුමට එල්ලිගත නොහැකිව ඔහුව ලිස්සා වැටිම නිසා joke එකක් පහලවන බව Lacan පවසයි. අනෙකාට දර්ශනයවිම පිනිස දැනුමෙන් ලිස්සා වැටෙන්නා ඉන් masochist වින්දනයක් ලබයි.
මිනිස් ජිවිතයක් joke එකක් වන්නේ නැත.
කිසිම ජිවිතයක් joke එකක් වන්නේ නැත.
සමාජය තුල ඉහවහා පැතිරි ඇතිරි joke විම සහ joke කිරිම masochist අශිෂ්ඨත්වයේ ලක්ෂණයක් බව අප විසින් තේරැම්ගත යුතුව තිබේ. මෙය සිරිලංකාව තුල ක්‍රියාත්මක වන අර්ථික රටාව නිසා ඇතිවු තත්වයක් වේ. පකිස්තානයේ ලොරි සිරිලංකාවේ බස්රථ සේම හැඩවැඩ කරන බව ඔබට සිහිපත්කරවන අතර පාකිස්තානයේ වේදිකා නාට්‍යය කලාවද සිරිලංකාවේ මෙන් standup joke බවට පත්වි ඇති බව මම ඔබහට මතක්කර දෙමි.
නාට්‍යය කරැගේ පුතා මා දෙස බලාගෙන කල්පනා කෙරැවේ මන්දැයි දැන් මා හට වැටහේ. 90 දශකයට පසු සිරිලංකාව තුල යම් දෙයක් ස්ථිර ලෙසම වෙනස්වි ඇත. එම වෙනස මා නොදන්නා බව නාට්‍යය කරැගේ පුතා දනී. එදවස ඔහුත් මාත් හමුවු ලොව තව දුරටත් නොපවතින බව මා හට පැවසිමට ශක්තියක් ඔහුට නොතිබු නිසා ඔහු මා දෙස බලාගෙන කල්පනා කලේය.
එකල අපට අමතක නොවන මුහුනක් තිබුනි. ඒ Medusa ගේ මුහුණයි. British Council එකේ පොත් වලින් දුටු Medusa ගේ මුහුන දුර ගමනක් අපව කැටුව ගියාය. මේ කාලයේදිම නලිං ද සිල්වාගේ මුහුන සිරිලංකාවේ සමාජය තුලින් මතුවි ආ අතර ඇතම් ගැමි තරැණයන් නලිංගේ මුහුන මත නැගි ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටටයට ගොස් ඒ මත මුත්‍රා කර යලි සිරිලංකා දුපතට පැමිණිමට සමත්වුහ. ඔවුන් දැක්වු මේ හාස්කම් නිසා සිරිලංකාව ඔවුන්ටම බාරවුනි. ඒ ගැන කිසිදු ඉරිසියාවක් මා තුල නැත. අද අප දකින්නේ ඔවුන් සැදු සිරිලංකා සමාජයයි. ඔබ තවමත් ජිවත්වන්නේ සිරිලංකාව් සිට Karl Marx මෙන්ම Hegel ගේ පශ්චාත් භාගයට පයින් ගැසිමට සමත්වු Ceylon ඇන්ඩ්‍රොමිඩා බෝයිස්ලා සැදු සිරිලංකාවක බව ඔබ සිහිතබා ගතයුතුය. එවන් ලොවක වේදිකා නාට්‍යය මෙලෙස stand on joke එකක් බවට පත්විම සිදුවිය යුතුමය.
නලිංගේ මුහුනට ප්‍රේම කර Hegel ගේ පස්සට පයින් ගැසු සිරිලංකාවේ ජාතිවාදි පිරිමින්ව ජාතික සම්පතක් ලෙස සැලකිම අහවර වුයේ ගෝඨා රට default කිරිම නිසාය. Karl Marx ට මෙන්ම Hegel ගේ පද්චාත් භාගයට සිරිලංකා දුපතේ සිට පයින් ගැසු පිරිමින් නිසා සිරිලංකාව default වි ලෝකය තුල තුච්ඡ රටක් බවට පත්වුයේ ඇයිදැයි යන ප්‍රශ්ණය දැන් අප හමුවේ පවති.

image source_https://adaderanaenglish.s3.amazonaws.com/1378345683nalin3.jpg
ඇත්තටම මොවුන් වැඩ්ඩෝද යන ප්‍රශ්ණය අප හමුවේ පවති.
කෙසේවෙතත් අදවන විට Medusa ගේ මුහුණට ප්‍රේමකල පිරිස නිහඩවි ඇත. එනිසා රට බල්ලටම ගොස් ඇත. මේ post එක බොහෝදෙනෙකු සොරෙන් සැගවි බියෙන් කියවන බව මම දනිමි. නමුත් මා හට අවශ්‍යව ඇත්තේ ඒ කාලකන්නින්ට ආමන්ත්‍රණය කිරිමට නොව සිරිලංකාවේ නවයොවුන් තරැණ පරපුරට ආමන්ත්‍රණය කිරිමටයි. සිරිලංකාවේ වයස 20-35 අතර තරැණ ප්‍රජාව මෙතරම් මුඩු හිස් මිනිසුන් බවට පත්වේවියැයි මා කිසිදා සිතුවේ නැත. සිරිලංකාවේ වයස 20-35 අතර තරැණ ප්‍රජාව දැක මම කම්පනයට පත්වි සිටිමි. බඩජහරිකමට restaurant වලින් කැමයි විලාසිතා ඇදම් ඇදිමයි හැර තවත් වෙනස් භාවමය කලාපයක් තරැණ තරැණියන් තුල පැවතිය යුතු බව මම තදින් විශ්වාස කරමි.
එකල මා සිරිලංකාවේ සිටියදි විශ්වවිද්‍යාලයකට ගිය කාලකන්නියෙකු මාගේ නිවසේ මාගේ කාමරයට පැමිණියේය. බටහිර චික්තනයට එරෙහිව ජාතික චින්තනයක අවශ්‍යතාවය ඔහු මා හට පැහැදිලි කලේය. බටහිර නැගෙනහිර වෙන්වන්නේ කුමන අක්ෂාංශ තුලදැයි මම ඔහුගෙන් විමසිමි. මා වැනි මොඩල් විශ්වවිද්‍යාලය තුල මිට කලින් දැක ඇති බව පැවසු ඔහු මා සමග උරණ වි යන්නට ගියේය. ඇත්තටම මා විමසුයේ කැත්තට පොල්ල වැනි ප්‍රශ්ණයක් නොවේය. මා විමසුයේ එකල මා සිත තුල කැකෑරෙමින් තිබු ප්‍රශ්ණයක් වේ. පසු තලෙන ඔහු Facebook පිස්සන් කොටුවේ ලියන දේවල් දැකිමෙන් මේ පොල් ගොබ්බයාට එදා තද වුයේ ඔහුගේ මුග්ධකම නිසා බව මා හට පසක්විය.
ඇත්තටම මා එදා මේ ජාතිකචින්තන ගොබ්බයාගෙන් ඇසුවේ ඉතාම නිවැරිදි සහ හරයක් සහිත ප්‍රශ්ණයක්වේ. පෘථිවිය මත චින්තනයේ බටහිර නැගෙනහිර වෙන්වන අක්ෂාංශ වැටි ඇත්තේ ඇනටෝලියාව මත බව එදා මාගේ අවබෝධය වු අතර එහි සාවද්‍යය නිරවද්‍යය බව පිරික්සිමට මම ඔහුගෙන් එම ප්‍රශ්ණය විමසුවෙමි. ඇනටෝලියාව මත ලොව බටහිර නැගෙනහිර වෙන්වනවාය යන මතය මා තුල එදා ඇතිවුයේ Medusa ගේ මුහුණ නිසාය. සිරිලංකාවේ ගංකබරයෙකු වු මාව ඇනටෝලියා පෙදෙසෙහි වු Hittite ශිෂ්ඨාචාරය කරා රැගෙන ගියේ Medusa ගේ මුහුනයි. Caravaggio විසින් ඇදි Medusa ගේ මුහුණයි.
Medusa ගේ මුහුන දෙස බලාසිටි Sigmund Freud ඒ පිලිබදව කදිම ලිපියක් ලියුවේය. Medusa ගේ මුහුන දෙස බලාසිටි Virginia Woolf පියාගේත් මාමාගේත් සහෝදරයින්ගෙත් ආශාවන් වලට මැදිවු නුතන Antigone ලා පිලිබදව A Room of One’s Own ‘ නමින් රචනාවක් ලියුවාය. අපගේ අම්මාලාගේ පරම්පරාව ආශාවෙන් කියවු Anna Karenina ලිවිමට මුල්වුයේද Medusa මුහුණයි. ඇයි එතකොට Emma Bovary ? එතකොට Vanity Fair ? Cleopatra රැජිනගේ love story එක ?
ඒ විතරක්ද එතකොට Lady Macbeth ?
Lady Macbeth චරිතයක් විදිහට පෝෂණය වුයේ Medusa ගේ මුහන නිසයි. Macbeth වේදිකා නාට්‍යය අප අදත් රසවිදිනව. Macbeth කියන්නෙ තුප්පහි stand on comedy එකක් නොවේය. අපට Medus ගේ මුහන මගහැරැන විට සිදුවන්නේ වේදිකාව මත තිබිය යුතු භාවමය ස්වරැපය මගහැරියාමයි. එවිට වේදිකා නාට්‍යය තුප්පහි stand on comedy බවට පත්වෙනව. එවිට වේදිකාව පමණක් නොව ඒවා බලන්න යන ඔබවත් joke එකක් වෙනව. මෙම තත්වයට හේතුව ප්‍රවිණ වේදිකා නලුවන් මියයාම නිසා නාට්‍යය රංගනය සදහා අද වෘත්තිය නොවන නලු බටිල්ලන් යොදාගැනිම බව නාට්‍යයකරැගේ පුතා මා සමග පැවසුවත් හේතුව එය නොවන බව මම දනිමි. ඉබාගාතේ අනෙකාව අනුකරණය කරන හිස් මුඩු joke සමාජයක් බිහිවිම මෙයට හේතුව බව මම 100% ක්ම ඉදුරා දනිමි.
නාට්‍යය කලාව සහ සාහිත්‍යයට පමණක් නොව එදිනෙදා ජිවිතයේ අපගේ සිතුම් පැතුම් පිටුපස Medusa ගේ සැගවී මුහුන පව‍්තින බව අද සිරිලංකාවේ දන්නේ කියෙන් කිදෙනාද? සිරිලංකාවේ නවයොවුන් පරපුර දැක මම බියට පත්විමි. ලොව බටහිර හෝ නැගෙනහිර කුමන තැනක ඔබ උපත ලැබුවත් අපගේ සිතුම් විලාශය තුල අප කව්රැත් මුහුන දෙන එක් සංධිස්ථානයක් Medusa ගේ මුහුන තුල ප්‍රකාශිතවේ. මෙය බටහිර හෝ නැගෙනහිර හෝ චින්තනයක් පිලිබද බොරැවට බලෙන් ඇතිකරගත් ප්‍රශ්ණයක් නොව මෙය මිනිස් චින්තනයේ ස්වභාවයයි. මිනස් චින්තනය තුල Medusa අපට හමුවිම ජිවන ධර්මතාවයක් වේ. ජිවිතය තුල එය මගහැර යා නොහැක. එනිසා එය කලින් දැක දැන සිටිම ජිවින ගමන යන ඔබ කාටත් යම් පහසුවක් අත්කරදේ.
මා මේ ආමන්ත්‍රණය කරන්නෙ නරි මොල වලින් සුප් හදල බිව්ව තක්කඩින්ට නොව සිරිලංකාවේ වයස 20-35 අතර තරැණ පරපුරටයි. ඔබ තුල නලිං ද සිල්වාගේ මුහුන තැනපත්වි තිබෙනු ඇත. එහෙත් පොඩි ඉඩක් Medusa ගේ මුහුනටත් වෙන්කිරිමට ඔබ තවමත් ප්‍රමාද නැත. . බකපණ්ඩිතකම් පිරිමියෙකුට යම් අලංකාරයක් එක්කරන බව සැබැය. නමුත් ඔබ තුල basic literature නැතිනම් ඔබ නිල් බාල්දියක් හලාගත් සිවෙලෙකු බව ඔබ සිහිතබා ගතයුතුය. ඔබ නිසා අනෙකාට මෙන්ම සමාජයටද හානියක් සිදුවිය හැක.
2022 දි සිරිලංකාව default වුයේ එවන් නරි රැලක් නිසාය.
නලිංද සිල්වාගේ මුහුනට ඔබ තුල ඉඩක් වෙන්කරනවානම් Medusa ගේ මුහුනටද ඔබ තුල ඉඩක් වෙන්කරන්න අද සිතාගන්න. එනම් බක පණ්ඩිතකම මෙන්ම යම් basic literature ප්‍රමාණයක් ඔබ තුල රදවාගැනිමට සැලකිලිමත් වන්න.
රැ වැටුන වලේ දවල් වැටිය යුතු නැත.
(ජනා චාමින්ගේ මුනුණු පොතෙනි)