ජාතික ජන බලවේග ආණ්ඩුව සහ කාලෝචිත ලෙස ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම..!

ලයනල් බෝපගේ.
රට තුළ ඇති වන ගැටුම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, විසඳා ලීමත් සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව වඩාත් ක්‍රියාශීලී ප්‍රවේශයක් ගැටුම් ඇති වන්නට පෙරාතුව ගත යුතුය. මැයි 14 වන දින ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය පැවැත්විණි. එහි නායකයා ව්‍යාපාරයේ අරගලය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ඉතිහාසය මෙනෙහි කළේය. ඊට දින දෙකකට පසුව, කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවයක් විසුරුවා හැරීමට සහ මැඩ පැවැත්වීමට මැදිහත් වූ පොලිසිය, රෝහල් කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින් විරෝධතාවයට සහභාගී වූ අයගෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.
above image source-https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/05/1000120039-1024×682.jpg
උපාධිධාරීහු රජයේ බඳවා ගැනීමේ ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිර්දේශ කර තිබූ අන්දමට කුසලතා මත පදනම් වූ ක්‍රමයක් ඉල්ලා සිටියහ. මෙම විරෝධතාවය සංවිධානය කලේ ‘සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී සංගමය’ යි. ඕනෑම ආණ්ඩුවක් සමාජ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව වගකිව යුතු අතර, නව ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙය අතිශයින් ම වැදගත් විය යුතුය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ලද පෙර පැවති ආණ්ඩුව විසින් නීත්‍යානුකූල විසම්මුතිය සහ විරෝධතා මැඩපැවැත්වීම සඳහා යොදා ගන්නා ලද උපාය මාර්ග සහ උපක්රමයන් ම නව ආණ්ඩුව විසින් අනුගමනකරනු ලැබීම පිළිතුර නොවේ. අතීතයෙන් ඉගෙන ගත් පාඩම් අනුව යමින්, මෙම ගැටුමට තුඩු දුන් දුක්ගැනවිලි විසඳීම සඳහා NPP ය වඩා හොඳ ප්‍රවේශයක් අනුගමනය කළ යුතුව තිබුණි. අදාළ පාර්ශ්වයන් සමඟ කාලෝචිත අන්දමට සාකච්ඡා කිරීමෙන්, ගැටුම් ප්රචණ්ඩත්වය හා අවුල් සහගත තත්ත්වයක් දක්වා උත්සන්න වීම වළකා ගැනීමට ආණ්ඩුවට පුළුවණ. එවැනි ක්‍රියාවලියක් අනුගමනය කිරීම, ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී දුන් පොරොන්දු ඉටු කරන බවටත් සමාජය සුමට ව ක්‍රියාත්මක වන බවටත් සහතික කරනවා ඇත. ආරවුල් සාමකාමී ලෙසත් සාධාරණවත් විසඳීම සඳහා අවශ්‍ය රාමු පිහිටුවා ලීමෙන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය පවත්වා ගත යුතුය. පුද්ගලයන් සහ කණ්ඩායම් තමන්ම උදව් කර ගැනීමේ (self-help) හෝ නීතිය අතට ගැනීමේ පියවර ගැන විශ්වාසය තබනවාට වඩා නීත්‍යානුකූල නෛතික මාවත් තුලින් යුක්තිය ඉටු කර ගැනීම මෙයින් සහතික කෙරෙනවා ඇත. ඊට අමතරව, මැදිහත් වීමෙන් සහ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමෙන් ආණ්ඩුවට එකඟ නොවීම් සාමකාමී ව විසඳා ගන්නට උදව් කල හැකිය.
වටහා ගන්නා ලද අන්දමට හෝ සැබෑ ලෙසින් අයිතීන් උල්ලංඝනය කිරීම නිතිපතා ආරවුල් වලට මග පාදයි. කෙසේ වෙතත්, තීරණාත්මක අවස්ථාවල දී, දේශපාලන මැදිහත් වීම් වැළැක්වීමේ මුවාවෙන් පොලිස් බලකායන්ට සිය මෙහෙයුම්වල දී අධීක්ෂණයෙන් තොරව කටයුතු කරන්නට අවසර දීම මෙයින් ගම්‍ය නොවේ. යටත් විජිත පාලන කාලයේදී, ආරක්ෂක හමුදාවල මූලික අරමුණ වූයේ සමාජයේ ප්‍රභූ පැලැන්තියට එරෙහිව නැගෙන විසම්මුතිය සහ විරෝධතාවය මැඩ පැවැත්වීමයි.
ඔවුන්ගේ වගකීම පාලක පන්තියේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම විය. රටේ මෑතක වූ සිද්ධීන් සැලකිල්ලට ගත් විට, දේශපාලන විරෝධතාවට සහ විසම්මුතියට එරෙහිව යොදා ගන්නා ලද යටත් විජිත උපක්රමවලට අභියෝග කරන්නට NPP යට ඇති හැකියාව ප්‍රශ්නයට ලක් කර තිබේ. එපමණක් නොව, තමන් අකමැති ආණ්ඩුවක් අස්ථාවර කර පෙරලා දැමීමට ද ගැටුම් ආරම්භ කළ හැකිය. කෙසේ වෙතත්, NPP ය වැනි ආණ්ඩුවක වගකීම වන්නේ පුද්ගලයන්ගේත් ජන ප්‍රජාවන්ගේත් ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම යි. මෙම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා, ගැටුම් සාධාරණ අන්දමින් විසඳා ලිය යුතු වේ. එබැවින්, NPP ආණ්ඩුවට හුදෙක් අකර්මණ්‍ය ව සිටිමින්, ආරක්ෂක හමුදාවලට අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වන්නට ඉඩ දී බලා සිටිය නොහැකිය. ඊට අතිරේකව, ආණ්ඩුව විසින් වැදගත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම කල් දමා ඇති බව පෙනේ. පසුගිය මාස කිහිපය තුළ, NPP යේ දේශපාලන වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීම, විශේෂයෙන් 1977 දී J. R. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් UNP ආණ්ඩුව හා සංසන්දනය කල විට, ඵලදායිතාවය සහ කාර්යසාධකත්වය අතින් ඌණතාවයක් පෙන්නුම් කර ඇත.පාර්ලිමේන්තුවේ 5/6 ක බහුතරයක් අත්පත් කර ගැනීමෙන් පසුව, ඔහුගේ පරිපාලනය වැදගත් නීති රාශියක් ඉක්මණින් සම්මත කර ගෙන, ආණ්ඩුව පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අවලංගු කිරීම, නව ලිබරල් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සහ විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කල සහ එතැන් පටන් විසි වතාවකට වඩා සංශෝධනයට ලක් කල 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම ද ඒ අතර විය. මෙය, දූෂණය, නාස්තිය සහ අපොහොසත් පාලනය මැඩ ලීම සඳහා NPP ආණ්ඩුව දරන පරිශ්රමවල වැදගත්කම සැහැල්ලුවට ලක් කිරීමට ගන්නා උත්සාහයක් නොවේ.

කෙසේ වෙතත්, ආණ්ඩුව සහ එහි නායකයින්ට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ල කර තිබෙන බොහෝ චෝදනා කාර්යක්ෂම ලෙස ප්‍රතික්ෂේප කරන්නට ඔවුහු අසමත් ව තිබේ. නිදසුනක් ලෙස, බලයට පත්වීමෙන් පසු ආණ්ඩුව විසින් කරන ලද පත්වීම් කිහිපයක් NPP ය සිය මැතිවරණ ව්‍යාපාරයන් හිදී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මාලාවට පටහැනිව යන බව පෙනේ. රටේ ආර්ථිකය නැවතත් නරක අතට හැරුණ හොත් NPP ය අසාර්ථක වී ඇති බවක් පෙනෙනවා ඇත. NPP නායකයන් බොහෝ වැඩදායක උත්සාහයන් හි යෙදී තිබුණද, පාලක ප්‍රභූ පැලැන්තීන් සහ විවිධ ජාතිකවාදී දේශපාලන හා ආගමික බලවේග විසින් නිදහස ලැබූ දා සිට උග්‍ර තත්වයට පත් කරන ලද පෙර පැවති ගැටුම්, විශේෂයෙන් දිගටම පවතින ජාතික ප්රශ්නය විසඳීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කිරීම ඉතා වැදගත් වේ. විසඳා නොමැති ගැටුම් බොහෝ විට ආර්ථිකය කඩා කප්පල් කිරීමට මඟ පාදා ඇති අතර, ආරවුල් කඩිනමින් විසඳා ලීම ආර්ථික වර්ධනයටත් සංවර්ධනයටත් සහාය වන ස්ථිරසාර පරිසරයන් පෝෂණය කරයි.
මෙම ගැටළු විසඳීම මගින් සමාජ ඒකාබද්ධතාව සහ එක්සත්කම ප්‍රවර්ධනය කරනවා ඇත. සංවාදය දිරිමත් කිරීමෙන් සහ දුක්ගැනවිලි විසඳා ලීමෙන්, ආණ්ඩුවට දිවයිනේ වසන විවිධ ජන ප්රජාවන්ප්රදේශවල අරාජිකත්වය යලිත් මතු වීමේ අවදානමක් ඇත. අතර විශ්වාසය ගොඩ නංවන්නට සහ අනාගත සමාජ නොසන්සුන්තා තුනී කර ලන්නට සහාය විය හැකිය. ගැටුම් ඉක්මනින් විසඳා ලීම, ආණ්ඩුවට වඩා වාසිදායක වන අතර, එයින් සමාජය ලබන ප්‍රතිඵල වඩාත් ජනනාත්මක වනවා ඇත. සාමකාමී, නෛතික සහ සිවිල් කතිකා මගින් හැම දෙනාටම සාධාරණත්වය, යුක්තිය සහ සාමය අත්පත් කර ගැනීමට රටක “ජනතාවන්” එකතු වී කටයුතු කරන්නේ නම් එය ඉතා වැදගත් වනවා ඇත. සංග්‍රහගත කරන ලද නීති රීති මගින් අපේක්ෂා කල පරිදි සිද්ධීන් සිදු නොවන විට එය හැමවිටම ඛේදජනක වේ. එබැවින්, මෙම වාතාවරණයන් ආවරණය කිරීමටත්, ඵලදායී විසඳුම් සෙවීමේ මාවත් සකස් කිරීමටත් ඒ නීතිරීති සංශෝධනය කිරීම වඩාත් තර්කානුකූල වේ. ඒ නිසා, සාමය ආරක්ෂා කිරීමේ, මානව හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීමේ සහ සමාජයේ දියුණුව සමස්තයක් ලෙස සහතික කිරීම සදහා ආරවුල් කඩිනමින් විසඳා ලීමේ වගකීම NPP ආණ්ඩුව වෙත පැවරේ.

image source-https://i.ytimg.com/vi/NXOg8lSRhzE/maxresdefault.jpg
ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සැමරුම් උත්සවයේ ජනාධිපතිවරයා කල දේශනයේ දී “වැරදි පිළිගැනීමට තරම් අපි ශක්තිමත් වෙමු” යයි ඔහු ප්‍රකාශ කලේය. නැඟී එන සමාජ නොසන්සුන්කම් වලට මුහුණ දෙන්නටත්, ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා ‘ලස්සන ජීවිතයක් සහ සමෘද්ධිමත් රටක්’ බිහි කිරීමේ පොරොන්දුව ඉටු කිරීමටත් අවශ්‍ය ධෛර්යය සහ අධිෂ්ඨානය ජාතික ජන බලවේගය සතු වේවා යි අපි අවංකවම ප්‍රාර්ථනා කරමු. එසේ නොවුවහොත්, දිවයින පුරා වීදිවල සහ අවට ප්‍රදේශවල අරාජිකත්වය යලිත් මතු වීමේ අවදානමක් ඇත.
