මැදපෙරදිග ටොයියො සහ අපේ බයියො..!

image source-https://c.files.bbci.co.uk/16DEB/production/_109557639_gettyimages-1167204816.jpg
ලංකාවේ බය්යො කුමේණි වෙනුවෙන් පෙලපාලි යති. කුමේනි බලයට පමිණීදා පටන් කුවේනිවාදයේ එල්ලී එහි මහානුභාව සම්පන්න බවක් ඇතැයි සිතති. ඒ අනුව කුමේනි පාලනය වෙනුවෙන් කොන්දේසි විරසකව පෙනී සිටීමට උත්සාහ දරති. මේ ලාංකීය බයියන් හසිරෙන්නේ ඒ ආකාරයෙනි. නමුත් මැදපෙරදිග කලාපයේම ඇති ආගමික මූලධර්මවාදයෙන් ගැලවෙමින් සහ ලිබරල් ශිෂ්ඨකරනය දෙසට යමින් සිටින රටවල් කුමේණිවාදය පිළිකුල් කරති. එහෙත් ලංකාවේ බයියන්ට අවශ්‍ය වී ඇත්තේ මැදපෙරදිග රටවල් දිගටම මේ පවතින ආගමික මූලධර්මවාදයන් තුල ගිල්වා තිබෙනු දැකීමට මිස ඒවා නූතන ලෝකයේ පාලන ක්‍රමවලට අනුගත වීමට නොවේ.
වෙනකක් තබා සෞදියේ පාලකයන් සිය කැමැත්තෙන්ම මෙතෙක් ප්‍රවේණියෙන් රජ පවුලට හිමිව තිබූ ඒකාධිපති මූලධර්මවාදී මුක්තිය ඉවත්කරගනිමින් සහ රටේ පාලනතන්ත්‍රය ප්රජාතන්ත්රවාදය දෙසට රැගෙන යමින් සිටී. සෞදි රජපවුල පවා ලෝකයේ පවතින සහ වෙනස් වෙමින් යන රටාවන් ගන සවිඥ්ඥාණක වෙමින් ඇත.
එසේම සෞදිය, කටාර් වැනි රටවල් මූලධර්මවාදී ත්රස්තයන් ගැවසෙන රටවල්වලට වීසා පවා නිකුත් නොකරයි.
මැදපෙරදිග කලාපය දියුණු ලෝකයට රැගෙන යා නොහැකි ප්‍රධානම බාධාව එහිම ඇති පසුගාමී සමාජ මූලයන්ගෙන් ඇදී එන ආගමික මූලධර්මවාදයම බව සෞදිය, කටාර් වැනි රටවල්වල වෙසෙන බුද්දිමත් දේශපාලන නායකයන් දනිති. එහෙත් පවතින දරුනු පාලන රටාව බිඳ දමා ඒ රටවල් ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුවන් තුලට ගෙනැඑමට ඒ රටවල් වල ජනතාවගෙන් ඒ ටරටවල බුද්ධිමත් දේශපාලකයින්ට අවශ්‍ය සහයෝගය ලැබෙනවාදැයි සක සහිතය.
පසුගිය සමයේ ඉරානයේ ස්ත්රීවාදීහූ මාෂා අමීන්ගේ මරණයට එරෙහිව කුමේණි සහ ඔහුගේ පුරුෂෝත්තම මූලධර්මවාදයට එරෙහිව අභීතව නැගීසිටියා අපට මතකය.( පසුව ඒ නැගිටීම් රහසෙන්ම කෘර ලෙස චප්පකර දැමින) නමුත් ලංකාවේ බයියන්හට මේ සිදුවන අමානුශික සිදුවීම් ගැන මෙලෝ දැනුමක් හෝ අවබෝධයක් නොමැත.

image source-https://image.cnbcfm.com/api/v1/image/107123490-1663938696613-gettyimages-1243387458-AFP_32JR9ZT.jpeg?v=1720506551
ඉරානය තුලම වෙසෙන ප්රගතිශීලීන් කුමේණිට එරෙහිවෙද්දී ලාංකීය බයියන් කුමේණි වෙනුවෙන් මෙහෙ පෙලපාලි යති. එය එක් අතකින් ලාංකීය බයියන්ගේ ඉරණම් සහගත අපේක්ශාවන් වන අතර වසර සිය ගණනක් පුරා රජකෙනෙක් යටතේ නරපනුවන් ලෙස ජීවත්වීමෙන් කොඳු කඩුනු පරම්පරා ගණනාවක් පසුකොට නිවට කම සහ බයාදු බව ජාන වශයෙන් උරුම කොටගත් ජාතියකට එවන් අධිපති පීඩනයක් ජීවත් වීම සඳහා ස්ව කැමැත්තෙන්ම තෝරා ගනීමේ ආශාවැතිවියන්හැක. එවිට තවත් රටක නායකයෙක් අසීමිත බලයක් සහිතව ජනයා පීඩනයට පත්කරන විට එම පාලකයින් සුවිසල් චරිත බවට පෙනීයාමේ හකියාවක්ද මේ ලාංකීය බයියන් සතුව ඇති බවද කිවයුතුය.


One Comment