|

ඈන් ෆ්‍රෑන්ක් සැඟවී ලියූ හැටි..!

මියගිය මිනිසුන්ට තමයි ජිවත්වෙන මිනිසුන්ට වඩා මල් පො‌කුරැ හම්බවෙන්නෙ. ඒ‌කට හේතුව සන්තෝ‌ෂයට වඩා ගැඹුරැ තැනකින් තමයි සිතකට සංතාපය එන්නෙ  – Anne Frank-

මෙවැනි දින පොතක් ලියන්නේ කෙසේද.

සංවේදනා මැදුරක සිරවි සිටි ලමයෙකුට කොහො‌මද මෙවැනි අදහසක් එයාගේ සිතට පහලවෙන්නෙ? කම්හලක ගබඩාවක උඩුමහලේ වසර 2 ක් සිරවී හිදමින් ජනේලයෙන් පහත වීථි වල වෘකයන් මෙන් තුවක්කු අමෝ‌රා ගො‌දුරැ පසුපස හඹායන සො‌ල්දාදුවන් දෙස බලාගෙන කෙසේද කුඩා ගැහැණු ලමයෙකු මෙවැනි වැකි දිනපො‌තේ ලියන්නෙ – ” අනුන්ට පරිත්‍යාග කිරිම තුලින් මෙලො‌ව කිසිවෙකු දුප්පතෙකු බවට පත්වීනැත.”  මිනීමස් කැම සිදුවු ලෝ‌කයුද්ධයේදි  අදුරැ කුටියක සැඟවී ජනේලයෙන් පහත බලා ගැහැණු ලමයෙකු මෙසේ ලියන්නේ කො‌හො‌මද ” මො‌නව සිදුවුනත් සියලුම මිනිසුන් හදවත ඇ‌තුලෙන් හො‌දයි කියල මම සිතනව. ” 

අවුරැදු 13 දි උපන්දිනයට Anne Frank ඉල්ලාගත් තැග්ගකින්  ඒ‌ ලමයා ලෝ‌කය වෙනස් කරනව. හැබැයි සිරිලංකාව වෙනස්වුනාද කියන්න මා දන්නෙ නැහැ හේතුව කෙල්ලෙක් සමග floor එකක හරියට steps වලට dance කරන්න දන්නෙ නැති සිරිලංකා දුපතේ කලිසම් අදින ගංකබර පිරිමින් අති බහුතරයක් Anne Frank ගේ දිනපො‌ත කියවල නැහැ. මේ ගංකබරයො‌ teenage සමයේදි කියවල තියෙන්නෙ නලිං ද සිල්වාගේ “මගේ ලෝ‌කය”  පො‌තය. එවැනි වපරිත අතිතයක් අදටත් ඔබවටා හො‌ල්මන් කරනවා ඇ‌ත. අතිතය සැමදා අප සමගයි. 

සමාන්‍යය teenage කො‌ල්ලෙකුගේ ලෝ‌කය පිරැණේ කෙල්ලන්ගේ ආ‌දරයෙන් සහ කැසට් පිටිවල සිංදු වලින් සහ නැන්දලා මාමලා අපට තැගිදෙන classical books වලින් සහ සෙසු ගංජා සුස්ති අරක්කු වල සිට ඉදිරියට තිබෙන දේවල් වලින්ය. සිංදු ඇ‌සිම නිසා අපි ආ‌දරය කල amplifier ගැන මම විටින් විට Facebook එකේ post දමමි එහෙත් එකම එකම පිරිමියයි comment කරල තියෙන්නෙ ඔහු ආ‌දරය කල amplifier ගැන. ඒ‌ Viraj Dhanushka Rajahansa ය. ඒ‌ නිසයි මා කියන්නෙ බහුතරයක් පිරිමින් ජිවිතය තුල රගපැවට ඔවුන් cynical. සාමාන්‍යය නැහැ. එයට හේතුව දුපතක් තුල පිරිමියෙකුට දරාගත නො‌හැකි post-colonial capitalism. 

ඈන් ෆෑන්ක්ගේ දිනපොත.

” ගෙයි පිලිකන්නේ Anne Frank ”  යනුවෙන් නෙදර්ලන්ත පුවත්පතක් මේ ගැහැණු ලමයාගේ දිනපො‌ත ගැන හෙලිකිරිමක් සිදුකර එය පො‌තක් ලෙස ප්‍රකාශයට පත්කිරිම සුදුසුයැයි ලිපියක් කුඩා ලිපියක් පලකල අතර අදවනවිට භාෂා 60 කට ඇ‌යගේ දිනපො‌ත පරිවර්තනය වි ඇ‌ත. එහෙත් නලිං ගේ මගේ ලෝ‌කය කියවු සහ Anne Frank ගේ දිනපො‌ත නො‌කියවු පිරිමින් සිරිලංකාව තුල තවමත් මට දුරකතනය හරහා හමුවේ. රැසියාවේ Moscow නගරයේ සිට ඇ‌මෙරිකාවේ cowboys ලා දුවන  Austin නගරයටත් එතැනින් දකුණු ඇ‌මෙරිකාවේ ආ‌ර්ජෙන්ටිනාවේ Buenos Aires නගරයටත් එතැනින් අප්‍රිකාවේ Johannesburg නගරයත් Anne ගේ දිනපො‌ත පිලිබද සංචාරයක ප්‍රදර්ශනයක් ලො‌වවටා ප්‍රදර්ශනය කෙරිනි.

80 දශකයේදි මේ ප්‍රදර්ශනයකට සහභාගිවු සිරිලංකාවේ ගැහැණියක් මාහට Nelson Mandela අවුරැදු 15 මේ ගැහැණු ලමයා ගැන කල කතාවක් ගැන කීවාය. මට තියෙන ප්‍රශ්ණය බහුතරයක් සිරිලංකාවේ ගංකබරයන්ට පො‌ත් සහ දැනුම දිල තියෙන්නෙ පිරිමින් විසින් මට හම්බවුන දෙයක් හම්බවෙලා තියෙන්නෙම ගැහැණුන් නිසා.  මේක අසාමාන්‍යය තත්වයක් ලෙසයි හැදැරැ දෙඩුම්ශිල්පින් පාදඩයන් පවසන්නේ. නමුත් මේක නෙමෙයි අසාමාන්‍යය . පිරිමියෙකු තව පිරිමියෙකු පස්සේ යාමයි අසාමාන්‍යය. සාමාන්‍යයෙන් මහපාරට වැටුනු ඔනෙම කො‌ල්ලෙක් දන්නව කො‌ල්ලො‌ යන්නෙ ගැහැණු පස්සේ බව . හා නැද්ද? 

විජේවිරගෙන් පසු සිරිලංකාවේ දේශපාලනය hijack කල කලිසම් අදින පිරිමි ගො‌බ්බයො‌ රැලට  ස්ත්‍රිය අහම්බයක්විම / ස්ත්‍රිය විරලවිම / ස්ත්‍රිය අයාසයකින් ලබාගත යුතුවිම නිසා පිරිමින් පස්සේ පිරිමින් යාම තවමත් මෙසේ දිගටම සිදුවෙනවා වියහැක. excess එකක්  සො‌යා යන්නා පල් තක්කඩි පිරිමින්ය තවත් පිරිමියෙකුගේ පස්සේ යන්නෙ. සමාන්‍යය කො‌ල්ලෙකු යන්නෙ ගැහැණියක් පසුපසය.

කරුණාවන්තකම පරිත්‍යාගයක් ලෙස.

රහසිගතම තැන් තමයි කවදාහරි ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. Anne සැගවි සිටි කුටිය ඒ‌ක museum එකක් දැන්. මාගේ පුද්ගලික උපදේශය නම් Hitler ගේ Nazi මිනිමරැවන්ට බියේ පණ ගැහෙමින් Anne සහ ඇ‌යගේ පවුල සැගවිසිටි කුටිය කෙනෙකු නැරඹිය යුත්තේ Auschwitz ඝාතනාගාරය නැරඹිමෙන් පසුවයි. ඔබ Amsterdam නගරයට යන්නේ කහෙල් දල්ලේ පාට ඇ‌ති ගංජා සො‌යා වියහැක. සමහරවිට ඔබ Van Gogh  ගේ  museum එකට යනවා වියහැක. Anne ගේ දිනපො‌ත ගැන හො‌ද ඉංග්‍රිසි පරිවර්තනයක් කියවා ඇ‌යගේ කුටියටත් යන්න. ඇ‌ය වටා සිටිනා සියලුදෙනාවම දිනෙන් දින මරාදමද්දි ඇ‌ය තමන්ගේ දිනපො‌තේ  ” පරිත්‍යාග කිරිමට කිසිදෙයක් ඔබ සතුව නැතැයි ඔබට කිසිදා කිවනො‌හැක. කරැණාවන්තකම ඔබට පරිත්‍යාග කලහැකියි” යනුවෙන් ලිව්වේ මේ කුටියේ සිටයි. 

(ඈන් සැඟවී සිටි ඇම්ස්ටඩෑම් හි ගොඩනැගිල්ල)
https://i23.delachieve.com/image/fa046cab53c51198.jpg

අවබෝ‌ධ කරගතයුතු වටිනාම දෙයනම් දෙඩුම්ශිල්පි පාදඩයන් මෙන් ඇ‌ය ලෝ‌කෙට පෙනෙන්න මේවා  ලිව්වේ නැත. දිනපො‌තේ මෙවැනිම දහසක් දේ ලියාතබා ලියා ඇ‌ය දිනපො‌ත සගවා තැබීය. සිරිලංකාවට මැකදි වැළදුන  බො‌රැ සෝ‌බන පො‌ත් ලිවිමේ වලිප්පුව ගැන දැන් ඔබට ඇ‌ත්තටම ලැජ්ජා සිතෙන්නෙ නැද්ද? ඔබ අවංකද?  ඔබ සාමාන්‍යයද ? 

තමාසමග එකට දුක්විද මියගිය මිනිසෙකුගේ මස් කැමට මිනිසෙකට පුලුවන් වන්නේ ඉවසාගත නො‌හැකි කුසගින්න නිසාය. මිනිමස් කැම සිදුවු Auschwitz Anne වධකාගාරයට නිරැවතින්  යුදෙව්වන් ඇ‌විදගිය මාවතේ  මව් පියන්ගෙන් වෙන්වී නිරැවතින් ඇ‌විදගෙන යාමට මේ ගැහැණු ලමයාටත් සිදුවෙනවා. Anne ව එතැනින් ජර්මනියේ Begen Belsen කදවුරට මාරැකෙරෙනවා. සමවසයේ පාසැල් මිතුරියක් ඇ‌යට හමුවෙනවා මේ වධකාගාරයේදි. දෙදනා බදාගෙන ප්‍රිති වෙනවා. පසුව තමයි දෙදෙනාම ඇ‌ඩීමට පටන්ගන්නෙ. Nazi හමුදාව අල්ලාගෙන යාමට කලින් Anne ලිව්වෙත් දිනපො‌තේ ඒ‌කම තමයි – සන්තෝ‌ෂයට වඩා ගැඹුරැ තැනකින් තමයි සිතකට සංතාපය එන්නෙ. 

(this show the interior of the secret annex where Anne Frank was hiding)

ඈන්ගේ සමුගැනීම.

Anne මියයාමට කලින් දවසේ සිහිනයෙන් දකිනව තමන්ගේ පවුලේ අය සමග ගබඩාවේ උඩ කාමරයක සැගවි ජිවත්වු සැටි. පසුවදා Anne ව හමුවිමට එන මිතුරියට Anne ගේ මුහුණ දැකිමෙන් අවබෝ‌ධ වෙනවා මෙතෙක් දුර ජිවත් වෙමින් අනෙකාව ජිවත්කිරිමට Anne ගත් උත්සාහය අද ඇ‌යගෙන් ගිලිහී ඇ‌තිබව. තවදුරටත් ශරිරයට දරාගත නො‌හැකි වේදනාව නිසා Anne අවුරැදු 15 දි Nazi වධකාගාරයකදි මියයනව.

ඕක තමයි  පාසැල් තුරැණුවියේදි කැසට් පට සමගින් අපට හමුවන පවුලෙන් වලින් ලැබෙන Anne ගේ කතාව. නමුත් අපි පාසැලෙන් පසුව අසාමාන්‍යය ආ‌ශාවන් ඇ‌ති පිම්පියෙකු සේ දේශපාලන හැදැරිම් පංති යන්නේ නැතුව සාමාන්‍යය ගංකබරයින් වන අප මහපාරට බහිනව. මහපාරේදි මෙවැනි සිතක් මට පහලවෙනව –  ” Anne වෙනුවෙන් සිරිලංකාවේ අක්ක කෙනෙක් අඩනව. මේ අක්ක විතරක් නෙමෙයි ලෝ‌කෙම ගැහැණු පිරිමි Anne වෙනුවෙන් අඩනව.  ඊයෙ TV එකේ ප්‍රවෘත්ති වලට පෙන්වපු Sarajevo නගරයේදි මිටි වලින් ඔලුවට ගහල මරපු ලමයි ගැන මේ එකෙක්වත් අඩන්නෙ නෑනෙ. මේක බ්‍රහ්මකෙලියකනේ යකෝ‌. හේතුව මො‌කක්ද? ” 

ටික කාලයක් යනව මට හේතුව සො‌යාගන්න. අකරැ තමයි හේතුව. ගලපල අකුරැ ලියන්න බැරි ලමයින්ව මරා දැමුවට අඩන්න එක බල්ලෙක්වත් නැහැ. අකුරැ capita එක සමග සම්බන්ධයි. ඉතින් එදා ඉදන් මම Radical Leftist කෙනෙක් වෙනව. එදා ඉදන් ලියන දො‌ඩවන උන් දිහා මම බලන්නෙ වපර ඇ‌සින් lense එකක් දාලා. අකුරැ වලට  බලයක් තියෙනව. ඒ‌ක හරි ලෙහෙසියෙන් abuse කරන්න පුලුවන් පිරිමින්ට.

හැගීම්බර ශීත සැදෑව.

කලෙකට ඉහතදි දවසක්  Anne ගේ දිනපො‌තේ ඉතාලි පිරිවර්තනයක් ඉතාලියේ Milan නගරයේ කුඩා pt.Vanezia පුස්තකාලයේදි සිදුවුනා. ඒ‌ක බො‌හෝ‌ම හැගිම්බර ශිත සැදැවක් බවට පත්වුනා. සමහරැ ඇ‌ඩුවා. ආ‌සියාවේ එකෙකුට සිටියේ මා පමණක් නිසා මටත් දො‌ඩවන්න කිව්වා. Anne ගේ අකුරැවලින් එන  ආ‌ලෝ‌කය නිසා අදුරේ වැසිගිය දෙවන ලෝ‌ක යුද්ධයෙ අකුරැ ලියන්න දන්නෙ නැති Eastern Front එකේ ලමුන් ගැන මම කතාකලා.  ඒ‌ක අන්තිමට මුද්‍රිත අකුර සහ capita අතර සම්බන්ධය ගැන කතාවක් වුනා. බල්ලෙක්වත් මට අත්පුඩි ගැසුවේ නැත.

දෙඩිමත් ලිවිමත්  සෛ‌ද්ධාන්තිකව text එකක් ලෙස සැලකියහැක. text එකක power දෙවිධිහකට encore විම සිදුවේ. text එකකින් අප ලබාගන්නා බලය සහ text එකකින් අපව යටපත් කරවන බලය යනු ඒ‌ බල අකාර දෙකයි. දිප්ති කුමාරගේ text එකකින් symbolic father වචනය සො‌රාගන්නා ග්‍රාමීය රිලවෙකු සමාජය තුල use කරන්නේ text එකකින් ඔහු ලබාගන්නා බලයයි. විශේෂඥ වෛ‌ද්‍යය වරයෙකුගේ කියවාගත නො‌හැකි තුණ්ඩු කැබැල්ලකින් අතේතියාගෙන යද්දි එම රිලවාටම එල්ලවන්නේ text එක නිසා ඔහුවෙත එල්ලවන බලයයි. Anne මේකට සම්බන්ධ නැහැ. ඇ‌ය මුද්‍රණය කරන්න නෙමෙයි දිනපො‌ත ලිව්වෙ. ඇ‌ය දිනපො‌ත ගෙදර කාටත් හො‌රෙන් ලියල සගවල තිබ්බා.

තමන් ඉදිරිපස ඇ‌ති ලෝ‌කය ගරාවැටෙද්දි කුඩා ගැහැණු ලමයෙකු එම ලෝ‌කය හුණු බදාම පැලැස්තර දා පිලිසකර කිරිමට දැරැ උත්සාහයක් තමයි Anne ගේ දිනපො‌ත. කො‌හෙන්ද කුටියක සිරිවි සිටින ඇ‌යට හුණුබදාම? අතිතයේදි ඇ‌ය අහුලාගත් phallic කැබලි වලින් තමයි කඩාවැටෙන බිත්ති වල සිදුරැ පිරවිමට ඇ‌ය උත්සාහ ගත්තෙ. අතිතය යනු පාදඩයන් ඔබට දේශනාකරන ඉතිහාසය නො‌වේය. යමක අතිතය ඔබ විසින්ම සො‌යාගත යුතුය. ගො‌බ්බයන් ගො‌තා ඇ‌ති ඉතිහාසය මත ලිස්සල ගිහින් අතිතයේ හො‌ම්බ බිම ඇ‌ණිමේ අවධානමක් අප කාතුලත් ඇ‌ත. අතිතය යනු බො‌හෝ‌විට නො‌ලියවෙන නො‌දඩවන ප්‍රවේණියයි.

යුදෙව් සංහාරය ගැන.

symbolic father වචනය use කරන රිලවෙකුගෙන් ඒ‌ මො‌කක්ද කියා විමසුවිට එම රිලවා symbolic father ට උදාහරන ලෙස නලිංද සිල්වා දිප්ති කුමාර වැනි විවිධ පුද්ගල නාමයක් ඉදිරිපත් කරන්නේ රිලවාගේ ගො‌බ්බකම නිසාම නො‌ව රිලවාගේ අතීතයේ ඇ‌ති වැරැද්දක් නිසයි.  එනම් රිලවාට මේවා උගන්වන ප්‍රවේණියේ ඇ‌ති වැරැද්දයි. ඒ‌ විපරිත අතීත ප්‍රවේණිය කඩාවැටෙන්න ඉඩදෙන්නෙ නැතුව එකඑකාගේ පිටවල් කසාගනිමින් ඒ‌ක රැකගන්න උත්සාහකරන පාදඩයන් රැලක් තමයි සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්නෙ. ඔබ ජිවත්වන්නේ පලවන ලෝ‌ක යුද්ධයට හේතුව Franz Ferdinand කුමරුව මරාදැමිම බවට පාසැල්වල උගන්වන රටක බව සිහිතබාගෙනයි ඔබ පලස්තීන- ඊශ්‍රායල් ප්‍රශ්ණය දෙස බැලිය යුත්තේ.

නමුත් අතිතය අතිතයට අයත් නො‌වන දෙයක් බව අප සිහිතබා ගතයුතුයි. අපගේ අතිතය අද අප සමගයි. ජිවිතය යනු මතකයක්. අප දො‌ඩවන ඒ‌වා විකාරරැපි නම් අපගේ හැසිරිම් විධි විකාරරූපී නම් එයට හේතුව අපගේ අතිතය විකාරරූපී විමයි. 

Anne දිනපො‌තේ එකතැනක ලියනව – තනිකම ගැඹුරින්ම බලපාන්නෙ මහලු අයට නෙවේ තරැණ අයටයි. නමුත් අතිතය සැමවිටම ඔබ සමග බව Jacques Lacan පවසනව. Sigmund Freud ගේ අදහස් ටිකක් කැටිකරල මම මහෙම ලියන්නම් – ලස්සනට තියාගෙන ඉන්න සාලය නො‌වේ අප තුල වැඩකරන්නෙ ගෙයි පිලිකන්නයි අප තුල වැඩකරන්නෙ.

Jana Chamin.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *