
අපේ රටේ රාජ්යනයකයන් හම්බන්තොට, පොළොන්නරුව, සහ තඹුත්තේගම වැනිපරණ හත්පතුවලින්ම පහළවන්නේ ඇයි?
image sources-https://www.shutterstock.com/editorial/image-editorial/N1z9cf23M8j3Q3z0NTY4MQ==/sri-lankan-president-mahinda-rajapaksa-arrives-his-440nw-7710544l.jpg and-https://images.deccanherald.com/deccanherald%2F2024-09-23%2Fe58jxzun%2FSri_Lanka_President__3_.jpg?rect=0%2C0%2C1588%2C2117 and-https://mawbima.lk/wp-content/uploads/2024/06/1-10.gif
ලංකාවේ රාජ්‍ය නායකයො පත්වෙන්නෙ එක්කො ගිරුවාපත්තුවෙන් නැත්තං පොළොන්නරු පුලතිසි පුරෙන් නැත්තං අනුරාධපුර පැත්තෙ වැව්බැඳි රාජධානියකින්. මෙයාලා බොහොමයක්ම ගොවියා පුතුන් වන අතර නිතැතින්ම කුඹූරේ ගොයමේ හරකාබාන සමග ගැවසුන “අපේ කෙනෙක්”ලෙසද උත්කර්ශයට නංවයි.
කොළඹින් හො නාගරික සමාජයේ කෙනෙක්ට රටේ රාජ්‍ය නායකයා වෙන්න ලේසි නැත. හේතුව රටේ නායකකමට චන්දෙ ඉල්ලන නාගරිකයෙකුට මේ රටේ මිනිස්සු චන්දෙ නොදීමයි.
රාජ්‍ය නායකකමට චන්දෙ ඉල්ලලා දිනපු නගරෙ මිනිහෙක් ඉන්නවා නම් ඔහු රෙද්ද බැනියමට, සරමට බැහැලා ගැමියෙක් ලෙස වෙස්වලාගෙන ඇවිත් මහජනයා අන්දපු කෙනෙක්.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRv4nZZoWwWC12oS7hRpyuj83s4Db1uanxTyg&s
මේ සංතිතියට හේතුව අපේ රටේ මිනිස්සු හිතාන ඉන්නෙ රට ගොඩනගන ක්‍රමේ තියෙන්නෙ පරණ විදියට අටුකොටු පුරවන සහ වැව් හාරවන අපේ විදියේ අතීත ක්‍රමවේදයක් තුලබවයි. ඇත්තටම ඒ මිත්‍යාව තුල ඉඳී ගැලී සිටිමින් අන්ත දුප්පත්භාවයේම පෙලෙමින් එම පීඩාවම, දුකම ආගමිකව ගනිමින් ඉතාම දුක්ඛිත ජීවිත ගතකරනවා මිස එයින් එලියට ඒමට හෝ ඒවායින් එලියට ඒමට මේ දූපත සමග පිටතින් කුමක් හෝ සම්බන්ධ කිරීමට මෙකී ජහමනයාගේ ඇති ඇලජික් භාවය කිසිදා අවසන් වන එකකුත් නොවේ.
ඒකට නායකත්වය දෙන්න නායකයින් වීමට සුදුස්සන් වන්නේ පරණ රාජධානි වල ඉපදුන, ගැමි ගතිකයන් සහිත නරපතියන් යැයි අපේ ජහමනයා සිතයි. නිතරම රජෙක් වැනි උඩුරැවුල ඇති පොළොව ඉඹීන ආගම ජාතිය ගැනම කථාකරන අයෙකු තම නායකයා කරගැනීමට
ලෝකය සමඟ ඒකාබද්ධව ගෝළීය ආර්ථිකයකට ලංකාව සම්බන්ද කරමින් මේ පුංචි දූපත ලෝක සිතියම තුල යාවත්කාලීන කිරීමට හදන රාජ්‍ය නායකයන් අපේ ජනතාවට අනුව රට පාවා දෙන්නෝ වෙයි. එයට හේතුවද කොච්චර බංකොලොත් උනද අපේ රටේ ලෝකෙටම වඩා මොකද්දෝ මහා වටිනා දෙයක් අපේ රටේ තියෙන බව සහ එය ඩැහැගන්නට ලෝකයම බලා සිටින බවට ලංකාවේ මුල් බැසගත් පසුගාමී අදහස් පද්ධතියක් මුල් බස තිබීමයි.
ඔවුන්ව එනම් එවැනි නායකයින් බටහිර හෙන්චයියන් ලෙස හංවඩුද ගැසේ. තවද එසේ බාහිරින් එන ආයෝජකයින් සහ විවිධ වෙළඳ ගිවිසුම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලෙසද මව්බිම අනතුරේ වැටීමක් ලෙසද මේ ජහමනයා සිතයි.
එහෙව් ජනතාවට සදා සම්මුඛ වන්නේ තකට තක ජනතා නායකයින් ය.
ඇත්තනම්, හැත්තෑ වසර ගණනක ශාපය මෙයයි. මෙය හැත්තෑ හයකින් නතර නොවේ අසූවරක් අනූවසරක්..සීයක්.. . දිගටම පුනරාවර්තනය වෙමින් හතර අතට ගඳගස්සමින් එකතැන පල්වෙයි..

ප්‍රියශාන්ත රාජපක්ෂ.
( අධ්‍යයන කවය)
” 89-සහෝදරත්වය”

1 thought on “අපේ රටේ නායකයින් පත්වෙන හැටි..!”