
දේශීය යෙදුයුම් වලින් වගා කිරිම පහසු නැත. එයට දීර්ග කාලින සැලසුමක් අවශ්‍ය වේ. බොහෝ අය හිතන්නෙ රසායනික යෙදුයුම් වෙනුවට කාබනික යෙදුයුම් යේදිම පාරිසරික ගොව්තැන කියාය. ඒ නිසාම අපි කතා කරන පාරිසරික කෘෂිකර්මාන්තයට ගොවීන් මෙන්ම ආන්ඩුවද බයය. නමුත් පවතින අස්වැන්න ඉහල දෑමිමට පාරිසරික ගොව්තැනේ මූල ධර්ම අනුගමනය කල යුතු බව ජාත්‍යන්තර කෘෂි සංව්ධානය පවා පෙන්වා දෙයි. ඒ අනුව පාංශු සංරක්ෂන ය , පසට කාබනික යෙදුයුම් එක් කිරිම , හුලං බාධක ස්තාපිත කීරිම , කන්නයට වගා කීරිම , කෘෂි රසායන අවම ලෙස භාව්තය වැදගත් ය.
above image source-https://lh3.googleusercontent.com/proxy/ZQgAhyroIFiSVDhCUDAxFNyhdvNQ8xpDoujtW51HKFlndXC47ceEmolfZozDDbn266_NtLGgHxEweaQVnf2y1kQ0QsN87oBK1Ap3Q5JDDOg
මාතෘකාව වුයේ ගෝඨබය ජනාධ්පති ගේ එක රැයෙන් රසායනික යෙදුයුම් තහනම් කර , කෘෂි දෙපාර්තමේන්තුවට ඇඩ්රැස් නැති කිරිමය. අපේ කෘෂි නිළධාරින් රසායනික යෙදුයුම් නොමැතිව වගා කරන ක්‍රම වේද නොදනි. දැන් කාබනික පොහොර ගෙන්විමට අනුමැතිය දුන් ලේකම් වරයකු හිරේය. එය නිර්දේශ කල කැබිනට් ඇමති වරුද එයට වග කිවයුතු බව නීලධාරින් කියයි. මෙම කාබනික නාඩගම තුල බොහොමයක් ව්‍යපාරිකයන් ප්‍රමතියෙන් තොර කාබනික පොහොර ගොව්න්ට විකුනා ලාබ ගන්නට ඇත.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර 2019 පමන තබුත්තේගම ගොවීන් අමතමින් කිව්වෙ මේ රසායනික ගොවිතැන වෙතින් ගොවීන් ගැලවිය යුතුය කියලාය. එවකට හදුනානොගත් වකුගඩු රෝගය පිලිබදව හා පිලිකා රෝගය ඉහල යාම පිලිබදව බරපතල සාකාචාවක් සමාජයේ තිබුනි. මේ රෝග වලට සමහර වල් නාශක හා ප්‍රමිතියෙන් අඩු රසායනික පොහොර වල ඇති බැර ලෝහ බලපාන බවට සාක්ෂි තිබුනි. කොහමත් අනුර සහොදරයගේ අදහස වුයේ රසායනික පොහොර ක්‍රමානුකූලව 50 % ක් දක්වා අඩු කරමින් හා කාබනික යෙදුම් පසට එකතු කීරිමය. මෙයද පාරිසරික ගොවිතැනේ මූලික පියවරකි. අද වන ව්ට මේ පරිවර්තනය ගැන කතා කීරිමට පවා ආන්ඩුව බයය. කෘෂි දෙපාර්තමේන්තුව කිසි දිනක එවැනි නිර්දේශයක් නොදෙනු ඇත. එයට හේතුව ඔවුන් මෙම පුනර්ජනනිය කෘෂි ව්ෂය නොදන සීටිම වේ.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQDwWYSdwD7B5TLvLrir6RnwcTg5iBI6OfKQg&s
කාබනික මගඩියෙන් හොරා කෑ අය සොයන ලෙසම රසායනික පොහොර වලින් වී ඇති පරිසර හානිද සෞඛ්‍යය ගැටලුද සොයා ඒවා නිර්දේශ කරන අයටද නීතියෙන් කටයුතු කල යුතුය. නමුත් එය කිසි දිනක සිදු නොවනු ඇත.
ජනාධිතුමාට ගත හැකි එකම පියවර සහන ක්‍රමයකට කාබනික පොහොර ගොවීන්ට ලබා දි රසායනික පොහොර 50 % කින් අඩු කිරිමය . එයද පහසු නැත. නාමල් කරුනාරත්න හා පෙරටුගාමින් මෙයට අනිවාර්යයෙන්ම වීරුද්ධ වනු ඇත.
