නිදහසින් වසර 77කට පසුව…
(ශ්‍රි ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව)

ලයනල් බෝපගේ.
හඳුන්වාදීම.
නිදහසින් වසර 77 කට පසු ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වී තිබේ. අනුර කුමාර දිසානායකසහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) 2024 මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ, කලින් පැවති දූෂිත සහ අධිකාරිවාදී පවුල් වංශාවලියෙන් විතැන් වීමක් සනිටුහන් කරමිනි. මෙම ප්රතිඵලයපිළිබිඹු කරන්නේ වෙනසක් සඳහා ජන සහයෝගය බලමුළු ගැන්වූ 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයේ අභිලාෂයනුයි. අස්ථාවරත්වය වෙත ආපසු යෑමක් වැළැක්වීම සඳහා දිගු කාලීන ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යන අතර ජීවන වියදම,සේවා නියුක්තිය, සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය වැනි හදිසි සමාජ-ආර්ථික ගැටළු විසඳා ලීමේ අභියෝගයට NPP යදැන් මුහුණ පා සිටී.
above image source-https://bsmedia.business-standard.com/_media/bs/img/article/2025-02/04/full/1738651825-3817.jpg?im=FitAndFill=(826,465)
බලය තහවුරු කර ගැනීමට අතීත නායකයින් යලි යලිත් උත්සාහ කලේ වුවද, ප්රජාතන්ත්රවාදී මාවත් තුලින්අධිකාරවාදයට එරෙහි වීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව ඇත. 2022 අරගල ව්‍යාපාරය රාජ්‍ය මර්දනයට සාර්ථකලෙස එරෙහි වූ අතර මෑත මැතිවරණ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ලබා දී තිබෙන ප්‍රබල ජන වරමක් පෙන්නුම්කරයි. කෙසේ වෙතත්, දේශපාලන මෙහෙයුම්, බහුජන ප්‍රචාර කටයුතු සහ වේදිකා ගත කරන ප්රචණ්ඩත්වය මඟින්පැරණි පාලන තන්ත්රයේ නටබුන් යළි නැඟී සිටින්නට උත්සාහ කළ හැකිය. එබැවින්, මහජන සම්බන්ධතාවය දිගින් දිගටමපවත්වා ගැනීම තීරණාත්මක වේ. නව ආණ්ඩුව හා අභියෝගපළමු වරට පත් වූ මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවකින් ද, කාන්තා නියෝජනයේ මඳ වැඩි වීමකින් ද සමන්විත නවපාර්ලිමේන්තුව සැලකිය යුතු ලෙස වෙනස් ය.
දෙමළ බහුතරයක් වසන උතුරේ NPP ය ලැබූ මැතිවරණ ජයග්‍රහණය ජාතික සමගිය සඳහා පවතින කැමැත්ත දක්වාලයි. කෙසේ වෙතත්, ප්‍රධාන ජනවාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් NPP යදරන ස්ථාවරය පැහැදිලි නැත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ සාධාරණ පාලනයක් කෙරෙහි NPP ය කැපවී සිටියද, ෆෙඩරල් ක්‍රමයට සහ අතීත යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට එය විරුද්ධ වේ. නොකඩවාහමුදාව වෙත ප්‍රමුඛත්වය ලබ දීම සහ ආරක්ෂක අයවැය පිළිබඳව ආණ්ඩුව ගන්නා ප්‍රවේශය තවමත් ප්‍රකාශ කල යුතුවතිබෙන අතර එම ප්‍රවේශය සංහිඳියා ක්‍රියාවලියට තීරණාත්මක වනවා ඇත. ගෝලීය වශයෙන් ගත් විට, බොහෝ විට මුල් ඇද තිබෙන බල නිර්මිතයන් ගේ විරෝධතාවයන් ට ලක් වෙමින් ප්රගතිශීලීආණ්ඩු අති විශාල අභියෝගවලට මුහුණ දී ඇත. කොංගෝවේ පැට්රිස් ලුමුම්බා, ඉන්දුනීසියාවේ සුකර්නෝ සහ චිලියේසැල්වදෝර් අයියන්දේ වැනි ප්රගතිශීලී නායකයින් හා අදාල ඓතිහාසික සිදුවීම් ඉස්මතු කර දක්වන්නේ බාහිර හාඅභ්යන්තර විරෝධය පෑම් හමුවේ රැඩිකල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ඇති දුෂ්කරතාවයනුයි. එවැනි උගුල් මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව නායකත්වය මෙම ඓතිහාසික පාඩම්වලින් අත් දැකීම උකහා ගත යුතුය.
NPP යේ ජයග්‍රහණය වඩාත් ප්රජාතන්ත්රවාදී සහ සාධාරණ ශ්‍රී ලංකාවක් සඳහා පවතින බලාපොරොත්තුසලකුණු කරන නමුත් දිගු කාලීන ස්ථාවර බව සහතික කරන අතරතුර පොදු ජන අපේක්ෂාවන් ඉටු කර ලීම දුෂ්කරකටයුත්තක් ව පවතී. වඩා සමානාත්මතාවාදී අනාගතයක් කරා රට මෙහෙයවීමේ දී පොදු ජනතාවගේ නොකඩ සහභාගීත්වය, කාර්ය සාධක පාලනය සහ පරීක්ෂාකාරී දේශපාලන මෙහෙයවීම අතිශයින් වැදගත් වනවා ඇත.
ජනවරම සහ අනාගත විකාශනයන්කෙතරම් හොඳින් නව ආණ්ඩුව රටේ විවිධ ජනගහනයත් සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නේ ද, පාර්ශ්ව කරුවන් ගෙන්උපදෙස් ලබා ගන්නේ ද සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම වලට අනුගත වන්නේද යන්න මත ශ්‍රී ලංකාවේ අනාගතය රඳා
පවතියි. රට බංකොලොත් භාවයේ සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින නමුත් තවමත් එය ජාත්‍යන්තරමූල්‍ය බලපෑම යටතේ පවතී. පෙර පාලනයන් මෙන් නොව NPP ය අධික බලතල ඉල්ලා නොසිටින අතර ඒ වෙනුවට සමාජ-ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය ලබා දෙයි.ආණ්ඩුවේ Clean Sri Lanka (පිරිසුදු ශ්‍රී ලංකා) ආරම්භක වැඩසටහන ඉතා ආදරයෙන් පිළිගත යුතු වර්ධනයක් වේ. පාරිසරික, සමාජයීය සහ පාලනය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් පුළුල් වැඩසටහනක් මගින් ජාතිය
පරිණාමනය කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ අපේක්ෂා සහගත ඉලක්ක එය සතු වේ. එය නිසි අන්දමට ක්‍රියාත්මක කළහොත් ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමේ, පාරිසරික පවිත්‍රතාවය වැඩි දියුණු කිරීමේ, ඩිජිටල් ආර්ථිකයක්ගොඩනැගීමේ සහ යහපාලනය සහතික කිරීමේ හැකියාව එය සතුව තිබේ. පොදු අවකාශයන් නඩත්තු කිරීමේ දී, කසළකළමනාකරණය වැඩිදියුණු කිරීමේ දී සහ සමාජය පුරා සදාචාරාත්මක මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ දී ප්‍රජා සහභාගීත්වයේ ඇති වැදගත්කම මෙම මුලපිරීම අවධාරණය කරයි. තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් දෙසට රටේපරිණාමණීය වෙනසක් ප්‍රවර්ධනය කරවන Clean Sri Lanka වැඩ සටහන, ඇත්තෙන්ම නව වටිනාකම් හා ප්රතිපත්තිපද්ධතියක් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කප්පාදුව, විරෝධතා මර්දනය කිරීම සහ දේශපාලන අනුග්‍රහය විසින් ලකුණුකරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුල දී ඔහු ගමන් ගත් මාවත NPP ය හුදෙක් අනුගමනයකරමින් සිටින බවට විපක්ෂය කියා සිටියි. ඔහු තෝරා පත් කර නොගත් ජනාධිපතිවරයෙකු වූ අතර, ඔහුගේ පාලනයරාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අසමත් වූයේය; ආර්ථික දුෂ්කරතා උග්‍ර කරවා ලීය; දූෂණය ආවරණය
කලේය. ඔහුගේ ප්‍රතිපත්ති පාලක ප්‍රභූ පැලැන්තිය සඳහා සුඛෝපභෝගී වරප්‍රසාද පවත්වා ගෙන ගිය අතර, රැකියාඅහිමි කිරීම්වලට, පොදු ජන බර වැඩි කර ලන්නට, සහ පුද්ගලීකරණය කිරීමේ අසාර්ථක වූ උත්සාහයන්ට මඟ පෑදීය.
ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වය බෙහෙවින් විවාදාත්මක එකක් බවට පත් කරමින් ඔහුගේ පරිපාලනය මානවහිමිකම් යටපත් කල සහ දූෂණයට විසඳුම් සෙවීමට අසමත් වූ ප්‍රතිපත්ති ද ක්‍රියාවට නැංවීය.
ඊට වෙනස් අයුරින්, සමාජවාදී විප්ලවයකට වඩා ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයක් තුලින් NPP ආණ්ඩුව බලයට පත්වූයේය. අත්‍යවශ්‍ය සේවාවල පොදු අයිතිය පවත්වා ගෙන යන අතර NPP ආණ්ඩුව නියාමනය කල පුද්ගලික අංශයේවර්ධනයට, විදේශ ආයෝජනවලට සහ නිදහස් වෙළඳාමට සහයෝගය දෙයි. කෙසේ වෙතත්, NPP ය විසින් දෙන ලද
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කර දැමීම සහ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනිපොරොන්දු ඉටු කරනු ඇත්දැයි යන්න පිළිබඳ කනස්සල්ලන් ශේෂ ව පවතී. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිප්රතිසංස්කරණය කිරීම් පිළිබඳ සාකච්ඡාවන් පැවැත්වේ.අභියෝග සහ ප්‍රතිසංස්කරණ එහි ප්රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රය නොසලකා NPP ආණ්ඩුව සැලකිය යුතු බාධාවන්ට මුහුණ දෙමින් සිටියි. යුද
හමුදාව දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන්ට අයත් ඉඩම් තවදුරටත් අත්පත් කරගෙන සිටියි. එසේ වුවත්, අළුතෙන්පිහිටුවන ලද ජාතික සමගිය හා සංහිඳියා කොමිසම සාධනීය වර්ධනයක් වේ.
NPP ය දුප්පතුන් මත පනවා තිබෙන බදු බර අඩු කිරීමට, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් හි පොදු අයිතිය පවත්වා ගැනීමට සහ ආණ්ඩුවේ වියදම් පැහැදිලි කර දීමට බලා පොරොත්තු වෙයි. මූල්‍ය ස්ථාවරත්වය අත් කර ගැනීම සඳහාඅපනයන වැඩි කිරීමට, ආනයන අඩු කිරීමට සහ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට එය උත්සාහ දරයි. කෙසේ වෙතත්,
වගවීම බාර ගැනීමට ත්, විවේචකයින් නිහඬ කිරීමට ත් තීරණ ගැනීම විනිවිදභාවයෙන්යුක්තව සිදු කළ යුතුව ඇත. වෙනස්කොට සැලකීමේ ප්‍රතිපත්ති සහ ඇතැම් නිලධාරිවාදී භාවිතාවන් දිගටම පවත්වා ගෙන යෑම විසින් ක්‍රම වෙනසක් සඳහා
ආණ්ඩුවේ ඇති කැපවීම පිළිබඳව සැකයක් ද ඇති කරවා ලිය හැකිය.
NPP ඡන්දදායකයෝ දූෂණය තුරන් කරන, ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය කරන සහ වගවීම සහතික කරන පාලනආකෘතියක් අපේක්ෂා කරති. නිදහසින් පසු ඉතාමත් සාමකාමී මැතිවරණයක් පවත්වමින් නව පරිපාලනය සාම්ප්රදායිකදේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් බිඳී වෙන් වී ඇත. කෙසේ වෙතත්, විශේෂයෙන්ම මානව හිමිකම් සහ සුළුතරයේඅයිතිවාසිකම් සම්බන්ධයෙන් NPP ය දෙන ලද ප්‍රතිඥා සපුරා ක්‍රියාත්මක කිරීමට ඊට ඇති හැකියාව මගින් එහි කාර්යසාධනය විනිශ්චය කරනු ඇත. NPP ය විසින්ම නව ලිබරල්වාදයෙන් දුරස් වීමට උත්සාහ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලදකප්පාදු කිරීමේ පියවරවලට එය මුළුමණින් විරුද්ධ නොවේ. ආර්ථික කළමනාකරණය වැඩිදියුණු කරන අතරම මෙම කප්පාදුකිරීමේ පියවරවල බලපෑම අවම කිරීම කෙරෙහි එහි උපායමාර්ගය අවධානය යොමු කරයි. ආණ්ඩුව රාජ්‍ය මූල්යසීමාවන්ට අනුගත වීම ත් සමාජ සුබසාධනය සහතික කිරීම ත් අතර සමතුලිතතාව ක් ඇති කළ යුතුය. බදු ආදායම වැඩිකිරීම, වෙළෙඳ හිඟයන් කළමනාකරණය කිරීම සහ දූෂණය මැඬලීම, සමාජ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ තිරසාරසංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමේ දී තීරණාත්මක වනු ඇත.
ශ්‍රී ලංකාව සිය 77 වැනි නිදහස් සංවත්සරය සනිටුහන් කරන මේ අවස්ථාවේ, NPP ආණ්ඩුවේ සාර්ථකත්වය රඳා පවතිනුඇත්තේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවී සිටීමට ඊට ඇතිහැකියාව මතය. NPP ආණ්ඩුවට එය දෙන ලද පොරොන්දු ඉටු කර ජනතාවට සැබෑ ලෙසම සේවය කරන නව පාලන යුගයක් උදාකර දිය හැකිද යන්න, කාලය විසින් පමණක් තීරණය කරනවා ඇත.
ලයනල් බෝපගේ.