පර්සි මහේන්ද්‍ර පුනරාගමණය..!
-Priyashantha Rajapaksha

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTwYxJwakv3UnP5K0a7tjt5Znm_
CPWswlnrZ_4scx7H3XtMbifq_VBuL34jUDyXzKSrXlg&usqp=CAU
දේශපාලන ලෝකය තුල මේ චින්තනයේ නියමුවා බණ්ඩාරනායක. ඔහු තමා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා බලවේගයක් හැටියට සිංහල බෞද්ධයා පේලි ගස්සලා සිංහල භාශාවටත් මුල් තැන දීලා සියරටදේ සිරිසැපදේ කියලා රට ඇතුලෙන්ම සියල්ල විසඳගන්න හැකියාව අපිට තියෙනවා කියලා මේක සිංහල බෞද්ධ දේශයක් හටියට හිටෙව්වෙ. පසුව ඒක නැවතවතාවක් අඬබෙර ගහලා තමන්ගෙම වර්ශන් එකකට මහපොලොවේ හිටෙව්වෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ. එතනදි මහින්ද රාජපක්ෂට උතුරේ වර්ගවාදී යුද්ධය සංහාරයකින් ඉවර කරපු රජෙක්ගේ භූමිකාවටත් ඇන්ඳා. මහින්ද චින්තනය නැගලම ගියෙත් ඊට පස්සේ.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/
cdn.lankadeepa.lk/assets/uploads/image_8c0935e2fd.jpg
තව ටිකක් බාල විදියට අනුරලා කරගහගෙන යන්නෙත් ඒ චින්තනය මිස වෙන කිසිවක් නෙවෙයි. පොඩි වෙනසක් තියෙනවා වගේ අපිට පේන්නෙ ඔවුන්ට ගැලවෙන්ට බැරි අයි.එම්. එෆ්. ෆ්‍රෝගෑම් එක නිසා. අයි.එම්.එෆ් ප්‍රෝග්‍රෑම් එක නොතිබෙන්න මෙයාලා නවතින්නෙ කොහෙද කියලවත් කාටවත් අනුමාන කරන්නත් බැරි තරම්.
දූපත්වාසී සංදර්ශන.
වාර්ශිකව බිලියන ගනනින් ලංකා රාජ්‍යයට පාඩු පිට පාඩු ගේන ශ්‍රී ලංකා ගුවන් සේවය විදේශ ආයෝජකයෙකුට නොදී බංකොලොත් රාජ්‍යයේ බාන්ඩාගාරෙ සල්ලි වලින් පරන ගුවන් යානා ගෙන්වන දූපත්වාදී සංදර්ශන යනු පර්සි මහේන්ද්‍රගෙ මිහින් එයාර් චින්තනයේම පුනරාගමනය විදියට තමා අපිට විග්‍රහ කරගන්ට වෙන්නෙ.
කඩදාසි නිශ්පාදන තාක්ෂණයේ පැරණි සහ ප්‍රාථමිකම මට්ටමක පවතින වාලච්චේනේ සිරිමගේ කඩදාසි පැක්ටෙරියට ආපහු මුදල් පොම්ප කිරීම අපිට තේරුම් ගන්න වෙන්නෙත් වීරවංශ දූපත් චින්තනයේම පුනරාගමනයක් විදියටයි. මොකද ඒකාලෙ කඩදාසි කම්හල් වලින් කඩදාසි නිෂ්පාදනය කරපු විදියට වඩා ලෝකය ගොඩාක් දුර ගිහිං. ඊට අවශ්‍ය නිෂ්පාදනයට ගැලපෙන යන්ත්‍ර සූත්‍ර පවා දැන් ඩිජිටල් කොම්පියුටරයිස් කරපු නවමාදිලියේ යන්ත්‍ර සූත්‍ර. මේවායින් කඩදාසි නිපදවන්නෙ නැතිව පරණ තාලෙට දැන් නිපදවලා මාකට් එකක් ගන්න බෑ ඒවාට. අවසානයේ වෙන්නේ සේවක පඩි පවා රජයේ වියදමින්ම නඩත්තු කරගෙන යන්න තමයි. එහෙම නැත්නම් විශාල ආයෝජන සඳහා විතරයි මේ වගේ නිෂ්පාදන වලින් ගොඩ යන්න පුලුවන්, හැබැයි ඒවත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා ආසියාවෙ අනිකුත් රටවල් වලටත් අලෙවි කලොත් විතරයි.

https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/06/sunil-handun-valachchanai.jpg
පොදුවේ ගත්තම බන්ඩාරනායකලගේ, මහින්දලගෙ, අනුරලගේ, සමස්ත චින්තනය ම හැදිලා තියෙන්නේ ලාංකීය ජාතිකවාදී දූපත් චින්තනය සහ අසාර්ථක සෝවියට් සම්පකාර චින්තනය යන දෙකේම අඩු වැඩි එකතුවකින්. ඒ ඇරෙන්න පිටින් ගාපු සායම් මිසක් වෙන දියුණු මොකවත් ඒකේ ඇතුලේ නෑ.
ඒ කෙසේ වෙතත් “මහේන්ද්‍ර ප්‍රසාදිනී” ගෞරව නාමය අනුරට දෙන්න පුලුවන් හොඳම ගෞරව නාමය විදියට දකින එකේ වරදකුත් නෑ. මොකද මේ දූපත් චින්තනය සඳහා මහින්ද ඇරෙන්න ලංකාවේ මෑත යුගයකයදී ආදර්ශයට ගන්න පුළුවන් වෙන චරිතෙකුත් නෑ.
ප්‍රියශාන්ත රාජපක්ශ.
(අධ්‍යයන කවය)


2 Comments